පවතින නීති යටතේ කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.










