• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික පෙරේරා අද මිලියන 3000ක් වටිනා සහතික පත් දරුවන්ට ලබා දෙන්න කුරුණෑගලට ඇවිල්ලා! 10,000ක් පමණ ළමයි සහ දෙමව්පියන් බලා සිටිද්දී ධම්මික එනකොට මහා ධාරාණිපාත වැස්ස නැවතිලා! උත්සවය ඉවර වෙනකොටම ආයෙත් මහා වර්ෂාවක් පටන් අරන්! මේ රටේ දරුවන්ට උදව් කරන සජිත්ලාට ධම්මිකලාට හිනාවෙන එවුන් දැනගන්න ඕන සොබාදහමත් ඉන්නෙ මේ මිනිස්සුත් එක්ක කියලා! PHOTOS I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

“වර්ෂ 1950 දී මේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. ඒ වෙන‍කොට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි. ඒ කියන්නේ අපිට වැඩිය එක ඩොලරයකින් විතරයි ජපානයේ ඒක පුද්ගල ආදායම වැඩි වු‍ණේ. ඒ වෙනකොට සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 35යි. නමුත් අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33,000යි. සිංගප්පූරුව මේ තැනට අරගෙන ඒමේ ලී ක්වාන් යූ ‍ගේ රහස වුනේ අධ්‍යාපනය. නමුත් අපේ රටේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තු අයත් එහි යෙදුණු අයත් ප්‍රධාන න්‍යාය ඉගෙන ගත්තේ මැකියාවේලිගෙන්. බල දේශපාලනය වෙනුවෙන් මැකියාවේලි උපදෙස් දෙන්නේ නූගත් ජනතාවක් හදන්නයි. අපේ රටේ දේශපාලකයාත් අනුගමනය කළේ එයමද කියලා හිතන්න සිද්ධ වෙනවා. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එයින් පරිභාහිරව හිතපු කෙනෙක්. රට දියුණු කරන්න නම් අනාගත පරපුරට අයි.ටී විෂය දැනුම ලබාදිය යුතුය කියන මගේ යෝජනාවට ඔහු එකපයින්ම එකඟ වෙලා, මම පුද්ගලිකව මැදිහත් වී ආරම්භයක් ලබාදුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ මහින්දෝදය අයි.ටී විද්‍යාගාර වැඩසටහන ක්‍රියාත්මකභාවයට පත්කළා. ඒත් 2016දී එය නතර වුණා. නමුත් මම 2016 වසරේදී මගේ පුද්ගලික වියදමින් ඩීපී එඩියුකේෂන් නමින් එ් ගමන ඇරඹුවා. 2023 වනවිට ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව පරදවලා ආසියාවේ අංක එකට එන්න ඩීපී එඩියුකේෂන් එකට පුළුවන් වුණා” යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා පවසා සිටියේය.Sri Lanka Latest News

කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කළ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය වෙනුවෙන් අද (19වැනිදා) කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණ‍ භූමියේ පැවැති උත්සවයකදී ඒ මහතා එසේ පවසන ලදි.

වැඩ නොකරන මිනිසුන්ගේ රට හැදීමේ කටයුත්ත වේදිකාව මත කථාවට පමණක් සීමාවද්දී වැඩ කරන මිනිසුන් ඒ වැඩපිළිවෙල ලියාදක්වමින් රටේ දියුණුව පිණිස ක්‍රියාත්මක වන්නේ යැයි පැවසූ ධම්මික පෙරේරා මහතා, මෙය සංවර්ධිත රටක් කිරීම පිණිස රටේ අමාත්‍යංශ 23ක වැඩපිළිවෙල කෙසේ වියයුතුද යන්න සම්බන්ධයෙන් තමා විසින් මනා අධ්‍යයනයක් සහ ඉදිරිදැක්මක් සහිතව ලියා ඉදිරිපත් කරන ලද www.dhammikaperera.lk පරිශීලනය කරන මෙන් ජනතාවට මෙහිදී ආරාධනා කර සිටියේය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, සිසුන් සහ දෙමාපියන් ඇතුලු 10,000ක පමණ දැවැන්ත ජනකායක් මධ්‍යයේ පැවැති එම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා “ශ්‍රී ලංකාවේ ඉගැන්වීම් දෙආකාරයි. එකක් තමයි ප්‍රශ්න ඉගැන්වීම. අනෙක් එක තමයි ප්‍රශ්න වලට උත්තර සොයන්නට ඉගැන්වීම. ප්‍රශ්න උගන්වන අයයි එය ඉගෙන ගන්න අයයි තමයි තැන් තැන් වල ප්‍රශ්නම කථා කරමින් ඉන්නේ. ඒත් අපි උගන්වන්නේ දෙවැනි එක. අපි මේ දරුවන්ට කියාදෙන්නේ ප්‍රශ්න වලට උත්තර සොයන විදිහ. ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හරහා ඔබේ දරුවාට ලැබෙන්නේ ඇමරිකාවේ තිබෙන ආකාරයේ අධ්‍යාපනයක්. එහි මූලික අදියර අවසන් වන විට දරුවාට ලක්ෂ 20ක් වටිනා අයි.ටී අධ්‍යාපනයක් ලැබී අවසන්. අපි දැන් දුප්පත්කම හිතෙන් ඉවත් කරමු. මොකද ඔබේ ලක්ෂ 20ක් වටිනා දැනුම දැන් ඔබේ ගෙදරට ඇවිත් අවසන්. දැන් අපිට අවශ්‍ය ආත්ම ශක්තියයි, ආත්ම‍ ධෛර්යයයි විතරයි. ඔබේ දරුවාට මේ වැඩසටහන සම්පූර්ණ කර අවසන් කරන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්න. ඒ දැනුමෙන් මුදල් උපදවන ආකාරය අපි කියා දෙන්නම්. තව මාස තුනක් යනකොට මේ දරුවන්ට මුදල් උපදවන්න පුළුවන්” යැයි පැවසීය.

දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව එයට සාරධර්මද මුසු කළ යුතු බවත්, මෙහි අධ්‍යාපනය ලබන සිසුවා ඩොලර් 50කට කුළියට ගැනෙන රොබෝවකු නොවිය යුතු බවත් මෙහිදී අවධාරණය කළ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘවරයා සාරධර්ම සහිත අධ්‍යාපනයක් වෙත අප දරුවන් කැඳවාගෙන ඒමේ වැඩසටහන දින 450ක් තරම් කෙටි කාලයක් තුළ ගොඩනැගීමට තමන්ට හැකිවූ බවත් පවසා සිටියේය. ගමේ පන්සල ආශ්‍රිතව බිහිකළ ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හරහා දහස් සංඛ්‍යාත දරු පිරිසක් පන්සල්වල දායක දායිකාවන් බවට පත්ව සිටින්නේ යැයිද හෙතෙම සතුටින් ප්‍රකාශ කළේය.

එසේම, අප රටේ පොහොසත් ඉතිහාසය වර්තමානයට කැඳවාගෙන ඒමට හැක්කේ ගමත් පන්සලත් අතර සම්බන්ධය නැවත ගොඩනැගීමෙන් පමණක් බව පැවසූ ධම්මික පෙරේරා මහතා ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන හරහා එය සිදුවන ආකාරය මෙහිදී පහදා දුන්නේය. එසේම තම ජීවිත කාලයම පාරමිතාවක් කරගනිමින් ගමේ සියල්ලන්ගේම යහපත ප්‍රාර්ථනා කරන අයෙක් වේ නම් ඒ ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ බවත් ඔහු මෙහිදී පවසා සිටි අතර ඩීපී එඩිය‍ුකේෂන් වැඩසටහටහන හරහා මේ වෙනුවෙන් උන්වහන්සේලා ලබාදෙන සහයෝගය ඇගයීමටද ලක්කළේය.

මෙහිදී ඩීපී එඩියුකේෂන් අදාළ අදියර සපුරාලූ දුවා දරුවන් හට සිය දෙමාපියන් අතින්ම සහතික පත් ලබාදුන් අවස්ථාවේ දෙමාපිය දූදරු බැඳීම පිළිබඳ සංවේදී විග්‍රහයක් කරමින් ආදරණීය පරපුරක් තැනීමේ වටිනාකම ප්‍රායෝගික අවස්ථාවකින් පහදා දීමට ධම්මික පෙරේරා මහතාට හැකිවිය.

ඩීපී එඩියුකේෂන් විසින් සිය අයි.ටී කැම්පස් අතර සංවිධානය කළ ඩිජිටල් වෙසක් තොරණ 2024 තරගාවලියේදී ජයග්‍රාහී ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් 25 අතරට එක්වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැහැර ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හී අදාළ වෙසක් තොරණ් 6ක ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය සහ එම තොරන් ප්‍රදර්ශනයද මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය.

කෙසේවෙතත් මෙහිදී තවත් සුවිශේෂ සිදුවීමක් දැකගත හැකි විය. ඒ, උත්සවයට ධම්මික පෙරේරා මහතා සහභාගී වීමත් සමගම එතෙක් වේලා ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නැවතීමය. ඉන් අනතුරුව උත්සවය අවසන් වූ පසු නැවතත් ධාරාණිපති වර්ෂාවක් ඇදහැලෙනු දැකගත හැකිවිය.

SendShareShare
Previous Post

මහ වැස්සේ පෝට් සිටිය ළඟ ගින්නක්! ගිනි නිවන රථ 4ක් ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 30ක ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් රණවිරුවන්ට රජයෙන් යුතුකම් ඉටුනොවීම නිසා අද ඔවුන්ට රුසියානු යුදබෙිමේ මැරෙන්න සිදුවෙලා! ආණ්ඩුව කප්පාදු කළ සියලුම සහන සජබ රජයක් යටතේ රණවිරුවන්ට ලබා දෙනවා! සජිත්ගෙන් රණවිරුවන්ට ප්‍රතිඥාවක්! PHOTOS I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.