• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනයට මුලු ලෝකෙටම වන්දි ගෙවන්න වෙයිද?

April 26, 2020
in News, Politics
Reading Time: 9 mins read
A A
චීනයට මුලු ලෝකෙටම වන්දි ගෙවන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

මේ මිහිමත අද මිනිසුන් ලක්ෂ ගණනින් මැරී වැටෙන්නේ ඒ අහිංසක මිනිසුන් සිදුකළ කුමන වරදකටද? තම පවුලේ ළබැඳියන් සමඟ සෙනෙහසින් ජිවිතය ගතකරමින් සිටි ඔවුන් මාරයා විසින් රැගෙන ගියේ කෙතරම් ශෝකජනක ආකාරයකටද? මෙතෙක් ලෝකයේ සිදුවූ ලෙස මිනිසකු අවසන් සුසුමක් හෙලූ විට ඒ ඔහුගෙ ළඟ කෙතරම් නෑ හිතවතුන් සිටිනවාද? එහෙත් අද මේ මරණය කෙතරම් අමානුෂික ලෙස ඒ නෑ හිතවතුන් ඈත් කර තැබුවෙහිද? අඩුම තරමේ තමන් මියයන විට මොහොතකට පෙරවත් තමන්ගේ ළබැඳියන් දැක බලා ගන්නට ඒ අහිංසක මිනිසුන්ට හැකි වූවාද? ඔවුනොවුන් ඒ මහත් ආශාවන්ගෙන් පෙළුනත් ඒ කිසිවෙකුටවත් එයට නීතියෙන් ඉඩක් ලැබුණේ නැත.
මියගිය පසු ඒ මිනිසුන්ගේ නිසල දේහයන්ටත් කිසි ගරුත්වයක් ලැබුණාද? හෝරා කිහිපයකින්ම ඒ දේහයන්ද අතුරුදන්ව ගියේය. දෙවියනේ, මේ මහා ශාපය කුමක්ද? කාටහවත් වරදක් නැති අහිංසක මිනිසුන්ට මෙසේ විය යුතුද? ඔව්, අපි සැවොම සිටින්නේ කොරෝනා යක්ෂයාගේ අභිමුවය. මෙතෙක් ලොව දෙකෙළවරක සිටි අහිංසක මිනිසුන් ලක්ෂ 2කට ආසන්න පිරිවරක් මරු වසඟයට රැගෙන ගිය කොරෝනා මාරයා ලොවට පැමිණියේ කොතැනින්ද? එසේ නම් මේ මහා ලෝක විනාශයට මකරාගේ දේශය වගකිව යුතද? චීනය මෙම මහා අපරාධයට වගකිවයුතු නම් ඔවුන්ට මෙම ශාපයෙන් ගැලිවිය හැකිද? අද ලොව පුරා මහත් ඝෝෂාවකින් මේ පැනයන් ඇසෙමින් පවතියි. මෙය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි කතාවක්ද නොවේ. ලොව සිදුවූ සහ තවදුරටත් සිදුවෙමින් පවතින මෙම මහා ව්‍යසනයට කවුරුන් හෝ වගකිව යුතුය. ඒ කතාන්දරයේ වගතුග සොයා බැලීම අද අතිශයින්ම අවැසි කරුණක් බවට පත්වී ඇත.
