නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට කොරෝනා ආසාදනය වූ රෝගීන් 583 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් 232ක් රෝහලෙන් පිටව ගොස් ඇත.
ඊයේ (07) දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 27 දෙනා අතර ඩුබායි සිට මෙරටට රැගෙන ආ ලාංකිකයෙක්ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.










