• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර දිනනවා… සජිත් දිනනවා… රනිල් දිනනවා… යූටියුබ් එකේ රැල්ලට බොරු අනාවැකි කියන සාස්තරකාරයන්ගේ වීඩියෝ දැන්ම පරිස්සම් කරලා තියාගන්න! ඡන්දෙන් පස්සේ බොරුකාරයෝ රටටම හෙළිකරමු! Sri Lanka Latest News

May 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇස්ට්‍රොලොජි හෙවත් ජ්‍යොතිෂය විලාසිතාවක් හෝ ටේ‍රන්ඩ් එකක් විදියට ලංකාව පුරා පැතිරෙන්නට ගත්තේ මීට වසර කිහිපයකට පළමුවය. ඒ කියන්නේ ජ්‍යොතිෂ කලාව අද ඒ දවස්වල වාගේ විලාසිතාවක් තරමට ජනප්‍රිය නැතුවද? (Sri Lanka Latest News)

බොහෝ දෙනකුගේ හැඟීම වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එහෙමත් නැත්නම් කොරෝනා උවදුරෙන් පස්සේ ජ්‍යොතිෂ කලාව මේනියාවක් විදියට අදහපු පිරිස අද එයින් ඈත්වෙලා කියලයි. ජ්‍යොතිෂය මේ රටේ රැල්ලක් විදියට උමතුවක් ආකාරයට පැතිර යන්න ගත්තේ 2010 අවුරුද්දෙන් පසුවය. ඊට කලින් සාස්තර කලාව, සිරිතක් වශයෙන් කොටහළු මංගල්‍යය හෝ විවාහ මංගල්‍යයට සිංහල බෞද්ධයන් විසින් වෙලාව බලවන්නටත් කේන්දර ගැළපීම් සඳහාත් යොදාගනු ලැබුවා. කතෝලික දහම අදහන සමහර පිරිසද එහි සිටියේ නැතැයි කියන්න බැහැ. සාස්තරය උමතුවක් වුණේ ටීවී කලාව නිසයි කිව්වොත් එහි වරදක් නැහැ. ජාතික රූපවාහිනිය වගේම පුද්ගලික රූපවාහිනී සේවාවන්ද සතියේ දවස්වල හැමදාම උදෑසන සාස්තර කට්ටියව ගෙනල්ලා සෝපාවල වාඩිකෙරෙව්වේ තරගෙට වාගෙයි.

ඔන්ලයින් නිමිති බලන විදිය, ඔන්ලයින් කේන්දර බලන විදිය, සෙත් ශාන්ති කරන ක්‍රම ගැන, අපල උපද්‍රව දුරු කරන විදිය ගැන, කොඩිවින අයින් කරන්නේ කොහොමද කියන එක ගැන කසාදවල ගැළපීම් නොගැළපීම් වශී බන්ධන කරන ආකාරය ගැන ඒ කාලේ ප්‍රසිද්ධියේ ටීවී චැනල්වලින් මහ හයියෙන් අදාළ උදවියට ඒ ඒ සාස්තරවේදීහු විසින් උපදෙස් දුන්හ. හරියටම කිව්වොත් ඒ සාස්තරකරුවෝ ඒ දවස්වල සිනමාවේ සුපිරි තරු මෙන් ජනප්‍රිය වූහ. පුද්ගලිකව හමුවී උපදෙස් ගන්නවා නම් විනාඩි 4ට හෝ 5ට රුපියල් හාර පන්දාහකි. දඩිබිඩියට මතුරන්නා වාගේ කියන දෙයට හොඳින් කන්දී සිටිය යුතුය. හදිසියේවත් දීපු උපදෙස් හෝ පැවැසූ නිමිත්ත ඇහුණේ නැත්නම් සමාවක් නැත. ඒ නිසාම කියන කතා ටික රෙකෝඩ් කරගත යුතුය. ඒ තරමට ජ්‍යොතිෂකරුවන් ඒ කාලේ ඩිමාන්ඩ්ය. ඔවුන් කියන පට්ටපල් බොරු අදහන අසරණ මිනිසුන් හිතන්නේ උන් දෙවිවරු කියලාය.

