• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපන් විදේශ ඇමැතිනිය ලංකාවට ඇවිත් කියපු කරපු දේවල් ඔන්න අපි රටටම කියනවා! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘බාලගිරි දෝෂය යන්න අපගේ ඉපැරැණි ලාංකික ජන සංස්කෘතියේදී අපට අසන්නට ලැබෙන අපූරු කියමනකි. අපගේ ජන වහර ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනකු මෙම කතාව දන්නේය. බාලගිරි දෝෂයේ සත්‍ය වගතුග බොහෝ විට අසන්නට ලැබෙන්නේ අපගේ රටේ ග්‍රාමීය පරිසරයෙනි. එනම් සමහර ග්‍රාමීය නිවෙසක කාන්තාවකට දරු උපතක් සිදුවූ පසු එම නිවෙසට ඇතුළු වන ප්‍රධාන උළුවස්සේ ඉහළින් ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ යන වැකිය ලියා තබන ආකාරය දක්නට හැකිය. මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනය. ඇය නම් ‘ගිරි දේවිය’යි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. මෙහිදී අපගේ ජන වර්ගයා අදහස් කරන්නේ මෙම දේවියට නිසි පිදුම් නොකළහොත් අලුත උපන් දරුවන්ට විවිධ අපල උපද්‍රව සිදුවන බවයි. එහෙයින් වැඩිහිටියන් එම පිදුම් සිදුකරන අතර, නිවෙසට ඇතුළු වන දොරටුවේ ඉහත වැකිය ලියා තබයි. එනම් බාලිගිරි දෝෂය අද තමන්ට සිදු නොවන අතර, එය හෙටට කල්තැබෙන බැව් අදහස් කිරීමකි. (Sri Lanka Latest News)

සැබෑ ජන සංස්කෘතියේ දැක්වෙන්නේ එවැනි කතාවකි. එහෙත් මෙම ජනවහර පසුකාලීනව අපගේ පොදු සමාජය තුළ වෙනත් ආකාරයක අර්ථකථනයක් ගෙනහැර දැක්වීය. එය කුමක්ද? එය නම් කලින් කලට කල්දැමෙන යම් කටයුත්තක් හෝ ක්‍රියාවලියක් කිසිදු ආකාරයකින් ඉෂ්ට නොවන බව විදහා දැක්වීමකි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් එවැනි කාර්යයක් කිසිසේත්ම ඉටු නොවී කිසිදු ප්‍රතිඵලයක් නොපෙන්වා විනාශ මුඛයට ඇදවැටීමය. ඒ අනුව මේ ආකාරයේ බාලගිරි දෝෂයේ නූතන අර්ථකථනයේ කතාන්දර රාශියක් අපට වත්මන් සමාජය තුළින්ද දක්නට හැකිය. මේ කතාන්දර අතිබහුතරයක් දැකිය හැක්කේ සුවිශාල සංවර්ධන ව්‍යාපෘතීන් හරහාය. අද ඔබට මෙවැනි වටපිටාවක් ගැන ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කළේ කුමන හේතුවක් නිසාද?

පසුගිය වසර 10 පුරා කඩින්කඩ අපට අසන්නට ලැබුණු බාලගිරි දෝෂයේ අපූරු කතාන්දරයක් වෙයි. මෙය නම් කොළඹ මොනෝ රේල් ව්‍යාපෘතියේ කතාවයි. මෙම වගතුග මුලින්ම දිවයන්නේ 2014 වසරේ මැදභාගය වෙතය. එනම් එවක තිබුණු රාජපක්ෂ රජයේ 2014 ඔක්තෝබර් වැනි කාලවකවානුවක් වෙතය. ඒ අනුව බලන කල හරියටම දැනට වසර 10ක කාලයක් ගතවී ඇති පසුබිමකි. මෙම මොනෝරේල් ව්‍යාපෘතිය යනු දුම්රිය විදුලිකරණයකින් යුත් ඉහළ මානයකින් දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතියකි. එනම් පොළොවෙන් ඉහළ කණු මත ඉදිකරනු ලබන දුම්රිය මාර්ග පද්ධතියකි. මෙය අතිවිශාල සංවර්ධන ව්‍යාපෘතියක් වන අතර, මුලින් 2014 වසරේදී ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වෙයි. එහෙත් වසර 10ක් ගිය තැන අද මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වැයවනු ඇතැයි ගණන් බලා ඇත. එනම් තවත් ඩොලර් බිලියන එකකින් පමණ ඉහළ යෑමකි. එසේ පිරිවැය ගැන කුමක් කතා වුවද මේ දක්වා මෙම සුවිශාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමක් ගැන සිහිනයකින් හෝ දකින්නට හැකිව නැත. එනම් මේ ගැන කලින් කලට අසන්නට ලැබුණු මෙරට රාජ්‍ය සහ විදෙස් පාර්ශ්වවල කතාන්දර පමණකි. මෙම කතා බොහොමයක්ම පසුගිය සමය තුළදී විවිධ මාධ්‍ය හරහා අසන්නට ලැබුණු අතර, පොදු ජනතාවද එම කරුණු යහමින් දැනගත්හ. සැහැල්ලු දුම්රිය සංක්‍රමණය යනු ලෝකයේ දියුණු රටවල් රාශියක් තුළ ඉදිකර ඇති නූතන දුම්රිය ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව තුළද මෙය ඉදිකිරීමට නියමිතව ඇත්තේ මාලබේ ප්‍රදේශයේ සිට කොළඹ කොටුව වෙතට ගමන් කෙරෙන දුම්රිය සේවයක් වශයෙනි. එනම් කිලෝමීටර් 16ක දුර ප්‍රමාණයක් ගමන් කෙරෙන මාර්ගයක් ලෙසිනි.