මෙම කුරිරු ලෝක විනාශයට වගකිව යුත්තේ මෙතෙක් කිසිවකුත් නොව චීනය යැයි අද ලොව බොහෝ පාර්ශ්ව එක හඬින් කියා සිටිති. මෙම මාරක වසංගතය හමුවේ ආරම්භයේදීම චීනය ක්‍රියා කළ ආකාරය නිසා එම පාර්ශ්ව මෙසේ චෝදනා කරති. කොරෝනා වසංගතයමුලින්ම දැන හඳුනාගත් අවස්ථාවේදී චීනය ක්‍රියා කළේ අතිශය නින්දිත අයුරින්ය. එනම් වත්මන් චීන රජයේ බලධාරීන් සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙයට ඉතාමත් අධම ලෙස මැදිහත් විය. කොරෝනා වෛරස් රෝගියකු මුලින්ම සොයාගෙන තිබුණේ 2019 නොවැම්බර් 17 වැනිදාය. ඒ චීන වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මතය. ලී වැන්ග්ලින්ක් නමැති එම වෛද්‍යවරයාගේ එම සොයාගැනීම චීන රජය විසින් සම්පූර්ණයෙන්ම යටපත් කළේය. ඉන් පසුව සති තුනක් පමණ ඇතුළත කොරෝනා රෝගීන් 20ක් පමණ සොයා ගත්තේය. ඉහත වෛද්‍යවරයාද අවාසනාවන්ත ලෙස කොරෝනා රෝගයෙන් මියගියේය. ඒ අතරෙහි මෙම රෝගය ගැන ලියූ මාධ්‍යවේදීන් පවා අතුරුදන් වූයේය. මෙවැනි බියකරු තත්ත්වයක් උද්ගතව තිබියදීත් චීන කොමියුනිස්ට් රජය මේ සියලු තොරතුරු ඉතා නිහීන ලෙස යටපත් කළේය. පළමු රෝගියා සොයාගත් වෛද්‍යවරයාට එරෙහිවද මුලින් නීතිමය පියවර ගත්තේ ඔහු මේ රෝගය ගැන මාධ්‍යයට වාර්තා කිරීමේ හේතුව නිසාය. එසේම ඔහුගේ කොරෝනා රෝගී මරණය පවා අබිරහසක් විය. මේ ආකාරයට කොරෝනා රෝගීන් 25ක් පමණ සොයාගන්නා තෙක් චීනය තම මුනිවත රැකගෙන සිටියේය. අවසානයේදී මෙම තත්ත්වය උත්සන්න වන විට 2019 දෙසැම්බර් මස අවසාන සතියේදී මේ තත්ත්වය ප්‍රකාශයට පත්කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම තත්ත්වය නිල වශයෙන් වාර්තා කරනු ලැබුවේ දෙසැම්බර් 30 වැනිදාය. ඒ වන විට රෝගීන් 30ක් පමණ හමුවී ඉන් කිහිපදෙනකු මියගොස්ද සිටියේය. මේ ආකාරයට වසංගතය ඔඩුදුවන තෙක් චීන බලධාරීන් අතිශය නිහීන, අධම අයුරින් කටයුතු කළේය. මෙය අතිශයින්ම ජුගුප්සාජනක තත්ත්වයක්ද විය.
මෙවැනි සත්‍ය ප්‍රායෝගික තත්ත්වයක් යටතේ අද චීනයට එරෙහිව ලෝකයේ රටවල් ගණනාවක්ම දෝෂාරෝපණය කර සිටී. එසේම එතැනින්ද නොනැවතී නීතිමය ආකාරයෙන්ද කටයුතු කිරීමට සැරසෙමින් සිටිති. එවැනි සිදුවීම් කිහිපයක්ම මෙසේ පෙළගැස්විය හැකිය.