නමුත් ඒ දෙවිවරුන්ට මේ රටට සිදුවන මහා ව්‍යසන එකක්වත් ගැන නිමිති කියන්නට බැරි විය. පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය තියා රාජපක්ෂලා මේ රටේ ආර්ථිකය උඩුයටිකුරු කරන බව හෝ කාබාසිනියා කරන බවටවත් ඔවුන්ට පෙර නිමිති කියන්නට බැරි විය. ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69ක ඡන්ද ගත්තායින් පසුව උන් හැම අයකුම එක වගේම කියා සිටියේ සිරිලක කිරි පැණියෙන් නැහැවී යන බව ඔවුන්ගේ නිමිතිවලට පෙනෙන බවය.

කොරෝනා උවදුර පියවර කිහිපයකින් රට පුරා පැතිර ගියේ ගෝඨාභයගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුවය. කිරි පැණි ඉතිරෙනවා තියා කැඳ ටිකක්වත් දරුවකුට පොවාගන්න බැරි තරමට කන්න නැති නිසා ඉස්කෝලේ යන්න බැරිව ගම්වල ළමයි ලක්ෂ ගණනින් අසරණ වන තරමට රටේ ආර්ථිකය කාබාසිනියා වූයේද රාජපක්ෂලාගේ පාලන කාලය තුළදීය. කටමැත දෙඩූ සාස්තර දෙවිවරුන්ගේ කටවල් වැසී ගියේය. ශෝභමානය දියවී ගියේය. හැම උදෑසනකම විසිතුරු ඇඳුම් ඇඳගෙන ඇවිදින් විවිධ රූපවාහිනී සේවාවල ඔවුන් කරන නාඩගම් මඟහැරී ගියේය. පුද්ගලිකව මේ ඊනියා සාස්තර දෙවිවරුන්ව මුණගැහෙන්න යන එක නතර වුණාද? නැතිද? දන්නේ නැතුවාට ඒ මායාකාර මිනිසුන් ටෙලිවිෂන් තිර මත කියපු කරපු බහුබූතවලට වෙනදා තරම් ඉල්ලුමක් නොවීය. උමතුවක් නොවීය.

එය එලෙස සිදුවෙද්දී මෙන්න ඊයේ පෙරේදා සිට ආයෙම උන් යූටියුබ් එකේ රඟන්නට පටන්ගෙන ඇත. ඒ දේශපාලනය එක්කය. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් එක්කය.

අහවලා දිනනවා, අනෙකා පරදිනවා, අහවලාට ඡන්ද මෙච්චරයි, පරදින එකාට ඇප ලැබෙන්නෙත් නැතැයි කියමින් නැවත කටමැත දොඩන්නට ගෙන ඇත. රාජපක්ෂ රෙජීමය එක පෙළට මැතිවරණවලට ඉදිරිපත් වන කාලේද එක් ඇස්ට්‍රොලොජර් කෙනකු කියා සිටියේ මහින්ද රාජපක්ෂ පැරැදුණොත් තමන් වෙඩිතියාගෙන මැරෙනවාය කියලාය. නමුත් ඒ 2015 ජනාධිපතිවරණයෙන් දිනුවේ මෛත්‍රීපාල සිරිසේනය. වෙඩිතියාගෙන මැරෙනවාය කියාපු ජ්‍යොතිෂවේදියා වෙඩිතියාගෙන මැරුණේ නැතුවාට කාලයක් යනතුරු සමාජයෙන් වහං වී සිටියේය. පරාද වෙන ක්‍රිකට් මැච් දිනනවාය කියාපු උන්ටත් එලෙසට වහංව සිටින්නට සිදුවිය. ඒ ආකාරයට මේ රටේ ජ්‍යොතිෂවේදීන් පිට පිට බොරු නිමිති කී අවස්ථාවන්ද, ඒවා දිරවා ගන්නට බැරිව විදේශගත වන අවස්ථාවන්ද ඕනෑ තරම් තිබිණි. නැවත පැමිණ කිසිවක් නොවුණා සේ වැඩ අල්ලන අවස්ථාවන්ද තිබිණි.

