• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්මන් ඛාන් ඝාතන කුමන්ත්‍රණය හෙළිවෙයි! ලංකාවත් ගෑවෙයි! Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉතා පටු මුහුද තීරයකින් පමණක් වෙන්ව තිබෙන ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබෙන සමීප සබඳතාව වසර දහස් ගණනක් පුරා දිවයන්නකි. බුදුන් වහන්සේගේ සමයේ සිට රාම රාවණා සමය දක්වාත්, එතැනින් අනතුරුව තවත් නොයෙකුත් යුග ගණනාවක් පුරාමත් මෙම සබඳතාවයේ මතක සටහන් ඇත. විශේෂයෙන්ම පසුකාලීනව දෙරට අතර ඇතිවුණු දේශපාලනික සහ සංස්කෘතික සබඳතා ගැනද ඉතා පුළුල් වූ ඉතිහාසයක් ඇත. එයටද පසුව දශක තුනකට (වසර 30කට) පමණ පෙරදී උද්ගත වුණු ශ්‍රී ලංකා දමිළ කොටි ත්‍රස්තවාදීන්ගේ අර්බුදයෙන්ද ඉන්දියාව මහත් සේ පීඩා විඳි අතර, කෙසේ හෝ ශ්‍රී ලංකාව එම වාර්ගික යුද්ධය දිනාගැනීමෙන් පසුව එම අර්බුදය යම් අයුරකින් සමනය වීමකට පත්විය. එහෙත් දමිළ කොටි අර්බුදයෙන් ඉන්දියාවේ සමහර ස්ථාන තවද පීඩා විඳිමින් ඇත. මෙයට අමතරව ඉන්දියාව ඉතා තදබල ලෙස අර්බුදයන්ට පත්වූයේ අන්තවාදී ඉස්ලාමික ත්‍රස්තයන්ගේ කුරිරු ක්‍රියාවන් හේතුවෙනි. එම වටපිටාවේදී පසුගියදා පළමු වතාවට අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ අලුතින් පුනර්ජීවනය වූ ISIS ඉස්ලාමික ත්‍රස්තයන්ගේ තර්ජනයකින් ඉන්දියාව පීඩා විඳීමය. ඉන්දියාවට කලකට පෙර සිට ඉන්දීය ISIS ත්‍රස්තයන්ගේ කුරිරු තර්ජනවලින් පීඩා විඳීමට සිදුවුවද, මෙම ශ්‍රී ලාංකීය කතාව අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එම කතාවෙන් ප්‍රකාශිත වූයේ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් කණ්ඩායමක් ඉන්දියාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේදී ඉන්දියාවේ ආරක්ෂක අංශ මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමය. (Sri Lanka Latest News)

අද ඔබට මෙසේ ශ්‍රී ලංකා – ඉන්දීය ඓතිහාසික වටපිටාවක් ගැන යමක් ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතුසාධක වූයේ කුමක්ද? එයද මෙයට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවෙන් අසන්නට ලැබුණු එක්තරා ත්‍රාසජනක තිගැස්සෙන කතාන්දරයකි. දවසින් දවස ඉන්දියාවෙන් අපූරු කතන්දර අසන්නට ලැබෙනවා යැයි පැවැසුවේ එහෙයිනි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය යනු ලෝකයේ රටවල් රාශියක්ම අතරින් අතිශය ඉහළ ස්ථානයක වැජඹෙන කර්මාන්තයකි. එහෙයින් මෙම කර්මාන්තය තුළ සිටින සිනමා ශිල්පීන්ද බොහෝ ප්‍රකට ධනවත් පිරිසක් වෙති. මෙයින්ද එම ධනවත් බවේ ඉහළින්ම සිටින්නේ එරට නළු නිළියන්ය. ඔවුන්ගේ ධනය සහ බලයද අසීමිතය. ඒ අනුව ඉන්දියාවේ අතිශය ඉහළ ස්ථානයක වැජඹෙන සිනමා රංගන ශිල්පියකු වන්නේ සල්මන් ඛාන්ය. ශ්‍රී ලාංකික රසිකයෝ අතිබහුතරයක්ද මොහු හොඳින් හඳුනති. ඒ බොහෝ විට ඔහුගේ සිනමා නිර්මාණ රසවිඳීමෙනි. ඉන්දියාවේ නම් ඔහුට ඇත්තේ අතිශය මහත් ජනප්‍රියත්වයකි. සමහර ඉන්දීය රසිකයන් ඔහුට වීරයකු ලෙස සලකන අතර, තවත් සමහරුන් ඔහුට දෙවියකු ලෙසද සලකයි. එසේ වන්නේ ඉන්දීය සිනමා රසිකත්වයේ හැටියටය. කෙසේ හෝ දැන් මේ ලිපිය කියවන ඔබට හිතෙනු ඇත්තේ මේ වෙලාවේ සල්මන් ඛාන් කෙනකු අවශ්‍ය වන්නේ මොන කෙංගෙඩියකටද කියාය.

