• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

FB හොල්ලපු බේකරියේ බෙල්ටා

April 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
FB හොල්ලපු බේකරියේ බෙල්ටා
Share on WhatsAppShare on Facebook

මේ වෙද්දී සමාජ මාධ්‍ය කලාව කියන්නේ බොහොම ජනප්‍රිය දෙයක්. ඒ හරහා විවිධාකාරයේ දක්ෂතා පළ කරන බොහෝ දෙනෙක් අපිට දැක ගන්න පුළුවන්. “බෙල්ටා” කියන්නෙත් ඒ වගේ ඉතාම කෙටි කාලයකින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වුණු චරිතයක්.

2019 දෙසැම්බර් මාසයේදී තමයි බෙල්ටා ෆේස්බුක් හරහා මේ විදියට වීඩියෝ සමාජගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වැඬේ පටන් අරන් මාස 06ක් පහුවෙලා නැතත්, අද වෙද්දී එම ෆේස්බුක් පිටුවේ පරිශීලකයන් ගණන 90,000කට අධිකයි. ඒ සඳහා කැමැත්ත පළ කර ඇති ගණන 60,000කට අධිකයි.

බෙල්ටා ෆේස්බුක් පිටුව හරහා වීඩියෝ ඉදිරිපත් කරන්නේ තරුණයෙක්. ඔහුට පුංචි කාලේ ඉඳන් යාළුවෝ කිව්ව නම තමයි ඒ. ඒ හින්දා ඒ නමින්ම මේ වැඬේ පටන් ගන්න ඔහු තීරණය කරලා. ෆේස්බුක් වැඬේ ගැන හැම දේම කියන්න කැමැති වුණත්, ඔහු එක දෙයක් සඟවන්න අවශ්‍ය බව අපිට කිව්වා. ඒ තමයි ඔහුගේ අනන්‍යතාව සහ පදිංචිය. ඒ හින්දා ඒ ගැන අහන්නේ නැතිව අනෙක් විස්තර විතරක් කතා කරන්න අපි ඔහුට පොරොන්දු වුණා. ඔහුගේම වචනවලින් කියනවා නම් කතාව මෙහෙමයි.

“මං කලින් වැඩ කළේ බේකරි වැඩකරුවෙක් විදියට. තනියෙන් බේකරියක් පවත්වාගෙන යන්න අවශ්‍ය දැනුම මා ළඟ තියෙනවා. ඒත් පසුගිය අවුරුද්දේ එක පාරට ආව කකුලේ අමාරුවක් හින්දා ශල්‍යකර්මයකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඊට පස්සේ ගෙදරට වෙලා නිකන් ඉන්න අතරේ තමයි මම මේ වැඬේ පටන් ගත්තේ. හිතුවේ නැති විදියට ඒක ජනප්‍රිය වුණා.” තමන්ගේ අදහසක් අනුව පටන් ගත්ත වගේම මෙතෙක් නිර්මාණය කරපු හැම දෙයක්ම තමන්ගේ අදහස අනුව කරපු දේවල් කියලයි බෙල්ටා කියන්නේ.

“මේ වෙනකම් මම මේ වැඬේට කිසිම කෙනෙක්ගේ සහාය අරගෙන නැහැ. ඔක්කොම මම තනියම තමයි කරන්නේ. අපි ජීවත්වන ප්‍රදේශය අනුව මේ වගේ වැඩකට කැමරාව අල්ලන්නවත් කෙනෙක් හොයා ගන්න අමාරුයි. මේව තේරුමක් නැති වැඩ කියලයි ඒ ගොල්ලෝ හිතන්නේ. ඒ හින්දා ඒ හැම දෙයක්ම මම තනියෙන්ම තමයි කර ගන්නේ.”

වර්තමානය වෙද්දී සමාජ මාධ්‍යකරණය සහ සමාජ මාධ්‍ය කලාව කියන්නේ ඉතාම දියුණු දෙයක්. ඒ හින්දා ඒ සඳහා යොදා ගන්න තාක්ෂණික මෙවලම් ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම මිල අධිකයි. ඒත් බෙල්ටා මේ හැමදේම කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන්.

