• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාමිණීට කරපු දේ සජිත්ට කරන්නද යන්නේ? I Sri Lanka Latest News

June 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

ඒ අනුව ඊට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නැයි එම කොමිසම විසින් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

2017 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම්වල සහතික පිටපත්ද ලබාදෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

එම කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාපටිපාටිය දේශපාලන මඩගැසීම අරමුණු කරගෙන ඉදිරිපත් කර ඇති එකක් බවත්, මේ ආකාරයටම එජාප නායක ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන විටද අල්ලස් කොමිසමට අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තිබිණි.

ජනාධිපතිවරණය කටේ තියා අල්ලස් කොමිසම විසින් ගාමිණී දිසානායක මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ අතර, එවකදීද චන්ද්‍රිකා කුමාරතුංග රජයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලබාදීමට පියවර ගෙන තිබිණි.

නමුත් ජනාධිපතිවරණයට පෙර ගාමිණී දිසානායක මහතා ඝාතනයට ලක්වූ අතර, පසු කාලයකදී සිදුකරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව අදාළ චෝදනාවෙන් ගාමිණී දිසානායක මහතා නිදහස් කිරීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබිණි.

ගාමිණීට කළ දේ සජිත්ටත්?

පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කොට තිබූ එක්තරා පුවතකින් කියැවුණේ සජබයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට අල්ලස් කොමිසම මගින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවය. 2015-2019 සමයේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට භාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් අල්ලස් කොමිසම ඉල්ලීමක් කොට ඇති බවද එම පුවතින් වැඩිදුරටත් කියැවිණි. මෙම පුවත දුටු බොහෝ දෙනකුට එක්වරටම සිහියට නැගෙන්නට වූ අනෙක් පුවත වූයේ මීට හරියටම අවුරුදු 30කට පෙර එනම් 1994දී සිදුවූ සිදුවීමකි. එම සිද්ධිය නම්, එවක එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසි ජනප්‍රියම නායකයා වූ ගාමිණී දිසානායක මහතාට එරෙහිව එවක ආණ්ඩුව අල්ලස් කොමිසම හරහා දියත් කළ විමර්ශනයකි.

1994 පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට සූදානම් වූයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයට පිවිසෙනු ඇතැයි සිතාය. මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම සකස් කොට තිබුණේ රනිල් ඉලක්ක කොටය. චන්ද්‍රිකාලා සිතා සිටියේ රනිල් පැමිණියහොත් ජනාධිපතිවරණය අත උඩින් චන්ද්‍රිකාට ජයගත හැකි වනු ඇතැයි කියාය. නමුත් චන්ද්‍රිකාලා අන්ද මන්ද කරමින් යළිත් එජාපය ඇතුළට පැමිණි ගාමිණී දිසානායක මහතා එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට සමත් විය. ඒ අනුව, ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ අවස්ථාවේදී වැඩි ඉඩක් ගාමිණී සතුව පැවැතිණි.

එවැනි තත්ත්වයක් මතුවීමත් සමග ගාමිණී ඉලක්ක කොට ඉතා පහත් මට්ටමේ මෙහෙයුම් රැසක්ම චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක විය. සම්පූර්ණයෙන්ම අසත්‍ය මඩ ප්‍රචාර රැසක්ම ගාමිණී ඉලක්ක කරගෙන නිර්මාණය විය. අවසානයේදී ගාමිණීට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්ද අල්ලස් කොමිසම හමුවේ ගොනුවිය. එවක අල්ලස් කොමිසමට තමන්ට හිතවත් කිහිප දෙනකු පත්කර තිබීම නිසා මේ හරහා ගාමිණීට එරෙහිව විශාල මඩක් එල්ල කිරීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. පැමිණිල්ල ලෙස ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවෙන් ගාමිණීට ලබාදී තිබූ වාහනයක් විකුණා ඇති බවට වූ චෝදනාවය. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල දඩමීමා කරගෙන ගාමීණීට විශාල ප්‍රහාරයක් එල්ල කළ අතරවාරයේ කොටි බෝම්බයෙන් ගාමිණී ජීවිතක්ෂයට පත්විය. පසුකාලීනව අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අදාළ චෝදනාවෙන් ගාමිණී නිදොස් කොට නිදහස් කිරීමට අල්ලස් කොමිසම කටයුතු කොට තිබිණි.

1994දී එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණී ඉලක්ක කොට දියත් කෙරුණු මඩ ප්‍රචාරය මෙසේ හදිසියේම මතක් වූයේ ඊට අවුරුදු 30කට පසු, එනම් 2024දී සජබ අපේක්ෂක සජිත් ඉලක්ක කොට අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් මුල් කරගෙනය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මිනිස්සු දහස් ගණනකගෙ ජීවිත අහිමි වෙද්දිත් හීනයක් වුණ ඩොප්ලර් රේඩාර් පද්ධතිය! Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ මහින්දානන්ද-ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රී ගැටුම! පොලිසිය පාර්ලිමේන්තුවට ගිහින් ගැටුම ඇසින් දුටු මන්ත්‍රීවරු තුන්දෙනකුගෙන් ප්‍රකාශ ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.