චීනයට එරෙහි ජර්මනියේ ප්‍රතිචාරය

යුරෝපයේ ප්‍රධාන පෙලේ දේශයක් වන ජර්මනියද කොරෝනා වසංගතයෙන් අතිශය දරුණු ලෙස විනාශයට පත්වූ රටකි. එනම් මේ වන විට එම රටෙහි කොරෝනා රෝගීන් ලක්ෂ එකහමාරකට අධික ප්‍රමාණයක් සිටින අතර, මරණ 5000කට අධික ප්‍රමාණයක් වාර්තා විය. මෙවැනි තත්ත්වයක් යටතේ ජර්මනිය විසින් චීනයට එරෙහිව අතිශය දැඩි පියවරක් ගැනීමට කටයුතු කර ඇති අතර, එය මෙතෙක් වාර්තා වී ඇති ප්‍රබලතම ක්‍රියාවලිය වෙයි. ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජලා මර්කල් ප්‍රධාන රජය විසින් පවුම් බිලියන 130ක (රුපියල් බිලියන 31,200) මුදලක් වන්දි ලෙස චීනයේ වත්මන් රජයෙන් ඉල්ලා සිටි බවට පුවතක් පසුගියදා ජර්මනියේ මාධ්‍යවල පලවන්නට විය. මේ සඳහා චීන රජය වෙත නිල බිල්පතක්ද ජර්මානු රජය විසින් ඉදිරිපත් කළ බවට කරුණු පලවිය. කොරෝනා වසංගතය හේතුවෙන් ජර්මනියට සිදුවූ අලාභයට වන්දි ලෙස චීනය විසින් එම මුදල ගෙවිය යුතු යැයි ප්‍රකාශ විය. මාරක කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ජර්මනියේ ආර්ථිකය අතිශය දරුණු ලෙස කඩාවැටී ඇති බවත්, ජර්මනියේ එක් පුරවැසියකු වෙනුවෙන් පවුම් 1550ක මුදලක් චීනයෙන් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් කරුණු අනාවරණය විය. එහෙත් මෙම සිදුවීමේදී චීනය ප්‍රකාශ කර සිටියේ තම රජයට එවැනි ඉල්ලීමක් ජර්මනිය විසින් සිදුකර නොමැති බවත්, මෙය අසත්‍ය මාධ්‍ය ප්‍රකාශයක් බවත්ය. එහෙත් මෙම සිදුවීම සම්පූර්ණ සත්‍යයක් බැව් ජර්මන් මාධ්‍ය ප්‍රකාශ කර සිටියේය.

චීනයට එරෙහි ඇමෙරිකාවේ ප්‍රතිචාරය

කොවිඞ් 19 වසංගතය හමුවේ චීනයට එරෙහිව ප්‍රබල දෝෂාරෝපණයක් නැඟෙන්නේ ලෝකයේ මහා බලවතා වන ඇමෙරිකවෙන්ය. එනම් පසුගිය දිනවල අවස්ථා ගණනාවකදීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්ම මෙම චෝදනාවන් ඉදිරිපත් කර සිටියේය. ඔහු මුලදී සිටම මෙම වෛරස් රෝගය කොවිඞ් 19 ලෙස හඳුන්වන්නේ නැති අතර, ඔහු පවසන්නේ ‘චීන වෛරසය’ යන නාමයෙනි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය රිපබ්ලිකන් පක්ෂය වන අතර, මේ වන විට මෙම පක්ෂයේ ප්‍රධානීන් රැසක් චීනයට එරෙහිව දෝෂාරෝපණ ඉදිරිපත් කර ඇත. මෙම සියලුම පිරිස් අතරින් ප්‍රබල ලෙස චෝදනා නඟන්නේ ජනාධිපති ට්‍රම්ප් වන අතර ඔහු වරක් පවසා සිටියේ මෙම වෛරසය ගැන කරුණු දැනගත් මොහොතේ ඒ ගැන ලොවට වසන් කිරීමටචීනය සිතාමතාම කටයුතු කළ බැව්ය. ඇමෙරිකානුවන් 40,000කට අධික පිරිසකට මරණය අත්වූයේ මෙවැනි තත්ත්වයක් යටතේ බවත්, මේ අපරාධ සියල්ලටම වගකිව යුත්තේ චීනය පමණක් බවත්ය. කොරෝනා වෛරසය චීනයේම නිපදවූ එකක් බවට සැක ඇති බවත්, ඒ ගැන ඇමෙරිකාව මේ දිනවල විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත්ය. යම් හෙයකින් එය සත්‍යයක් යැයි ඔප්පු වුවහොත් චීනයට අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බැව් ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා ඉතා තදබල ලෙස ප්‍රකාශ කර සිටියේය. ජනාධිපති ට්‍රම්ප් පසුගියදා ඉතා තදබල තීරණයකටද එළැඹියේය. එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිපුර සහයෝගය දක්වන්නේ චීනයට යැයි චෝදනා කරමින් එම සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙනු ලබන සියලු අරමුදල් වහාම අත්හිටුවූයේය. මේ අතර ඇමෙරිකාවෙන් ලැබෙන අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ කොරෝනා වසංගතය නිසා ඇමෙරිකාවට සිදුවූ අලාභය චීනයෙන් අයකර ගැනීම සඳහා රාජ්‍ය පනතක්ද සම්මත කර ගැනීමට සැරසෙන වගතුගකි.

