හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතර අද (21) සවස විශේෂ හමුවක් පැවැත්විණ.
මෙම අවස්ථාවට රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා සහ හෙක්ටර් අප්පුහාමි යන හිටපු මැතිඇමැතිවරුන්ද සහභාගී වී සිටියහ.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබදව මෙන්ම එහි නීතිමය කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ජාවට බදුන් විය.












