සක්වල වැඩසටහන යටතේ අද (12) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 233 වන සුහුරු පන්ති කාමරය යාපනය කෝපායි නිර්වේලි අන්නියර් හින්දු විද්‍යාලයටත්, 234 වැන්න යාපනය වඩුක්කෝඩෙයි කරෙයිනගර් යාල්ටන් විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.
මීට අමතරව 88 වන බස් රථය යාපනය නඩුක්කෝඩෙයි කරායිනගර් යාල්ටන් විද්‍යාලයට පිරිනැමීමට නියමිතය.
විපක්ෂනායකවරයා යාපනයේ ගතරන සිව්වන දිනය අදය.