චීනයට එරෙහිව කැනඩාවේ ප්‍රතිචාරය

කැනඩාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 40,000කට ආසන්න සංඛයාවක් සිටින අතර මරණ 2000ක් පමණ වාර්තා වී ඇත. කැනඩාවේ සුප්‍රකට සමීක්ෂණ සමාගමක් වන ‘කැනඩා රිසච් කම්පැනි’ විසින් එරට පුරා සිදුකරන ලද පුළුල් සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ එරට වැසියන්ගෙන් 66%ක්ම විශ්වාස කරන්නේ කොරෝනා වසංගතය ලොව පැතිරීම කෙරෙහි සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ චීනය බැව්ය. මෙය මුළු සමස්ත ජනගහනෙයන් තුනෙන් දෙකක ප්‍රතිශතයකි. එසේම චීනයට එරෙහිව දැඩි දෝෂාරෝපණයක නිරත වූ එම කැනේඩියානු ජනතාවගෙන් හරි අඩක්ම තවදුරටත් පවසා ඇත්තේ චීනයට එරෙහිව කැනඩාව විසින් නීතිමය පියවරද ගතයුතු බැව්ය. එසේම තවත් පිරිසක් එම මතය ප්‍රතිෂේප කර ඇත. කෙසේ හෝ ත්ත්වය එසේ තිබුණද මෙතෙක් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ප්‍රධාන රජය චීනයට එරෙහිව නිල වශයෙන් යමක් ප්‍රකාශ කර නැත. එහෙත් කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ප්‍රකාශ කර සිටින්නේ යම් හෙයකින් චීනයට එරෙහිව බටහිර රටවල් එකට එක්ව නීතිමය මාර්ගයකට පැමිණෙන්නේ නම් එයට සහයෝගය දක්වන බැව්ය.

චීනයට එරෙහි එක්සත් රාජධානියේ (එංගලන්තයේ) ප්‍රතිචාරය

එක්සත් රාජධානියේ මේ වන විට කොරෝනා රෝගීන් 1,30,000ක් පමණ සිටින අතර මරණ 17,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ලොව වාර්තා වූයේ එංගලන්තයේ අගමැති බොරින් ජොන්සන්ටද කොරෝනා රෝගය වැළඳීමය. එසේම එම රජයේ ඇමැතිවරුන්ට සහ එංගලන්ත රාජකීය පවුලේ උදවියටත් කොරෝනා වැළඳිණි. වසංගතය දැනගත් සමයේ සිටම ලොව පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම මාරක වසංගතය මුළු ලොව පුරාම පැතිරවීමට චීනය සිතාමතාම කටයුතු කළේ යැයි එංගලන්තය චීනයට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. එක්සත් රාජධානි රජය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය නිමවීමෙන් පසුව චීනයට මුළුමහත් ලෝකයෙන්ම එල්ලවන ප්‍රතිචාර මැද ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බැව්ය. චීනය සමඟ සිදුකෙරෙන්නට නියමිතව තිබූ සුවිශාල සන්නිවේදන ජාල ව්‍යාපෘතියක කටයුතුද එක්සත් රාජධානිය විසින් මේ වන විට අත්හිටුවා ඇත. බොරිස් ජොන්සන් අගමැතිවරයාද චීනයට එරෙහිව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර, ඔහුගේ රජයේ එක් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ප්‍රකාශ කර ඇත්තේ චීනය අසත්‍ය ප්‍රකාශ කරන බවත්, එරට සිදුවූ මරණ සංඛ්‍යාව 3300ක් නොව 43,000ක් බවත්ය.