ඉන්දීය සුපිරි සිනමා නළු සල්මන් ඛාන් හා අදාළව අසන්නට ලැබුණු මෙම වතගොතින් කියැවුණේ මෙම ප්‍රකට රංගන ශිල්පියා ඝාතනය කිරීම සඳහා එක්තරා රහසිගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමය. එනම් ඉන්දීය අපරාධ විමර්ශන අංශ විසින් මෙම ඝාතන සැලැස්මේ තොරතුරු රැසක් මෙයට දින කිහිපයකට පෙර අනාවරණ කරගන්නා ලදී. මින් පෙර ඔබට පැවැසුවාක් මෙන් ඉන්දියාවේ සිටින සල්මන් ඛාන් ගැන ශ්‍රී ලාංකිකයන්ට ඇති අමාරුව කුමක්දැයි නැවත සිතෙනු ඇත. එහෙත් මේ කතාව ගලායන අතරතුර එම සිදුවීම් වැලට අතරමගදී ශ්‍රී ලංකාවද එකතු වන ආකාරය මෙම වටපිටාවේදී දැකිය හැකිය. මෙය සැබැවින්ම ඉතා සැලසුම්කාරී ජාත්‍යන්තර මෙහෙයුමක් ලෙස දැකිය හැකිය. මේ වතගොත සොයා බලමු.

මුලින් සල්මන් ඛාන් (Salman Khan) කවුරුන්දැයි හරියාකාරව හඳුනා ගනිමු. දැනට 58 වැනි වියෙහි පසුවන සල්මන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට මුලින්ම පිවිසෙන්නේ 1988 වසරේදී වන අතර, එනම් දැනට ඔහු එක දිගට වසර 25ක් පුරා ඉන්දියානු සිනමාවේ රැඳී සිටියි. මේ ආකාරයට ඔහු පසුගිය වසර 15ක පමණ කාලයක සිට ඉන්දීය සිනමාවේ අධිකවම මුදල් අයකරන නළුවන් හතර පස්දෙනාගෙන්ද කෙනකු විය. ඇමෙරිකානු ප්‍රකට ෆෝබ්ස් (Forbes) ව්‍යාපාරික සඟරාවේ නිල වාර්තාවලට අනුව මේ වන විට සල්මන් ඛාන්ගේ ඒකපුද්ගල ධනය අතිශ්‍ය විස්මිත එකකි. එනම් එය ඉන්දියානු රුපියල් කෝටි 3,000ක් පමණ වන බව එම සඟරාව කියයි. මෙම මුදල ලංකා රුපියල්වලින් නම් රුපියල් කෝටි 10,000ක් පමණ වෙයි. කෙටියෙන් කිවහොත් ඔහුට සල්ලිවලින් කරන්නට දේවල් නැති තරම්ය. එසේ වන්නේ ඔහු මෙතෙක් විවාහ ජීවිතයටද පිවිස නැති මිනිසකු නිසාය. ඒ වුවද ඔහු බොලිවුඩ් සිනමාවේ අතිශය ප්‍රකට සුරූපී නිළියන් හතරදෙනකු සමග ප්‍රේම සබඳතා කිහිපයක් වසර ගණනාවක් පුරා පවත්වා ඇති අතර, ඉන් ප්‍රකටම නිළිය වන්නේ අයිෂ්වර්යා රායිය. එතරම් උසස් අධ්‍යාපනික පරිචයක් නැති සල්මන් ඛාන් සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් පමණක් ලබා ඇත. මේ අතර ඔහුට තිබෙන ධනවත්කම්වලට අමතරව දේපළ වත්කම්ද අසීමිතය. ප්‍රධාන නගරවල ඇති සුපිරි මන්දිරවලට අමතරව ඔහුට පන්වෙල් නමැති සුන්දර ප්‍රදේශයක අක්කර 150ක ඉඩමක් සුපිරි නිවාස 03ක් සමග විශාල දේපළක්ද ඇත. ඉස්ලාමික පියෙකුට සහ හින්දු මවකට දාව උපන් සල්මන් ඛාන් නිතර අතිශ්‍ය විනෝදකාමී ජීවිතයක් ගතකළේය. මේ නිසාම ඔහු විටින් විට විවිධ අපරාධ ගණනාවක් සිදුකළ අතර, එයට දඬුවම් වශයෙන් කිහිප වතාවක් සිර දඬුවම් පවා විඳ තිබෙන චූදිතයෙකි. එම වතගොත යමක් සොයා බලමු.


