පසුගියදා ලන්ඩනයේ සිට පැමිණි ගුවන්යානයේ සිටි ලාංකිකයන් අතර සිටි පිරිසක් කටුනායක ගුවන්තොටේදී පහසුකම් ඉල්ලා කලහකාරී ලෙස හැසිරී තිබුණු අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුත්‍රයා එලෙස කලහකාරීව හැසිරී ඇති බවකි.
නමුත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව දැනගන්නට තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුත්‍රයා ලන්ඩනයේ බැරිස්ටර් නීති විභාගය සමත් වූවෙකි. ඔහු සිය උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් වසරේ අගෝස්තු 18 වැනි දිනය.
දැනට ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන බවද දැනගන්නට තිබේ.
මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිදු කළ අපහාසය සම්බන්ධයෙන් මේ වනවිට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එම පාර්ශ්වය පියවර ගනිමින් සිටින බවද දැනගන්නට ඇත.













