ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේ දී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු කරමින් සියලු ම ශ්‍රී ලාංකිකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව එක්සත් ජනපදය සහතික කරනවා. (Sri Lanka Latest News)
මෙරට එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් ඇයගේ නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, යුක්තිය, සමාන අයිතිවාසිකම් සඳහා වන ප්‍රවේශය අඛණ්ඩව අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාව සඳහා එක්සත් ජනපදය ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
තව ද තිරසාර සාමය සහ ප්‍රගතිය සඳහා එහි විවිධත්වය වැළඳ ගන්නා සමෘද්ධිමත් සහ සියල්ලන් ඇතුළත් අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය දැක්වීමට ඔවුන්ගේ කැපවීම එක්සත් ජනපද තානාපතිවරිය වැඩිදුරටත් තහවුරු කරනවා.

hirunews










