ජනාධිපතිවරණයට පෙරාතුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවට විවිධ පාර්ශ්වවලින් ලැබී ඇති ඉල්ලීම් හමුවේ එසේ මහ මැතිවරණය පැවැත්වීමට නම් ලබන ජූලි මස 15 වැනි දිනට ප්රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යම් හෙයකින් ජූලි 15ට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානමින් සිටින බවත්, එසේ නොවන්නේ නම් මහ මැතිවරණය පැවැත්වීමේ අවස්ථාවක් නොමැති බවත්ය.
මේ අතර, ජනාධිපතිවරණය බොහෝ දුරට ලබන ඔක්තෝබර් 05 වැනි දින පැවැත්වීමට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ‘මව්රට’ට වාර්තා වී තිබේ.
ජනාධිපතිවරණ පනතට අනුව 2024 ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර සෙනසුරාදා දිනකය.
එම කාලය ඇතුළත යෙදී ඇති සෙනසුරාදා දිනයන් වන්නේ සැප්තැම්බර් 21, සැප්තැම්බර් 28, ඔක්තෝබර් 05 සහ ඔක්තෝබර් 12 යන දිනයන්ය.
ඒ අනුව, බොහෝ දුරට ඔක්තෝබර් 05 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ලෙස තෝරාගනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.









