• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සේ ආපදාවෙන් පැය 24ට දරුවන් ‌ඇතුළු 8ක් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. Sri Lanka Latest News

නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

අද අලුයම 1ට පමණ අවිස්සාවේල්ල ඇස්වතු ඔය හදිසියේ පිටාර ගැලීමෙන් පුවක්පිටිය, කැකිල්ල ප්‍රදේශයේ දී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබුණි.

ගලා ආ සැඩපහරත් සමඟ නිවසේ දොර විවෘත කර ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් නිවස තුළම මියගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙක්, 36 හැවිරිදි ඔහුගේ දියණිය හා ඇයගේ 7 හැවිරිදි දියණිය බවය.

එමෙන්ම, අවිස්සාවේල්ල – හේවාඉන්න ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ නායයාමකින් 11 හැවිරිදි දැරියක් ද මියගියාය.

වර්ෂාවත් සමඟ දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස කොටසට පස් කන්දක් කඩාවැටීමෙන් කුරුඳු තලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊට යටවී මියගොස් තිබුණි.

මියගිය දෙදෙනා අවුරුදු 20 සහ 27 වයස්වල පසුවන අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ අතර, නොනවත්වා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නිරිතදිග කොටසේ කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ඇතුළු ගංගා රැසක් මේ වනවිට පවතින්නේ පිටාර ගලමිනි.

කැලණි ගඟෙහි ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද අලුයම 3 සිට ඉදිරි පැය 48 සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව අද දහවල් වනවිට කැලණි ගඟෙහි නාගලගංවීදිය සහ හංවැල්ල ජලමාපක සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම ඉහළ දමමිනි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් මල්වාන නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.

අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ද ජලයෙන් යටවිය.

මේ අතර කළු ගඟේ සියලු ජලමාපක මේ වනවිට සාමාන්‍ය මට්ටම ඉක්මවා ගොස් තිබේ.

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල – කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අයුරු දක්නට ලැබුණි.

රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය ඇතුළු කඩ සාප්පු, නිවාස ගංවතුරට හසුවී ඇති අතර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග තුනම ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවිය.

එමෙන්ම රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය ගැටහැත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවිය.

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයට ගල්කඩුව ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටි ගමනාගමනයට බාධා එල්ලවෙද්දී එම මාර්ගය කොටඹේ හා මෝදර ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබුණි.

මේ අතර නිල්වලා ගඟ සහ කිරමආර ඔය මේ වනවිට ප්‍රදේශ රැසකින් පිටාර ගැලීම ආරම්භ වී තිබේ‍.

ඒ අනුව පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත. 

මේ අතර ගිං ගඟ බද්දේගම සහ තවලම ජලමාපක සුළු ගංවතුර මට්ටමක පවතින අතර ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවිය.

ඒ අනුව මේ වනවිට ගාල්ල – බද්දේගම මාර්ගය , ගාල්ල – බටුවන්ගල මාර්ගය සහ ගාල්ල -මාපලගම මාර්ගය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතී.

ප්‍රධාන ගංගා ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම නිරිතදිග කොටසේ තවත් ප්‍රදේශ රැසකින් ජල ගැලීම් ආපදා වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටිනාමළුව මහවැව පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක්ද ජලයෙන් යටවී තිබේ. 

හක්මන බෙලිඅත්ත මාර්ගය , තංගල්ල නලගම මාර්ගය සහ වලස්මුල්ල දෙයියන්දර මාර්ගයද මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ. 

සීතාවක ගඟ දෙපස අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය තල්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවිය.

දැඩි වර්ෂාපතනය සමඟ හමායන තද සුළං හේතුවෙන් ගස් කඩාවැටීමෙන් බොහෝ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුව තිබූ අතර විදුලිය බිඳවැටීම් ද වාර්තා විය.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොල හැලගල ප්‍රදේශයේදී විශාල ගසක් කඩාවැටීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වූ ගස මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා විය.

තද සුළං තත්ත්වය සමඟ IDH රෝහල අසලදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී තිබුණි.

එමෙන්ම ගාලු පාරේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාර්ගයේ නාම පුවරුවක කොටසක් බස් රථයක් මතට කඩාවැටී අනතුරක් සිදුවිය.

පවතින වැසි සහිත කාලගුණත් සමඟ ගාල්ල නෙළුව ප්‍රදේශය ජලයෙන් යටවිම හේතුවෙන් අවතැන් වු පිරිස් මුදාගැනිමට ආරක්ෂක අංශ සහ ඇතුළු ආපදා කළමනාකරන ඒකකය කටයුතු කළේය.

නෙළුව නගරයට ප්‍රවිශ්ට වන මාර්ග සියල්ල ජලයෙන් යටවීමෙන් නෙළුව ප්‍රාදේශිය රෝහලේ ගැබිනි මවක් සහ ශ්වසන ආබාධයකින් පෙළෙන අලුත උපන් දරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් උඩුගම රෝහල දක්වා රැගෙන ගොස් තිබුණි.

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 09ක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ජනතාව ට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කෙරුණි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල හා පාලින්ද නුවර ප්‍රදේශවලටද නායයාමේ රතු නිවේදන බලාත්මක වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

SendShareShare
Previous Post

එදා කිව්වේ මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා! අද ගොවියගේ වී ටික කුණුකොල්ලෙට අරගෙන මුදලාලිලා රජවෙලා! සජබ ආණ්ඩුවක් යටතේ මේ ඒකාධිකාරය බිඳ දමා නැවත ගොවියා රජ කරවන යුගයක් බිහිකරනවා! කන්තලේට රැස්වූ දහස් ගණන් ගොවීන් ඉදිරියේ සජිත්ගෙන් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුදු 2කට ඡන්ද කල්දාලා රට රනිල්ටම දෙමු කියපු රංගේ බණ්ඩාරත් එක්ක ඇවිත් රනිල් සිරිකොතේදී එජාප කලාප සංවිධායකවරු පත්කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.