★ 2002 වසරේදී බීමතින් තවත් දෙදෙනකු සමග සුපිරි ජීප් රථයක් පදවාගෙන ගොස්, මුම්බායි නගරයේ නිවාස නොමැතිව පදික වේදිකාවේ රාත්‍රියේ නිදාගෙන සිටි මිනිසුන් තිදෙනකු යටකිරීම සහ එක් අයකු මියයෑම. අවසානයේදී සල්මන් ඛාන් තමන් රථය පැදවූයේ නැතැයි අධිකරණයේදී ප්‍රකාශ කරමින් තම රියැදුරු ඒ සඳහා ඉදිරිපත් කිරීම. තමන් නිදහස් වීම.
★ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් තමන් සන්තකයේ විවිධ නවීන ගිනි අවි තබාගැනීම. 1993 මුම්බායි මහා පරිමාණ බෝම්බ ප්‍රහාරයන්ට සහාය දක්වමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කර තිබීම.
★ ඉන්දියාවේ අතිශය දුර්ලභ මුවන් විශේෂයක් වන ‘බ්ලැක්බක් නොහොත් චිකාරා’ (Blackbuck or Chikara) සතුන් දෙදෙනකු ඝාතනය කිරීම.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූයේ 1998 වසරේදී වන අතර, ඔහු චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ජෝඩ්පූර් නමැති වනාන්තර ප්‍රදේශයකට ගොස් සිටියදී තමන් සතු ගිනි අවියක් භාවිත කරමින් මෙම ඝාතනය සිදුකර ඇත. චිත්‍රපට රූගත කිරීම් නොමැති මොහොතක තවත් නළු නිළියන් කිහිපදෙනකු ජීප් රථයක නංවාගෙන ගොස් එම අපරාධ සිදුකර තිබිණි. මෙම සිදුවීමට අදාළ නඩුව ඉන්දීය අධිකරණ කිහිපයක වතාවන් කිහිපයක්ම විභාග කෙරුණු අතර, එම වසර 20ක (2018 දක්වා) කාලය තුළ සල්මන් ඛාන් කිහිප වතාවක්ම කෙටිකාලීනව සිරගත කරන ලදී. වසර 5ක දීර්ඝකාලීන සිර දඬුවමක් පැමිණුවද පසුව අභියාචනාවක් මත එය අත්හිටුවන ලදී.

මෙවැනි වටපිටාවක් තිබියදී වුවද සල්මන් ඛාන් තම පුද්ගලික ධනය යොදවමින් බොහෝ සමාජ මෙහෙවර ව්‍යාපෘති කිහිපයක්ද සිදුකර ඇත. ඉන්දියාව තුළ සිටින අසරණ පවුල් සිය ගණනක් වෙත එම මෙහෙවර ඉටුකර ඇත. ඔහු මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු වූ අතර, රාජපක්ෂ රජය සමයේ ඔහු දෙවතාවක්ම මෙරටට පැමිණියේය. ශ්‍රී ලංකාව තුළදීද ඔහු සමාජ සත්කාර කටයුතු සිදුකර ඇත. දැන් ඔබ සල්මන් ඛාන් නමැති සුවිශේෂ මිනිසා කවරෙක්දැයි හොඳින් හඳුනනවා ඇත. දැන් එසේ නම් මෙම සුවිශේෂ පුද්ගලයා අදාළ කරගනිමින් පසුගියදා ඇතිවූයේ කිනම් අර්බුදයක තාවක්ද? ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ ඝාතන සිද්ධියේ කතාව කුමක්ද?