ලතින් ඇමෙරිකාවේ ප්‍රධානතම දේශයක් වන බ්‍රසීලය විසින්ද චීනයට එරෙහිව දෝෂාරෝපණය කළේය.

දැනට බ්‍රසීලයේ කොරෝනා රෝගීන් 40,000කට අධික පිරිසක් සිටින අතර, මරණ 2600ක් වාර්තා වී ඇත. බ්‍රසීල රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු වන වත්මන් අධ්‍යාපන ඇමැති ඒමරහම් වෙයින්ට්‍රාබ් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ චීනය කොරෝනා වෛරසය ලොව පුරා පැතිරවූයේ ලෝක බලය අල්ලා ගැනීමේ මෙහෙයවීමක් ලෙසය. ලෝකයේ බලවත් රටවල් මෙම වෛරසය මගින් අකර්මන්‍ය වන විට චීනයට ලෝක බලය අල්ලා ගැනීම පහසු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබිණි. එසේම මෙම වෛරසය නිර්මාණය කිරීම පිටුපස චීනය සිටින බවද ඔහු පැවැසීය. කෙසේ හෝ මෙම ප්‍රකාශය බ්‍රසීලයේ ඇති චීන තානාපති කාර්යාලය විසින් හෙළාදැක ඇති අතර, චීන රජය විසින් මේ පිළිබඳ බ්‍රසීල රජයෙන්ද කරුණු විමසා ඇත. එහෙත් බ්‍රසීල රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

චීනයට එරෙහිව නැඟෙන ඉන්දියානු ජනතාවගේ විරෝධය

අන්තර්ජාල ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉන්දියාව පුරා සිදුකරන ලද පුළුල් සමීක්ෂණයකින් ඉන්දියානු ජනතාව 67%ක ප්‍රමාණයක් චීනයට එරෙහිව දෝෂාරෝපණය කර ඇත. ඔවුන්ගේ ප්‍රධානතම චෝදනාව වන්නේ චීනයේ වූහාන් නගරයෙන් ඇරැඹි මෙම වසංගතය මාසයකට අධික කාලයක් හොර රහසේ ලොවට ප්‍රකාශ නොකර සඟවාගෙන තබා ගැනීමය. ඒ හෙයින් එය ලොව පුරාම ව්‍යාප්ත වන්නට හේතු වූ බවට ඔවුහු චෝදනා නඟති. ඉන්දියානුවන්ද මෙමෙ වෛරසය හඳුන්වා ඇත්තේ ‘චීන වෛරසය’ සහ ‘වූහාන් වෛරසය’ ලෙසිනි. 18%ක ප්‍රමාණයක් පමණක් කොරෝනා වෛරසය චීනයේ ජීව විද්‍යාත්මක අවියක් ලෙස ප්‍රකාශ කර ඇති අතර, අනෙක් පිරිස බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ එය චීන සත්ව මාංශ වෙළෙඳාම හරහා බිහිවන්නට ඇති බැව්ය. චීනය ඉතාමත් සූක්ෂම ලෙස තම බලය ලෝකය පුරා පතුරුවා ගැනීමේ උත්සාහයකද නිරතව ඇති බැව් සමහර ඉන්දියානුවන්ගේ මතය විය. කෙසේ හෝ ඉන්දියානු රජය මේ වන විටත් චීනයට එරෙහිව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත්ගෙ ජනසුවය හෝමාගම රෝහලටත් යයි (VIDEO)

Next Post

කොරෝනා අස්සේ ජනපති කතරගමට ගියේ ඇයි? (PHOTOS)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.