• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා බාර් දන්සල! කෝටි 60ක සල්ලි එක්ක දැන් පෙන්වනවා! Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දැන් ගතවෙන්නේ සංක්‍රාන්තියක්. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් වෙනස්කම් වෙන්න පුළුවන් කාලයක්. හැමෝම ඉන්නේ උනන්දුවෙන්, කල්පනාවෙන්. ඒ කල්පනාවෙන් ඉන්නේ බලය ගැන. තමන්ට බලය ගන්න පුළුවන්ද කියන එක ගැන. අපි දන්නවා මේ බොහෝ දෙනෙක්ගේ රස්සාව තමයි දේශපාලනය. ඒ නිසා රස්සාවට දේශපාලනය කරන කට්ටිය පරදින්න කැමැති නෑ. අතහරින්න ලෑස්ති නෑ. දාලා යන්න ලෑස්තිත් නෑ. හම්බකරගෙන කන්න තියෙන වැඩේ පරම්පරා හතක් ගොඩයන්න පුළුවන් ජොබ් එක නිකන් දාලා ගිහිල්ලා අත පිහදාගන්න තරම් මෝඩ නැති ලංකාවේ දේශපාලකයෝ පුළුවන් හැම සෙල්ලමක්ම දාන්නේ බලය රැකගන්න. ඒ රැකගන්නේ අපිට ආදරේට නෙවෙයි. ඒ බලය රැකගන්නේ තමන්ගේ පරම්පරාවට තියෙන ආදරේ නිසා. තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවා, තමන්ගේ බිරිය, සහෝදරයා, පුළුවන් නම් මේ ඔක්කොම ටික පාර්ලිමේන්තුවට යවලා, පළාතේ ආණ්ඩුකාරවරයා කරලා, පුළුවන් නම් ජනාධිපති කරලා, අගමැති කරලා, ඇමැති කෙනකුත් කරලා බලය අල්ලගන්නේ වෙන මොනවටවත් නෙවෙයි. කන්න. ඒ කියන්නේ හැම වෙලාවකම, හැම විදියකින්ම බලය සහිත කෙනා හම්බකරගෙන කනවා. ඒක අපි හොඳටම දන්නවා. එහෙම හම්බකරගෙන කන නිසා මේකෙන් ලාභ ලබන නිසා ඒගොල්ලෝ අත දිගහැරලා ලාභ බෙදනවා. මහජනතාවට නෙවෙයි, තමන්ගේ හිතවතුන්ට. සපෝටර්ස්ලට. පෝස්ටර් ගහන එකාගේ ඉඳලා ගොඩ යන වැඩක් තමයි දේශපාලනය කියලා කියන්නේ. (Sri Lanka Latest News)

ඇත්තටම මිනිස්සු පෝස්ටර් ගහන්නේ, බැනර් ගහන්නේ, කටවුට් ගහන්නේ, රැස්වීම්වලට උදව් කරන්නේ, සල්ලි දෙන්නේ, දේශපාලකයන්ට වාහනයක් දෙන්නේ, දේශපාලකයන්ගේ වෙළෙඳ දැන්වීම්වලට මුදල් දෙන්නේ වෙන මොනවටවත් නෙවෙයි. තමන්ගේ වැඩේ කරගන්න. ඒක දේශපාලකයත් දන්නවා, දෙන එකාත් දන්නවා, දෙගොල්ලොම දන්නවා. මේ බිස්නස් එක බොහොම සුහදව, සාමදානව කරගෙන යන උදවිය තමයි ලංකාවේ දේශපාලනය පවත්වාගෙන යාමේ කටයුතුවල නියැළෙන කට්ටිය. මේක හරි ජොලි වැඩක්. ඇත්තටම මේක වවාගෙන කනබොනකොට හරිම ආතල්. ඒක තමයි මේකේ තියෙන රස.