ඒත් අනේ වැඩේ කියන්නේ මේ ශාස්ත්‍රවේදීන්ට විලි ලැජ්ජාවක් නැති එකය. ආයෙම මොවුන් කටමැත දොඩන්නේ ඒ හින්දාය. සෝෂල් මීඩියා පුරාම යූටියුබ් චැනල්වලද ඔවුන් ආයෙම බොරුව අතින් කටින් ගෙන රඟමින් සිටියි. උන්ට ඕනෙ ඕනෙ දේ කියති. ඇට නැති බැවින් නැවෙන දිව උළුක්කර හිතෙන හිතෙන දේ පවසයි. 2024 ජනාධිපති වන තැනැත්තා මොහුය. ගන්න ඡන්ද ප්‍රතිශතය මෙතෙකය. අහවලා පරදින්නේ නොසිතූ ලෙසය. රටට අලුත් ඉරක් පායයි. රට සුඛිතමුදිතව කිරියෙන් පැණියෙන් පිරී ඉතිරී යන දේශයක් වන්නේය. ‘පහළ වන්නේ පොළොවේ පයගසා සිටින සැබෑ මිනිසකු වුවද ඔහුට රාජ යෝගයක් ඇත. රජකුගේ ස්වභාවය ඇත. ඒ නිසා ඒ උත්තමයා රජෙක්ම වන්නේය. ඉන් පසු අපට බියක් නැතිය….’

ඒ, ජ්‍යොතිෂවේදීන්ගේ පපුවෙන්ම එන අනාවැකිය. පෙරනිමිතිය. මොවුන් මෙවැනි දේ කරන්නේ කාට හෝ වුවමනා නිසාද? නැත්නම් වෙන හේතුවකට දැයි අප නොදන්නෙමු. කෙසේ වුවද අවුරුදු දෙක තුනකට පළමුව දේශපාලනය සහ ජ්‍යොතිෂය එකට එක්ව කළ විහිළු නාටක සහ විලම්බීතයන් නැවත සෝෂල් මීඩියාවල රඟදැක්වෙමින් තිබෙන්නේය. අපිද ඒවා බලා විනෝද වන්නෙමු. සිනාසෙන්නෙමු. ඒ අතර ඒවා හොඳින් මතකයේද තබාගන්නෙමු. ඒ අතර, අපේ මතක ශක්තිය කෙතරම් තියුණු වුවද මේ බහුබූත පරිස්සම් කර තබාගත යුතුය.

මන්ද යත් පසු කලෙක ඒවා බල බලා අපට ඉල ඇදෙන තුරු සිනාසෙන්නට හැකිවන නිසාය. සිනාසෙන අතරතුර අපට ඔවුනට කිව හැකිය.
‘අනේ අඳබාලයිනේ… වැඩක් නැත්නම් පාඩුවේ ඉඳපල්ලා. මේ විලම්බීතවලට වැඩිය ඒක නම්බුකාරය…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අශෝක අධිරාජ්‍යයා මරණින් පසු ලංකාවේ ඉපිද පැවිදිව කුජ්ජතිස්ස මහ තෙරුන් ලෙස ප්‍රසිද්ධ වුණා! රුවන්මැලි සෑය අසල තියෙන කුජ්ජතිස්ස සෑයට ගිහින් වැඳපුදාගන්න! Sri Lanka Latest News

Next Post

කාර් බාර් හෙන ආතල් මැති ඇමැතිලා සැපේ! පොඩි එවුන්ට හැමදාමත් අයිති උන්ගේ හපේ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.