වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. Sri Lanka Latest News
මේ කාරණය මුලින්ම විනය මණ්ඩලයට යොමු කළ බවත් විනය මණ්ඩලයේ වාර්තාව පසුගියදා පක්ෂයට ලැබුණු බවත් ඔහු කීවේය.
විජයදාස රාජපක්ෂ මහතා එසේ කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව විනය මණ්ඩලය තීරණය කර ඇත.