2014-2015 වසරවලදී මෙම සුවිශාල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණත් එය මේ දක්වා සිදුකෙරී නැත. මුලින් එකල රාජපක්ෂ රජය සමයේදී මෙම ව්‍යාපෘතිය චීන රජයේ ණය ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමග පසුව 2015දී රාජපක්ෂ රජය බලයෙන් පරාජයට පත්විය. ඉන් පසුව බලයට පත්වූ යහපාලන රජය විසින් මෙම ව්‍යාපෘතිය චීනයේ සම්බන්ධයෙන් ඉවත් කොට ජපාන රජයේ ව්‍යාපෘතියක් බවට පත්කරන ලදී. ජපාන රජයේ මෙහෙයවීම යටතේද එය ආරම්භ කිරීමට එවක බලයේ සිටි යහපාලන රජයට නොහැකි විය. එසේ වූයේ මේ සඳහා වැයවන අධික ධනස්කන්ධය හෙයිනි. එසේම මෙම සුවිශාල ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමද බැරෑරුම් ප්‍රශ්නයක් විය. ඒ අනුව මෙම නූතන බාලගිරි දෝෂය දිනෙන් දිනම උත්සන්න විය. ඉන් පසුව නැවත බලයට පත්වූ රාජපක්ෂ රජය විසින් මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම අත්හිටුවන ලදී. එහිදී ප්‍රකාශ වූයේ එම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ජපානයෙන් ඉවත් කර අඩු පිරිවැයකට චීන රජය වෙත ලබාදෙන බවය. එහිදී උරණවූ ජපාන රජය තමන්ගේ අලාභ හානි ඉල්ලා ශ්‍රී ලංකා රජයට විරුද්ධව ජාත්‍යන්තර නඩුහබ ගොනුකළේය. එයින් කලබලයට පත්වූ රජය නැවත ප්‍රකාශ කළේ ජපානයටම මෙම ව්‍යාපෘතිය පිරිනැමීමටය. ඒ අනුව දැනට මෙම ව්‍යාපෘතිය ජපාන රජයට ලබාදීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම තීරණය කර ඇත. ඒ කෙසේ වුවද එම බාලගිරි දෝෂය ඒ අයුරින්ම මුළුමහත් ශ්‍රී ලංකාවම රෝගී කරමින් ජයගන්නට සමත්ව ඇත.

දැන් ඔබට මෙලෙස වසර 10ක් පුරා ඇදීගිය මහා අර්බුදයක තොරතුරු පැහැදිලි වන්නට ඇතිය. දැන් එසේ නම් අප පැමිණ සිටින්නේ මෙම කතාවේ අලුත්ම හැරවුම් ලක්ෂ්‍යය වෙතය. එය කුමක්ද? මෙම කතාවේ අලුත්ම ජවනිකාවක් අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් මෙයට දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණි ජපානයේ වත්මන් විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මියගේ කතාන්දරය එය විය. ඇය මෙරට තුළ දින 03ක පමණ කාලයක් ගතකළ අතර, එම සංචාරයේදී දෙරටට අදාළ වූ විශේෂ කරුණු කිහිපයක් හෙළිවන්නට විය. ජපානයේ වත්මන් විදේශ අමාත්‍ය ධුරය දරන යොකෝ කමිකාවා 71 වැනි වියෙහි පසුවන ජපන් ජාතික කාන්තාවකි. ඇය වත්මන් ජපන් රජයේ සිටින ඉතා බලගතු දේශපාලන චරිතයක් වන අතර, ඇය විදේශ අමාත්‍ය ධුරයට පත්වන්නේ 2023 සැප්තැම්බර් 13 වැනිදාය. එයට පෙර ඇය එරට අධිකරණ අමාත්‍ය ධුරය වසර තුනක කාලයක් දරා ඇති අතර, වසර 24ක් පුරා ජපාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය දරන්නීය. ඉතා විද්වත් පරිචයක් ඇති ඇය, ජපානයේ ටෝකියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ලොව පැරැණිතම සහ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගෙන සිටින්නීය. ඇය මේ දිනවල ආසියාතික රටවල් කිහිපයක සංචාරයක නිරතව සිටින්නීය. ශ්‍රී ලංකාවද එයට අයත්ය. මෙලෙස ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මෙරට සංචාරයේදී දෙරටටම අදාළ වන බොහෝ වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළාය. එහිදී ඉහත අප මෙහි බොහෝ කරුණු කතා කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැනද බොහෝ ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දීර්ඝ සාකච්ඡාවකදී මෙම කාලීන කරුණු කතාබස් වී ඇත. ඇගේ වදිනින්ම එම අදහස් ප්‍රකාශ වූ ආකාරය සොයා බලමු.

