කොරෝනා මර්දනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට ආශිර්වාද ලබා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දින කතරගම පුදබිම වෙත පැමිණ සිටියේය.
මෙහිදී ජනාධිපතිවරයා කිරිවෙහෙර වහන්සේ වැද පුදා ගත් අතර මහා සංඝරත්නය විසින් පවත්වනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයට සහභාගි වීමට පියවර ගත්තේය.
මෙම අවස්ථාවට ජනපති බිරිය වූ අයෝමා රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.















