නව බදු කිහිපයක් හදුන්වා දීමේ අදහස ඇතිව ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත වහා හකුලා ගැනීමට තීරණය කළ බව කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ පවසයි.Sri Lanka Latest News
බදු පැනවීමට එරෙහිව දැවැන්ත මහජන විරෝධතාවයක් පැන නැගී තිබුණු අතර, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් විසි දෙනෙකු පමණ මේ වන විටත් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බදු පනත් කෙටුම්පත පිළිබදව සාකච්ඡා කරමින් පැවති පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවෝ පසුගියදා පාර්ලිමේන්තු ගොඩ නැගිල්ලට ගිනි තැබුවේ ය.
කෙන්යානු ආර්ථිකය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සදහා නව බදු සංශෝධන රැසක් ගෙන ඒමට රජය සූදානම් විය.
ඒ අතර, වැට් බද්ද ඉහළ දැමීම, ආදායම් බදු ඉහළ දැමීම සහ නව බදු වර්ග කිහිපයක් හදුන්වා දීමද පැවතුණි.