මේ දිනවල යාපනයේ සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට සිය පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙසට දෙමළ ජාතික සන්ධානයෙන් නිල ආරාධනාවක් කොට ඇත. Sri Lanka Latest News
ඒ අනුව විපක්ෂනායකවරයා අද පස්වරුවේ යාපනයේ පිහිටි එම පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවට දෙමළ සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන් එක්ව සිටි බවද දැනගන්නට තිබේ.
මෙසේ දකුණේ දේශපාලන නායකයකුට දෙමළ සන්ධානයේ පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙසට ආරාධනා ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
මිට පෙර ජනාධිපතිවරයා සහ ජවිපෙ නායකයා යාපනයේ සංචාරය කළද දෙමළ ජාතික සන්ධානයෙන් ඒ දෙදෙනා හටම මෙවැනි නිල ආරාධනාවක් සිදු නොකිරීම විශේෂ සිදුවීමකි.









