• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඔරුවේ පැද්දි පැද්දි නෙලුම් වැවේ උණුදිය උල්පතට

April 25, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
ඔරුවේ පැද්දි පැද්දි නෙලුම් වැවේ උණුදිය උල්පතට
Share on WhatsAppShare on Facebook

මුළු රටම අනතුරට පත්වෙලා තිබෙන මොහොතක ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ඔයාලාව Travel with Mind අපිත් එක්ක ගොඩක් අය නොදන්න තැනකට එක්ක යන්න හිතුවා.
කාර්යබහුල ජීවිතයෙන් පොඩි වෙලාවකට මිදීම සඳහා සංචාරය කිරීම කදිම විනෝදාංශයක් කරගත් අපේ කණ්ඩායම මේ සංචාරය කරන්නේ ලස්සන ප්‍රදේශ සොයා පමණක් නොවෙයි. ලස්සන සිත් ඇති මිනිසුන් සොයාය. අපේ සංචාරය බොහෝමයක් පිරිස් නොදන්නා පොළොන්නරුවේ, බොරවැව පිහිටි උණු දිය උල්පත් හොයාය. අවුරුද්දේ මුල්ම කාර්තුව නිසාම හොඳින් වැසි ඇද හැලී වියළී ගිය පරිසරයට හොඳ ජීවියක් එක්වී තිබුණු බව පොළොන්නරුවට ඇතුළු වන විටම දැනුණු කාරණයක් විය. මහා පරාක්‍රම සමුද්‍රය දිගේ හමාගෙන එන ඒ අමු ගැමි සුවඳ එක්ක මුසු වුණු සොබාධර්මයේ සුවඳ ස්පර්ශ කරගත් අපි පුංචි ගොම මැටි ගෑ කඩපිලක උදේ ආහාරය සඳහා නවත්තන විටත් උදේ 10 පසුවී තිබුණද උණු උණු රොටියක් සමඟ ලුණු මිරිසක රස බලා ඉඟුරු plan tea රස බැලීමට අමතක නොකළෙමු.

පොළොන්නරුව, කදුරුවෙල නගර පසුකොට නැවැත වනාන්තරබද ප්‍රදේශයකට පිවිසුණු අපට ඒ අවට නිදැල්ලේ ගැවසුණු මුව පැටවුන් දැක ගැනීමටත් හැකි විය. මනම්පිටිය ජල ගැලීම් නිම්න ජාතික උද්‍යානයට ඇතුළු වන විට තිබෙන දේවාලයෙන් කවුරුත් පාහේ ආශීර්වාද ගෙන ගමන නැවත ඇරැඹීම එම ප්‍රදේශයේ සෑම දෙනකුගේම පාහේ පුරුද්දක් වූ නිසා පොඩි වේලාවකට අපි සියලු දෙනාද ආශීර්වාද ගෙන නැවැත අප ගමන ආරම්භ කළේ උණු දිය උල්පත් සොයාය. අප්‍රමාණ සිතට සැනසීම ගෙන දෙන සාරවත් වෙල්යායවල් මැදින් වැටී ඇති මෙම මාර්ගවල ගමනා ගමනය සිතට ගෙන දෙන්නේ මහත් සැනසීමක් බව ඇස් රහසේම පවසන්නේ බැලු බැලූ අත කොළපාටින් වර්ණ වුණු පොළොන්නරු ගොවියාගේ විශ්වකර්ම ගොවිතැනයි. බොර වැව අසල පොඩි වෙලාවකට රථය නැවැත්වීමේ ප්‍රබල ආශාවක් අපේ සැමටම දැනුණි. බොරවැව නාවුල්ලෙන් එන සිසිල් සුළං පහර නිසා විඩාබර වූ අපේ සිත් එක මොහොතකින් ඒකාලෝක කළ බව දැනටද දැනේ. බොර වැවේ එක පසෙකින් දිඹුලාගල පෙනෙන අපූරුව අපේ කැමරා කාචයේ ලස්සනට සටහන් විය. පොළොන්නරුවේ ධෛර්යවන්ත මිනිසුන් අතින් සාරවත් වුණු කුඹුරුයායවල් බොර වැවේ අනෙත් පැත්තෙන් දිස්වෙයි. මෙවන් දර්ශන දැකගැනීමට තරම් අප භාග්‍යවන්ත වූ බව කිව යුතුමයි.