මෙම කතාන්දරයේ හැරවුම් ලක්ෂ්‍යය ඇතිවන්නේ මෙතැනදීය. සල්මන් ඛාන් නමැති සුපිරි ධනකුවේර නළුවා ඝාතනය කිරීමට කටයුතු කරන්නේ ඇයි? එසේම එම ඝාතනයට සැලසුම් සකස් කර, එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මහමොළකරුවා කවරෙක්ද? ඔහුගේ වතගොත දීර්ඝව සොයාබලන්නට ප්‍රථම මෙම අපරාධ සැලැස්මේ පියවරයන් ගැන සොයා බලමු.

ඉන්දියානු පොලිස් අපරාධ විමර්ශකයන් මෙම ඝාතන සැලැස්ම මුලින්ම අනාවරණ කරගත්තේ 2024 ජුනි 01 වැනිදාය. ඉන් පෙර සල්මන් ඛාන්ගේ මුම්බායිහි පිහිටි සුපිර නිවෙසට යාබද මාර්ගයේ යම් දුර ප්‍රමාණයක සිට මෝටර් සයිකලයකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු AK94 නමැති අතිශය නවීන ගිනි අවියකින් දිගින් දිගටම නොනවත්වා වෙඩිතබා ඇත. එම අවස්ථාවේ සල්මන් ඛාන් ඔහුගේ ඥාතීන් කිහිපදෙනකු සමග නිවෙසේ සිට ඇති අතර, එහෙත් කිසිදු ජීවිත හානියක් සිදුව නැත. ඔහුගේ ආරක්ෂක භටයන්ට හෝ එම අවස්ථාවේ ගිනි අවි භාවිත කිරීමට හැකිවී නැත. විනාඩියක පමණ කාලයක් එක දිගට වෙඩි වරුසාවක් එල්ල කළ තරුණ ප්‍රහාරකයන් දෙදෙනා වහා පලාගොස් ඇත. එහෙත් කෙසේ හෝ දින දෙකකට පසුව මෙම ප්‍රහාරකයන් අත්අඩංගුවට ගත් අතර, ඝාතන සැලැස්ම හෙළිව ඇත්තේ එතැනදීය. ඝාතන සැලසුමේ නිශ්චිත දිනය වශයෙන් මෙම මාසයේ ඉදිරි දිනයක් යොදාගැනීමට නියමිතව තිබුණු බැව් අත්අඩංගුවට ගත් ප්‍රහාරකයන් ප්‍රකාශ කර ඇත. එසේම සල්මන් ඛාන් සහභාගි වන පොදු මහජන සභාවකදී නවීන ආයුධ සන්නද්ධ ප්‍රහාරකයන් 4 දෙනකු පමණ යොදාගනිමින් ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇත. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පන්වෙල් නමැති ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයකදී ප්‍රහාරය සිදුකිරීමට කටයුතු යෙදී ඇත. එහිදී සල්මන් ඛාන් තමන්ගේ රථයෙන් පැමිණ එයින් බසිනවාත් සමග ප්‍රහාරය එල්ල වනු ඇත. එයට හේතුව වන්නේ එම ජීප් රථය වෙඩි නොවදින විශේෂ රථයක් වීමය.