අපි දැක්කා පහුගිය දවස්වල කතාබහක් එළියට ආවා හදිසියේම. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ගේ නම් එක්ක කියැවෙනවා ඒගොල්ලන්ට සල්ලි දීලාලු ජනාධිපතිතුමා ප්‍රතිපාදන විදියට. ඒගොල්ලොත් සල්ලි අරගෙනලු. නායකයාට නොකියා ගත්තා කියලා නායකයටත් තදවෙලා. ඒ කියන්නේ සල්ලි ගත්තා නම්, සල්ලිවලින් වැඩ කළා නම් කාට නොකිව්වත් ප්‍රශ්නයක් නෑනේ. ඒක නෙවෙයි මෙතැන තියෙන ප්‍රශ්නය. ගත්තා නම් වැඩ කළා නම්, උඹලා එහෙම කරලා, උඹලා ඒ පැත්තට ගිහිල්ලා, උඹලා ඒ පැත්තෙන් ගොඩයන්නද හදන්නේ? ඊළඟට මේ සල්ලි බෙදන්නේ අම්මගේ අප්පගේ සල්ලි නොවන බව මතක තියාගන්න. වත්තේ පොල් කඩලා ආදායම නෙවෙයි. මේ බෙදන්නේ මහජනතාවගේ සල්ලි. ඒක හරියට නත්තල් සීයා බෙදනවා වගේ තැන් තැන්වල බෙද බෙදා යන්න බෑ. සූර සරදියෙල් වාගේ මේ බෙදන්නේ හොරකම් කරගෙන ආපු ටික නෙවෙයි. මේ බෙදන්නේ මහජනතාවගේ මුදල්. මේවා බෙදනවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. කෝටි හැට ගානක්. සජබෙත් එක්ක වැඩකරන ඉස්සරහට යූ.ඇන්.පී.යට උදව් කරයි වගේ හිතෙන මන්ත්‍රීලා සෙට් එකකගෙම නම් කියැවෙනවා. ඒ අයට සල්ලි දීලා ඒ සල්ලිවලින් පොඩ්ඩක් ඒගොල්ලන්ව සතුටු කරලා මේ හදන්නේ පොඩි දේශපාලන සෙප්පඩ විජ්ජාවක් දාලා ‘එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ’ කියනවා වගේ වැඩක් කරන්න කියලයි අපිට හිතෙන්නේ.

මේවා සෙල්ලම්. හැබැයි සෙල්ලම් කරන්න කෝටි 60ක් වියදම් කළාම සත පහක් නැතුව දුක් විඳින අපේ මහජනතාව තමයි මේකෙන් තැලෙන්නේ. සල්ලි දීලා ඒ සල්ලිවලින් නිවැරැදි විදියට වැඩ ටික වෙලා ඒවා විනිවිදභාවයක් ඇතුව ජනතාවට වියදම් කරලා සංවර්ධනය කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. මෙහෙම අත යටින් සල්ලි දුන්නාම වැඩ වෙන්නෙත් අත යටින්. විනිවිදභාවයක් නෑනේ. කවුද කළේ කොහොමද කළේ කියලා ඔප්පු කරන්න අවශ්‍යතාවකුත් නෑනේ.