නැවැත ගමන් ආරම්භ කළ අප විනාඩි 10ක් පමණ යන විට නෙලුම් වැව උණු දිය උල්පත් අසලට පැමිණියෙමු. සියල්ල ගරා වැටී ඇත. උණු දිය උල්පත පිහිටා ඇත්තේ නෙලුම් වැවේ මැද පිහිටි දූපතකය. අඩුම තරමින් දූපත මැදට යෑමට ඔරුවක්වත් අයිතිකරුවකුවත් පෙනෙන්නට නොසිටියේය. පොඩි දුරක් ගම ඇතුළට ගමන් කළ අප ඉතා අමාරුවෙන් අනුර මාමාව සොයා ගත්තේය. ඔහු ඔහුගේ වැඩ ඉවතලා අප සමඟ මේ ගමනට යෑමට සූදානම් විය. ඔහුගේ ඔරුව වැවේ එක කොනක ගහක බැඳ ඇති අයුරු ඈතින්ම සිට ඔහු පෙන්වන විට මේ ගමනේ ත්‍රාසජනක බව වඩ වඩා අපිට දැනෙන්නට වූයේ ඔරුවේ තත්ත්වය සහ වැව මැද තත්ත්වය ගැන හොඳ වැටහීමක් අපිට නොතිබුණු නිසාය. ‘ඔය වැවේ හරියට කිඹුල්ලු ඉන්නවා නෝනා අපි නාන්නෙත් එක ඉවුරකින් විතරයි’ යැයි අනුර මාමා සැහැල්ලුවෙන් පවසන විට අපිට දැනුණු බය වචනයෙන් විස්තර කිරීමට අපහසුය. නමුත් අපි කොහොම හරි මේක කරමු යැයි සිතූ සියල්ලම ඔරුවට ගොඩ විණි. ඔරුව සෙලවි සෙලවී තම ගමනාන්තය බලා ගමන් කරන විට අපගේ බය කෙමෙන් කෙමෙන් නැති විය. ඔරුවක නැඟී හුළං ඒ මේ අත වැනෙන වැවක් මැද අපේ ගමන සහ ගමනාන්තය උණු දිය උල්පත්ය. සොබාවධර්මය යනු මහා විශ්වකර්මයෙකි. වැවක් මැද ඉතා කුඩා දූපතක උණු දිය උල්පතක් මැවීමට තරම් ඔහු විශිෂ්ට නිර්මාණකරුවෙකි. මේ අත්දැකීම ඔබ ලබාගත යුතු බව මට හැඟේ. විනාඩි 8ක් පමණ වෙලා ඔරුවෙන් ගමන් කළ අප අපගේ ගමනාන්තයට පැමිණියේ හද පිරි සතුටිනි. උණු දිය උල්පත් 7 එතැන විය. ඒවා වැඩි උෂ්ණත්වයෙන් යුතු විය. උණු දිය උල්පතේ උෂ්ණත්වය 62-67C 0 අධික වුවත් මම ඇඟිලි 2, 3ක් උණු දිය උල්පතට දමා බැලුවෙමි. තැමුබුණු ගෙම්බෙක් උණු දිය උල්පතේ අසල හිටියේ ඔහුගේ අවසාන හුස්ම උණු දිය උල්පතටම පිරිනමමින්ය.

චර්ම රෝග සුව වීම සඳහා උණු දිය උල්පතකින් ස්නානය බොහෝම හොඳ බව වෛද්‍ය මතය වූ නිසාම උණු දිය උල්පත්වලින් අඩුම රස්නය තිබෙන උල්පතකින් ස්නානය කරගත් අපි අවට පරිසරය රසවිඳීමට පොඩි වේලාවක් විඩංගු කළේය. ඔබ පැමිණ මේ ත්‍රාසය හා ප්‍රීතිමත් අත්දැකීම විඳගත යුත්තේ මේ ස්වභාවධර්මයේ අපූර්වතම දායාද ගැන සිත පහදවා ගෙන බව අමතක නොකළ යුතුයි. පරිසරය පිරිසුදුව තබා ගැනීම අපගේ පරම යුතුකමකි. එන්න විඳින්න ඔබට අයිති සුන්දරත්වය ඔබේ මනසින් පරිසරය සමඟ.
වාසනා බිනරගම

SendShareShare
Previous Post

අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව දඹුල්ලට හා කැලණියට ව්‍යාප්ත කරයි

Next Post

සිංහල සිනමාවේ රෝයි – සුමනා සලකුණ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.