• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 2කට ඡන්ද කල්දාලා රට රනිල්ටම දෙමු කියපු රංගේ බණ්ඩාරත් එක්ක ඇවිත් රනිල් සිරිකොතේදී එජාප කලාප සංවිධායකවරු පත්කරයි! PHOTOS I Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.
කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම් රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මීට වසර 04කට පෙර අප මැතිවරණයකට ගියේ එක් මාතෘකාවක් පදනම් කර ගනිමිනුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. 2020 අයවැය මගින් බදු අඩු කිරීම නිසා ආදායම් නැති වෙනවා. විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා අපේ පළමු කාර්ය වන්නේ මේ රටට ඩොලර් බිලියන 03ක සංචිතයක් අවශ්‍යයි කියලා එදා අප ප්‍රකාශ කළා. කිසිවෙක් එදා එය පිළිගත්තේ නැහැ. මේ මොනවද කථා කරන්නේ කියලා අපේ කණ්ඩායමක් සමගි ජන බලවේගය හදන්න ඉවත්වී ගියා.
ජනතා විමුක්ති පෙරමුණ සිනහා වුණා. පොහොට්ටුව විවේචනය කළා. එක්සත් ජාතික පක්ෂය තනි වුණා. නමුත් අප එයින් ඉවත් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සැමදා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. කෙතරම් තිත්ත වුණත් ඇත්ත කියනවා.
එදා අප එකතුවෙලා එම මුදල් සොයා ගත්තා නම් අද මෙවන් පීඩාවකට පත් වන්නේ නැහැ. රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. අවසානයේ අප අමාරුවේ වැටී වෙනත් රටවල ආධාර ලබා ගන්නා විට අපට ඉන්දියාව දුන්නේ බිලියන තුන හමාරයි.

අප දැනුම් දුන්නට වැඩිය බිලියන 500ක් පමණයි වැඩි වුණේ. වසර දෙකකට පසුව එම අගය වැඩි වීම පුදුමයක් නොවෙයි. 2020දී එය බිලියන 03යි. එම බිලියන තුන හමාරෙන් තමයි අප වසර එක හමාරක් ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ. 2020 එම බිලියන 03 ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන්නා නම් මෙවන් ඉරණමක් රටට අත් වන්නේ නැහැ.
එදා ආහාර නැති වුණා, පොහොර නැති වුණා, ඉන්ධන නැති වුණා, කර්මාන්ත ශාලා වැසි ගියා, ආදායම් මාර්ග අහිමි වුණා. සියලු දෙනා පීඩාවට පත් වුණා. එවිට අරගලයක් ආරම්භ වුණා. මෙම අරගලය සිදු වුණේ පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධවයි. නමුත් මැයි 09 දා ගාලු මුවදොර පිටියට පැමිණෙද්දි විපක්ෂනායවරයාත්, අනුර දිසානායක මන්ත්‍රීවරයාත් පන්නා දැමුවා.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වුවායින් පසු සම්ප්‍රදායිකව සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැති ධූරය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. නමුත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ආර්. ප්‍රේමදාස මහතා හෝ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා සිටියා නම් මෙම අවස්ථාව අත හරින්නේ නැහැ. එයයි සැබෑ එක්සත් ජාතික පක්ෂයය.
ජනතා විමුක්ති පෙරමුණත් පැන ගියා. ඔවුන් කිසිවෙකුට විසඳුමක් තිබුනේ නැහැ. පැරණි දේශපාලනය සිදුකරමින්, බොරු කරමින් සිටින ඔවුන්ට විසඳුමක් තිබුණේ නැහැ.
මම බය නැනිව අගමැතිකම බාරගත්තේ මා තුළ විසඳුමක් තිබු නිසයි. එදා ප්‍රකාශ කළ පරිදි බිලියන 03ක මුදලක් සොයා ගත්තොත් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බව දන්නා නිසා මම ඒ අනුව කටයුතු කළා. ඉන්පසුව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ රටේ ජනතාව 2023 නත්තල, පහුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අන්දම, වෙසක් සැමරූ අයුරු දුටු විට එම වෙනස මනාව පැහැදිළි වෙනවා.
අද ගොවි ජනතාව හොද අස්වැන්නක් ලබනවා. නමුත් අප තවමත් මෙම අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. එදිනෙදා ජීවිතය ගත කිරීමට පමණයි. මෙම ක්‍රමවේදය තුළින් හැකිව තිබෙන්නේ. අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දී තිබෙනවා. ඒ වගේම අඩු ආදයම්ලාභී ජනතාවට සහල් ලබා දෙනවා. ඒ වගේම උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එළැඹෙන මාසයේ කොළඹ තට්ටු නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාව 50,000ක් වෙනුවෙන් එම නිවාසවල අයිතිය ලබා දෙනවා.
අද රටේ තත්ත්වය ගැන කියනවා නම් 2023 අවසානයේ දී ඩොලර් බිලියන 83ක් අපේ ණය තිබුණා. 2023 අවසානයේ රුපියලේ වටිනාකමින් කියනව නම් රුපියල් බිලියන 28,000ක්. එය අපේ සම්පුර්ණ දළ දේශීය නිෂ්පාදනයට වැඩි අගයක්. සම්පූර්ණ වාර්ෂික ආදායමට වඩා ණය වී තිබෙනවා නම් එයින් ගොඩ එන්නේ කොහොමද? ඒ සඳහා අලුතින් ආදායම් මාර්ග ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඊළග වසර 05 තුළ අප මෙම ආර්ථික ස්ථාවරභාවය ඇතිකරගන්නේ කොහොමද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප ගිවිසුමකට එළැඹ තිබෙනවා. එය කඩකළහොත් නැවත ඔවුන්ගේ සහාය අපට හිමි වන්නේ නැහැ.
අපේ විදේශ ණය නැවත ගෙවීමට 2027 සිට 2042 වන තෙක් අපට කල් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. මෙම ණය ගෙවීම පමණක් නොවෙයි අප තවම ආනයන පදනම් කරගත් ආර්ථිකයක් නිසා සෑම වසරකම අපට විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා.
එවිට දැනට තිබෙන බිලියන 83 ණය මුදල තවත් ඉහළ යනවා. එවිට තවත් වසර 05ක් ගත වන විට නැවත රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා. එසේ නම් අප ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. එයයි දැන් අප හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ.

මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් අප නව නීති ගෙන එනවා. මෙම ප්‍රශ්නයෙන් පැන යාමට කිසිදු පක්ෂයකට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා. මේ ප්‍රශ්නයෙන් විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු පැන යන්න හොද නැහැ. ඒ වගේම මාධ්‍යයත් මේ ප්‍රශ්නයෙන් පැන යාමට හොද නැහැ. සියලුදෙනා මේ ප්‍රශ්නය පිළිබඳ අවධානයෙන් කටයුතු කළයුතුයි.
අප එක්සත් ජාතික පක්ෂය ලෙස අනෙක් මන්ත්‍රීවරු සියලුදෙනා සමග එක්වෙලා මේ ප්‍රශ්නයෙන් රට බේරගත්තා. දැන් අප ඉදිරියට යා යුතුයි. එක් පක්ෂයක්වත් මෙතෙක් තම වැඩපිළිවෙළ ඉදිරිපත් කර නැහැ. ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල් සමඟ ඇතිකරගත් එකඟත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කිරිමට කටයුතු කරනවා.
ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පරිවර්තනය කිරීමට මේ නීතිය ඉදිරිපත් කර තිබෙනවා. එම ඉලක්ක අනුව කටයුතු කිරිමෙන් පමණයි මේ රට දියුණු කිරීමට හැකියාව ලබෙන්නේ.
එසේනම් අද 100 අගයට වඩා ඉහළින් තිබෙන අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 100 වඩා ඉහළින් තිබෙන ණය 2032 වන විට 95%කට අඩු කිරීමට තිබෙනවා. පළමු කාරණය එයයි. එය මතක තබාගත යුතුයි. අපට මුහුණ දීමට තිබෙන මීළග ප්‍රශ්නය මෙය බව සියලුදෙනා දැනුවත් කළ යුතුයි.
ඒ වගේම අපේ දළ දේශීය නිෂ්පාදනය 2027 වන විට 5%ක් බවට පත් කර ගත යුතුයි. අප සීග්‍රයෙන් දියුණු වීමට නම් දළ දේශීය නිෂ්පාදනය වසර 10ක්වත් 8%ක අගයක පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම 2025 වන විට විරැකියාව 5%කට අඩු කළයුතුව තිබෙනවා. අපනයන ආර්ථිකයක් බවට පත්වීමට නම් අපේ අපනයන ආදායම 2025 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 25%ක් විය යුතුයි.
2030 වන විට 40%ක් බවට පත්විය යුතුයි. එය 2040 වන විට 60%ක් විය යුතුයි. මෙම ඉලක්කය අනුව 2040 වන විට අපේ රට අපනයන ආර්ථිකයක් බවට පත් කළයුතුයි. එය සිදු කිරීමට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. 2030 වන විට අවම වශයෙන් විදේශ ආයෝජන 5%ක්වත් විය යුතුයි. ඒ සමගම අපට ලැබෙන විදේශ ආයෝජන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් යෙදවිය යුතුයි.
මෙම ඉලක්ක සමග ඉදිරියට ගියහොත් අපට රටක් වශයෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. මෙම ඉලක්ක පිළිගන්නාවද නැද්ද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ආර්ථික පරිවර්තන නීතිය පිළිගන්න, නැත්නම් වෙනත් වැඩසටහනක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව මුදල් ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නැහැ. නිකන් කතා කරන්න පුළුවන්. නමුත් විසදුමක් නැහැ. ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරනවා කියලා. කඩේට ගිහින් තව මාසයකට ණය දෙන්න කියලා මුදලාලිට කියනවා වගේ මේවා කරන්න බැහැ. මේ පිළිබඳ අවබෝධයක් නැති අයයි මේවා ගැන කථා කරන්නේ. මේ පිළිබද අපට වසර දෙකක් සාකච්ඡා කරන්න වුණා.
ඒ නිසා බොරු ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව මේ පිළිබඳ විධිමත් වැඩසටහනක් තිබෙනවනම් ඉදිරිපත් කරන්න, නැත්නම් මෙයට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. 2020 අපි මේ පිළිබඳ කියද්දි සියලුදෙනා එය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අප මේ තත්ත්වයට පත් වුණා. ඒ නිසා මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ප්‍රතික්ෂේප කළොත් අප තවත් අගාධයට ඇද වැටෙනවා.
එසේනම් ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් සැලැස්මක් තිබිය යුතුයි. කිසිවෙකුට එවැනි සැලැස්මක් නැති නිසා සියලුදෙනා එකට එකතුවී මේ රටේ ආර්ථික පරිවරතන නීතියට සහාය ලබා දෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. විවේචනය පහසුයි. නමුත් විසදුම් අසීරුයි. ඒ නිසා විවේචනය කරන්නේ නැතිව විසදුම ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-02

SendShareShare
Previous Post

වැස්සේ ආපදාවෙන් පැය 24ට දරුවන් ‌ඇතුළු 8ක් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණයෙන් පසු මහඡන්දයට සල්ලි ‌වෙන්කරන්න අතුරු සම්මත ගිණුමක් ගේන සූදානමක්! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.