• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩුබායි සිට අල්ලගෙන ආ මන්නා රමේෂ්ගේ පැටිකිරිය එළියට එයි! තවම අවුරුදු 32යි! කරපු ඝාතන මෙන්න! මාලන්ට වෙඩි තියලා පණ අදිද්දී ඉස්සරහා තියාගෙන යාළුවොත් එක්ක විස්කි බීලා! I Sri Lanka Latest News

May 8, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඩුබායි සිට මෙරටට රැගෙන ආ පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් ඩුබායිහි රැඳී සිටියදී කළ පාතාල අපරාධ සහ එම අපරාධවලට සම්බන්ධ ඔහුගේ ගෝලබාලයන් හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (07) සිටම ආරම්භ කර තිබුණි.Sri Lanka Latest News

අවිස්සාවේල්ලේ පාතාල භීෂණය පතුරුවාගෙන මත්කුඩු ජාවාරමේ නිරතව සිටි මන්නා රමේෂ් නැමැති මේ අපරාධකරු පසුගිය වසරේ අප්‍රේල් මස 15 වැනිදා රටින් පළාගොස් ඩුබායිහි රැඳී සිටිමින් සිය ගෝලබාලයන් මෙහෙයවමින් මිනිස් ඝාතන හා මත්කුඩු ජාවාරම කරගෙන ගොස් තිබුණේ පොලීසියට පවා අභියෝග කරමිනි.

මන්නා රමේෂ්ගේ ගෝලයෙක් පොලිස් අත්අඩංගුවේදී මිය යෑමක් මුල්කරගෙන අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඔහු ඩුබායි සිට දුරකතන ඇමතුම් දෙමින් තර්ජනය කර තිබුණි. ඒ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අඹුදරුවන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් ඇති කරවමිනි.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ මන්නා රමේෂ්ගේ පාතාල සම්බන්ධකම් ගැන මෙන්ම මත්කුඩු ජාලය ගැන ද පුළුල් විමර්ශනයට ලක්කරන බවයි. මන්නා රමේෂ් යනු ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් නොවන බවත් ප්‍රධාන ජාවාරම්කරුවකුගේ ඔහු ඉත්තෙක් පමණක් බවත් බුද්ධි අංශ වාර්තා කරයි. ඒ අනුව ඔහුට සම්බන්ධ මත්කුඩු ජාලය අනාවරණය කර ගැනීම ඔස්සේ එම ජාලය බිඳ දැමීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මන්නා රමේෂ් ඩුබායි පොලිසියට හසුවී ඇත්තේ සිය බිරිය සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී පසුගිය පෙබරවාරි 27 වැනිදාය. සාජා බලා ගමන් කරමින් සිටි ඔහු පදවාගෙන යමින් සිටි මෝටර් රථය එරට පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ඇතැයි ලද තොරතුරකට අනුවය. එම තොරතුර එරට පොලිසියට ලබාදී ඇත්තේ මන්නා රමේෂ් සමඟ ඩුබායිහි එකට සිටි ගෝලයෙකි. ඊට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ විරසකභාවයකි.

පොලිසිය ඔහු පදවාගෙන යමින් සිටි මෝටර් රථය නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කර ඇති බවත් මෝටර් රථය නතර කරගෙන ඇත්තේ පන්නා ගොස් බවත් එරටින් ලද තොරතුරු සඳහන් කළේය. එම අවස්ථාවේදී වාහනයේ හෝ ඔහු සන්තකයේ හෝ මත්ද්‍රව්‍ය නොතිබුණත් පොලිසිය සමඟ ඔහු ගැටෙන්නට යෑම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අනතුරුව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයට අනුව පරීක්ෂා කිරීමේදී ඔහු ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කර ඇති අයෙක් බව අනාවරණය වී තිබේ.

මන්නා රමේෂ් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් වහාම මෙරට පොලිස් බලධාරීන් මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එක්සත් එමීර් රාජ්‍ය බලධාරීන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙරටට පිටුවහල් කර ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සැදුම්ලත් නිලධාරීන් දෙදෙනෙක් දින කීපයකට පෙර ඩුබායි ගොස් මන්නා රමේෂ් සිය භාරයට ගෙන මෙරටට රැගෙන එන්නේ ඊයේ (07) උදෑසනය.

අලුයම 4.43ට ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 226 දරන ගුවන් යානයෙන් 32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් තිබුණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ද යොදවා තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි මන්නා රමේෂ්, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත මුලින්ම කැඳවාගෙන යනු ලැබීය. පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 8.40ට පමණ මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් භාරදෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති රටින් බැහැර සිටින අපරාධකරුවන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවේ සිටින අයකු බව ද ඔහු සඳහන් කළේය. මන්නා රමේෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විෂය භාර ඇමැති ටිරාන් අලස් මහතා දුරකතනය ඔස්සේ එරට විෂය භාර ඇමැතිවරයා සමඟ කීපවරක්ම සාකච්ජා කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් ඊයේ නිකුත් කරනු ලැබීය. මන්නා රමේෂ් අවිස්සාවේල්ල නාපාවල, යාලේගම පදිංචිකරුවෙකි.