ඒ අස්සේ දැන් කියැවෙනවා බාර් ලයිසන් 500ක් බෙදන්න යනවා කියලා. ලංකාවට දැන් බාර්ද අඩුපාඩුවකට තියෙන්නේ? පොඩි ගානක් නෙවෙයි 500ක්. දිස්ත්‍රික්ක තියෙන්නේ 25යි. දිස්ත්‍රික්කයකට එක ගානේ දුන්නා නම් 25යි. දිස්ත්‍රික්කයකට 10 ගානේ දුන්නා නම් 250යි. දිස්ත්‍රික්කයකට 20 ගානේ දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකක් දෙකක් විතර හදිසියේ බාර් ලැබෙනවා. මේ විදියට බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඩ් ලයිසන් බෙදන්නේ දේශපාලනික වශයෙන් ශක්තිමත් වෙන්න අවශ්‍ය නිසා. මොනවා හරි දොළ පිදේනියක් දීලා, සංතෝසමක් දීලා තොවිලයේදී යකා සතුටු කරගන්න හදන්නේ, යකා අල්ලගන්න හදන්නේ. ඒ වගේ වැඩක් තමයි මේ කරන්න හදන්නේ. දැන් යකා නටන්නයි ලෑස්තිය. දැන් පිදේනි තට්ටු තැන් තැන්වල තියෙනවා. මේකට රීරි යකාගේ ඉඳලා ඔඩ්ඩි මස්සිනා දක්වා මේ යක්කු ටික අල්ලගෙන මේ තොවිලය නටන්න හදන්නේ වෙන මොකකටවත් නෙවෙයි යකැදුරා ගොඩයන්න කියන එක මතක තියාගන්න. කවුරි හරි හිතනවා නම් මේකෙන් ආතුරයාට සෙතක් වීම සඳහා නටන තොවිලයක් කියලා ඒක කිසිසේත්ම වෙන්නේ නෑ. මේක බිස්නස් එකක්. ඒ නිසා මේ නාඩගම ඇතුළේ තියෙන තේරුම්ගත යුතු වැදගත්ම දේ තමයි හැංගි හැංගි වෙස් බැඳලා නටන්නේ එළිපිට කියන එක. ඉතින් එළිපිට නටන දවසට රිදෙන්නේ අපිට සහ මට. අපි හිතනවා නම් මේක ඇතුළේදී අපිට සෙතක් ශාන්තියක් කරලා රටට සෙතක් ශාන්තියක් කරලා, රට සුඛිතමුදිත කරන්න මේ බාර් ලයිෂන් 500 දීලා තියෙන්නේ කියලා බොන කන එකාට වුණත් තේරුම් යන්න ඕනේ දැන් බාර් දෙන්නේ මිනිස්සු පවු කියලා නෙවෙයි, බාර් එක අයිතිකාරයට තෑග්ගක් විදියට. මොකද බාර් එකක් ලැබුණා කියලා කියන්නේ ඒකා ගොඩ. ඒකාගේ පරම්පරා හතක් ගොඩ. ඊට පස්සේ සිද්ධ වෙනවා මේ බාර් එකෙන් ලැබෙන සල්ලිවලින් අදාළ ප්‍රදේශයේ ඡන්දේ ඉල්ලන මනුස්සයට වියදම් කරන්න. ඒක නිසා මේ සෙල්ලම නරක බව මතක තියාගන්න.

ඔබට පේනවා නම් ඔබේ ප්‍රදේශයේ දේශපාලකයා කරන්නේ මෙහෙම වැඩක් කියලා ඔහුව ප්‍රතික්ෂේප කරන්න. ඔහුගේ පක්ෂය මොකක්ද, ඔහුගේ දේශපාලනය මොකක්ද, ඔහුගේ ආගම ජාතිය මොකක්ද, ඔහුගේ තාත්තා කවුද, සීයා කවුද, කියන බයිලා වැඩක් නෑ. සතා නරකයි නම් නරකයි. හොඳ සහ නරක කියලා කියන්නේ හොඳ නම් හොඳ නම් හොඳයි. නරක නම් නරකයි. ඒ නිසා හොඳ සහ නරක හරියට තේරුම් අරගෙන පන්නලා දාන්න මේ විදියේ උපක්‍රමවලින් ගේම් ගහන කට්ටියව.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අද කාලයේ ගොඩක්දෙනා AI යුගයේ විශ්වකර්මයන් ගැන බොහොසේන් කතබහ කරනවා. මීට අවුරුදු 250කටත් කලින්, කිසිම ආකාරයකින් විදුලිය නැතිව ලියන්න පුළුවන්...

Read more
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.