මහමැතිවරණය ජුනි 20 පවත්වන බව සදහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයට එරෙහිව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කිරීමට එම නීතීවේදීන් කණ්ඩායම සැලසුම් කර ඇති බව පැවසේ.
ජනාධිපතිවරයා ජුනි මස 02 වැනි දිනට ප්‍රථම මැතිවරණය පවත්වන ලෙසට ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී තිබියදී මැතිවරණ කොමිසම එය අබිබවා යමින් මැතිවරණයට දින නියම කිරීම ඇතුලු කරුණු කිහිපයක් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.