‘ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉතා ක්‍රමානුකූලව සිදුකළ යුතු ක්‍රියාවලියක්. එම මෙහෙවර වර්තමාන රජය යටතේ සාර්ථකව සිදුකරනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එය සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය රඳාපවතින්නේ මෙවැනි වැඩපිළිවෙළවල් සාර්ථකව සිදුකෙරුණු පසුවයි. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට ජපානය තම උපරිම සහයෝගය ලබාදෙනවා. විනිවිදභාවයෙන් හා සන්සන්දනාත්මකව සියලු ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹීමේ වැදගත්කම මම අවධාරණය කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා සඳහා ජපානය නායකත්වය ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා. නිල ණය කාරක කමිටුව සහ ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සමග ජපානය සිදුකරනු ලබන ‘යෙන් ණය’ සහ ජපාන ආර්ථික සහයෝගිතාව යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ජපානයේ ආධාර උපකාර මත ආරම්භ කිරීමට නියමිත දැනට වැඩ ඇනහිට ඇති ‘මොනෝරේල්’ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අදාළ කටයුතු නැවත ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහෙත් එවැන්නක් සිදුකිරීමට ජපානයට සහයෝගය ලබාදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුවයි. ජපාන රජයේ ස්ථාවරය මම ඒ ආකාරයෙන් දැනුම් දෙනු ලබනවා. මෙවැනි කටයුතු සිදුවන අතරතුරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) සමග ඇතිකරගත් ගිවිසුමට අනුව දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ කටයුතු කිරීමේ අවශ්‍යතාව ගැනද මම අවධානය යොමුකර සිටිනවා. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය සඳහා හැකි ඉක්මනින් නැවත ප්‍රගතියක් ලබාගැනීම මගේත්, ජපානයේත් බලාපොරොත්තුවයි…’

දැන් ඔබ මෙම කතාවේ සුවිශේෂ සන්ධිස්ථානය වෙත පැමිණ සිටින්නේය. මෙම වගකීම්සහගත විශේෂ කාන්තාව විසින් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? බාලගිරි දෝෂයේ කතාව නැවත කියා සිටින්නට වන්නේ මෙතැනදී නොවේද? ඇගේ දීර්ඝ ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා පෙනීයන්නේ මොනෝරේල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ අනෙකුත් නව ජපාන සහයෝගිතා ව්‍යාපෘති කිසිවක් නැවත ආරම්භ කෙරෙන ආකාරයක් පෙනෙන්නට නොතිබීමය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණයෙන් අවසන් වන තෙක් එම නව ව්‍යාපෘති කිසිවක් ආරම්භ නොකෙරෙනු ඇත. වසර 10ක් පුරා ගෙවුණු බාලගිරි දෝෂය තවදුරටත් බලගතුවී ඇත. මෙම ඛේදනීය තත්ත්වය ගැන මින් පෙර කිහිප වතාවක්ම අපගේ ‘මව්රට’ පුවත්පත පෙන්වා දුන්නේය. එම අතීතයේ ප්‍රකාශයන් ගැන මෙසේ සොයා බලමු.

★ 2022 ඔක්තෝබර් 02 – ‘ආණ්ඩුවේ තවත් කතාවක් බොරු වෙයි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්න ජපානය අමාරු කොන්දේසියක් ඉදිරිපත් කරයි’
★ 2023 මාර්තු 30 – ‘ප්‍රසන්න රණතුංග කිව්වා ජපානය ආයෙමත් මොනෝරේල් එක පටන්ගන්නවා කියලා. ජපන් තානාපති කියනවා ඒ ගැන තවම තීරණයක් නෑ කියලා’
★ 2023 ජුනි 03 – ‘මෙහේ කැබිනට් එකෙන් සම්මත කළාට ජපානයෙන් අනුමත කරලා නෑ. ඉස්සෙල්ලාම ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එන්න. මොනෝරේල් ගැන ජපානයෙන් ප්‍රබල කොන්දේසියක්’
★ 2023 ජූලි 30 – ‘අලුත් ව්‍යාපෘති කරන්න කලින් ණය ප්‍රශ්නය විසඳගෙන ඉන්න. ආණ්ඩුව ජපානයෙන් ණය ඉල්ලුවාම ජපානය දීපු උත්තරේ.’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

උඩින් ඔපේ යටින් හපේ! සිංහල සංගීතයේ වර්තමාන දුක – සැප සහ කැත! Sri Lanka Latest News

Next Post

ලංකාවට ලේසි වෙන්නෙ නෑ වගේ! චන්ග් වෙනුවට එන්න හිතන් ඉන්න හෝර්ස්ට් දැනටම ලංකාවට යුද ප්‍රකාශ කරලා වගේ! Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.