වෙඩිතැබීම සඳහා දක්ෂ වෙඩික්කරුවන් 4 දෙනකු යොදවන අතර, පාකිස්තාන ආයුධ සැපයුම්කරුවකුගෙන් මිලදී ගත් නවීන පන්නයේ AK47, M16 සහ AK 94 යන ස්වයංක්‍රීය මැෂින් තුවක්කු භාවිත කරනු ඇත. මෙම ඝාතන සැලැස්ම සකස් කර ඇත්තේ බිශ්නෝයි කල්ලිය විසින් යැයි විමර්ශකයන් අනාවරණ කරගෙන ඇත. මෙම සැලැස්ම සඳහා 40ක පමණ පිරිසක් සම්බන්ධ වන අතර, ඔවුන් එකිනෙකාට වෙන්වූ කාර්යභාරයක් ඇත. ඝාතනය සිදුකළ වහාම ප්‍රහාරකයන් හතර දෙනා එතැන සිට ආරක්ෂිත මාර්ග හරහා දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි නගරය වෙත රැගෙන ඒමට තවත් පිරිසක් කටයුතු කරනු ඇත. සාගරය ආසන්න නගරයක් වන කන්‍යාකුමාරි සිට ප්‍රහාරකයන් වහාම අධිවේගී බෝට්ටු දෙකකින් ශ්‍රී ලංකාවට රැගෙන යෑමටද කටයුතු යොදා ඇත. එලෙස ශ්‍රී ලංකාවට පලායෑමට සැලැස්වූ පසු ශ්‍රී ලංකාවෙන් ප්‍රහාරකයන් හතර දෙනා හැකි ඉක්මණින් කැනඩාවට යැවීමටද කටයුතු යොදා ඇත. මෙම තිගැස්සෙන කතාන්දරයේ කූටප්‍රාප්තිය උද්ගත වන්නේ මෙතැනදීය. එනම් එම සල්මන් ඛාන් ඝාතනයේ ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් මෙහි සිට බටහිර රටකට යැවීම එම වතගොතයි. එනම් මේ සැලසුම් සඳහා ශ්‍රී ලංකාව තුළදී උදව් කිරීමට ශ්‍රී ලාංකික පිරිස් සිටීමද අනිවාර්ය වනු ඇත. එහෙත් දැනට මෙම අපරාධ විමර්ශනයේ මුල් අවස්ථාව හෙයින් මෙතෙක් එවැනි පිරිස් ගැන හෙළිව නොමැත. එහෙයින් මෙම ත්‍රාසජනක කතාන්දරය ශ්‍රී ලංකාවටද වැදගත් වනු ඇත.
මෙම ඝාතන සැලැස්ම සැලසුම් කළ බිශ්නෝයි කල්ලියේ නායකයා ‘ලෝරන්ස් බිශ්නෝයි’ නමැති ඉන්දීය තරුණයෙකි. දැනට 31 වැනි වියෙහි පසුවන ඔහු ඉතා භයානක අපරාධ ගණනාවකට සම්බන්ධ වන අතර, දැනට ඔහු ඉන්දියාවේ දැඩි ආරක්ෂිතව සිරගත කර ඇත. ඔහු සාමාන්‍ය අපරාධකරුවකු නොව, දැනට තමන්ගේ සාමාජිකයන් 700ක් පමණ සිටින ඉන්දියාවේ තිබෙන භයානකම සහ විශාලතම අපරාධ කල්ලිය වන බිශ්නෝයි කල්ලියේ නායකයාද වෙයි. එහෙත් වසර ගණනාවක උත්සාහයකින් පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔහු අල්ලා ගන්නා ලදී. මෙම ඉන්දීය තරුණයාගේ විශේෂත්වය වන්නේ ඔහු ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වීමය. ඉතා කඩවසම් පෙනුමක් ඇති මෙම අපරාධ කල්ලි නායකයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව නැති අතර, ඔහුගේ අපරාධ ලෙස සැලකෙන්නේ අනවසර මත්පැන් නිෂ්පාදනය, දේශපාලන අපරාධ, මිනීමැරීම්, පහරදීම් සහ මංකොල්ලකෑම්, මහාපරිමාණ මුදල් කොල්ලයන්, දේපළ කොල්ලකෑම් වැනි අපරාධයන්ය. ලෝරන්ස් බිශ්නෝයි මේ වන විට සිරගතව සිටියත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා දැනට ජීවත් සිටින්නේ කැනඩාවේය. ලෝරන්ස් බිශ්නෝයිගේ නියෝගයන් මත සහෝදරයා කැනඩාවේ සිට අපරාධ කල්ලිය මෙහෙයවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

යාපනේදී සජිත්ට මහ පිළිගැනීමක්! උදේ අංගජන් ආවා! මෙන්න දැන් සුමන්තිරනුත් සජිත්ගේ වැඩසටහනට එකතු වෙලා! I PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් යාපනයේ ගියාට ආරාධනා කළේ නෑ! අනුර යාපනයේ ගියාට ආරාධනා කළෙත් නෑ! සජිත් යාපනේ සිටිද්දී දෙමළ ජාතික සන්ධානයෙන් සජිත්ට පක්ෂ මූලස්ථානයට එන ලෙසට නිල ආරාධනාවක්! දකුණේ නායකයෙක්ට එහෙම ආරාධනාවක් කරපු පළමු වතාව! EXCLUSIVE I BREAKING NEWS I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.