මන්නා රමේෂ්ට ඇති අපරාධ ලයිස්තුවක්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය.

එම අපරාධ ලැයිස්තුව මෙසේය.

2017.03.25 අවිස්සාවේල්ල පොලිස් වසමේ නාපාවාල ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම,

2017-04-12 දැරණියගල පොලිස් වසමේදී පුද්ගලයකුට පහරදී පැහැරගෙන ගොස් සිරකරගෙන තබාගෙන රුපියල් 1600ක් හා දේපළ කොල්ලකෑම,

2018-10-29 අවිස්සාවේල්ල පොලිස් වසමේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් කිරීම,

2019-11-16 අවිස්සාවේල්ල පොලිස් වසමේ නවගම්මාන, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී නිවසේ දොර කඩා දේපළවලට අනර්ථයක් කිරීම,

2020-12-13 අවිස්සාවේල්ල පොලිස් වසමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ, කඩු 02ක් සන්තකයේ තබා ගැනීම,

2021-12-18 අවිස්සාවේල්ල පොලිස් වසමේ යාලගම නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකුට රිපීටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම,

2023-05-26 අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව සමන් දේවාලය අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීම,

2023-09-20 අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව ගුරුපස්ගොඩ වංගුවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මරණයට පත්කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීම,

2023-10-15 ඉහත අධිකරණ කටයුතුවල ප්‍රධාන සාක්ෂිකරුවකු වන අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කරන බවට දුරකතනයෙන් මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීම.

මේ සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම මන්නා රමේෂ්ට එරෙහිව අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ අතරින් මන්නා රමේෂ් කළ අපරාධ අතර වඩාත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධයක් වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 20 වැනිදා මළ ගෙදරකට යමින් සිටි තරුණයන් පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයකට වෙඩි තබා තිදෙනෙක් ඝාතනය කිරීමය. තල්දූව ප්‍රදේශයේදී සිදුවූ එම ඝාතනයට ඔත්තු බැලීම සම්බන්ධයෙන් සැකපිට ජනමාධ්‍යයට සම්බන්ධ පුද්ගලයෙක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේය.

SG – ABJ 3338 අංකය දරණ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි පිරිසකට මේ වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබූ අතර එහිදී තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබුණි. දෙදෙනෙක් එම ස්ථානයේදී මියගිය අතර එක් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

2021 වසරේ දෙසැම්බර් 19 වැනිදා ද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය මන්නා රමේෂ් නැමැති අය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නැවතත් ටී 56 අවියක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු රටින් පනින්නේ බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් අනතුරුවය.

අවිස්සාවේල්ල නාපාවල තරුණයකු මත්පැන් සාදයකට සහභාගිවීමට යැයි කියා සිය නිවසට ගෙන්වාගෙන 2021 වසරේ දෙසැම්බර් 12 වැනිදා රාත්‍රී කාලයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර මළ සිරුර වළ දැමීමක් සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ල වී ඇති අයෙකි.

මාලන් නැමැති එම තරුණයා වෙඩි වැදී මරණාසන්නව වේදනාවෙන් කෙදිරිගාමින් සිටියදී ඔහු ඉදිරියේ මත්පැන් තබාගෙන සිය ගෝලබාලයන් සමඟ සාදයක් පවා පැවැත්වූ නරුමයෙක් ලෙසට පොලිසිය මන්නා රමේෂ්ව හඳුනාගෙන ඇත. අවිස්සාවේල්ල තල්දූව ගම්මානයේ සාමයට ලොකුම බාධාවක් වී තිබී ඇත්තේ මන්නා රමේෂ් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. – දිනමිණ

SendShareShare
Previous Post

88-89 වකවානුවේදී උසාවි 27කට ගිනි තිබ්බ ජවිපෙ හෝමාගම අධිකරණය ගිනි තියා විනිසුරුගේ කබාය කුළුහරකෙකුට අන්දවා නගරය පුරා ඇවිද්දුවා! ඒ කාලෙ යුක්තියේ සංකේතය වුණේ කුළුහරකා! කිසිවකුටත් අධිකරණ බලය ලබා දීමේ හැකියාවක් නෑ! ලාල්කාන්ත මැයි දිනේ කරපු කතාවට අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේදී ඉතිහාසය මතක් කරමින් සැර උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති අරමුදලෙන් රනිල් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් 2ක් පටන් ගනී! එකක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට-සීලමාතාවන්ට! අනෙක ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට! මැයි 22ට කලින් අයදුම් කරන්නලු! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.