“අද කාලේ ෆෝන් එකෙන් කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි ඒ තාක්ෂණික දැනුම මම කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. ප්‍රයෝගිකවම තමයි ඒ දැනුම ලබා ගත්තේ. නොතේරෙන දෙයක් තිබුණත් ඒ ගැන ඇහුවම උදව් කරන්න ගොඩක් අය අන්තර්ජාලයේම ඉන්නවා. ඒ හින්දා ඒක එච්චර අමාරු නැහැ. ෆේස්බුක් විතරක් නෙවෙයි යූ ටියුබ් ජාලයට පවා මම එක්කරන හැම දෙයක්ම සිදු කරන්නේ ෆෝන් එකෙන් තමයි.”

සමාජ මාධ්‍ය කලාව දියුණු වීම වගේම වර්තමානය වෙද්දී ඒක ඉතාම හොඳ ආදායම් මාර්ගයක් බවට පත් වෙලා. බෙල්ටා කියන්නේ සමාජ මාධ්‍ය හරහා හාත්ස්‍යෝත්පාදනය මතු කරන චරිතයක්. ඒ හින්දා ඒ හරහා ආදායම් ඇති කර ගැනීමේ හැකියාවත් ඔහුට තියෙනවා. ඒත් ඔහුගේ බලාපොරොත්තුව ඊට එහා ගිය දෙයක්. අපි සමාජ මාධ්‍යයේ දකින බෙල්ටට වඩා ඔහුගේ ඇතුළේ ඉන්න චරිතය ඉතාම වටින කියන එකක්. තමන්ගේ බලාපොරොත්තු ගැන ඔහු අපිට කිව්වේ මෙහෙමයි.

“මේකෙන් වීඩියෝ දාලා විහිළු සපයන එක විතරක් නෙවෙයි. තව ගොඩක් දේවල් මගේ ඔළුවේ තියෙනවා. තාම මේ වැඬේ පටන් අරන් ටික කාලයයිනේ. අපි ඉස්සරහට බලමු. ඒ වගේම මේ වැඬේ පටන් ගත්ත මුල් කාලේ මට ගොඩක් බැණුම් අහන්න වුණා. බොරුවට වීඩියෝ දාල සල්ලි හම්බ කරන්න හදනවා කියන දේ තමයි ගොඩක් අය කිව්වේ. ඒත් මගේ ඇත්ත තත්ත්වය ගැන දැන ගත්තට පස්සේ ඒක ගොඩක් වෙනස් වුණා. ගොඩක් අය මට උදව් කරන්න ඉදිරිපත් වුණා. කැමරා ඇතුළු ආම්පන්න ලබා දෙන්න ඇහුවා. ඒත් මම තාම ඒ කිසි දෙයක් අරගෙන නැහැ. ඒ හින්දම තමයි මම ඉන්න තැන කාටවත් කියන්නේ නැත්තේ. මට ඕනේ මේ වීඩියෝ දාලා සල්ලි හම්බ කරගෙන ගෙදරට වෙලා ඉන්න නෙවෙයි. මේක හරහා ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්. මේක හරහා ගොඩක් මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. මට කතා කරපු අය හින්දම තමයි මම ඒක තේරුම් ගත්තේ. මේ කරදර ඉවර වෙලා රටේ තත්ත්වය යහපත් වුණාම මේක හරහා දුප්පත් මිනිස්සු කිහිප දෙනකුට හරි උදව් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන එක තමයි මගේ මුල්ම බලාපොරොත්තුව.” බෙල්ටා අපි එක්ක අදහස් දැක්වූයේ එහෙමයි.

ඇත්තටම අපි මතුපිටින් දකිනවට වැඩිය ගොඩක් චරිතවල ඇතුළාන්තය වෙනස්. බෙල්ටා කියන චරිතයත් ඔබ හිතන් හිටියට වඩා ගොඩක් වෙනස් කියලා මේක කියෙව්වම ඔබට තේරෙන්න ඇති. සමාජ මාධ්‍ය හරහා හාස්‍යජනක වීඩියෝ ඉදිරිපත් කරලා ජනප්‍රිය වුණු ඔහු ඒ හරහා යහපත් සමාජ සත්කාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් වගේම බෙල්ටා සමාජ මාධ්‍ය හරහා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන දේවල් එක්කත් ඔහු පිළිබඳ කතා කරන්න බොහෝ දේ ඉදිරියේදී එකතු වේවි. අපි බලන් ඉමු.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හච් රීචාර්ජ් කාඞ්පත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහරී

Next Post

ඇඟිල්ලෙ තරමටද සේරම වෙන්නෙ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.