• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනුවයි මාලිමාවයි දෙකම එකයි! ප්‍රතිපත්තිත් එකයි! ටිල්වින් ඇත්තම කියයි! Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය පක්ෂයේ සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් මාධ්‍යයට හෙළිකිරීමට පසුගියදා කටයුතු කළා. ඒ, ලහිරු මුදලිගේ මහතා මෙහෙයවන Hari Tv යූටියුබ් නාලිකාව සමග එක්වෙමිනි. පහත පළවන්නේ ටිල්වින් සිල්වා මහතා සහභාගි වූ එම වැඩසටහනෙන් උපුටා ගත් කොටස් කිහිපයකි. (Sri Lanka Latest News_

ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
මේස්ත්‍රී ටිල්වින් සිල්වා. උපන් ගම බේරුවල මුල්ලපිටිය. මුලින්ම පාසල් ගියා අපේ ගමේ පාසලට. කන්දේ විහාරේ ඉස්කෝලෙ කියලා කිව්වේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ දක්වා ගියා බේරුවල මංගල පිරිවෙනට. උසස් පෙළ කරන්න ගියා අලුත්ගම විද්‍යාලයට.


පවුලේ විස්තර මොනවද?

අපේ තාත්තා වඩු කාර්මිකයෙක්. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා තුන්දෙනකුයි, නංගි කෙනකුයි ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම නැතිවුණා.

වර්තමානයේ ඔබේ පවුල?
මම විවාහ වෙලා ඉන්නේ. දරුවෝ හැදුවේ නෑ. ටිකක් අමාරු කාලෙක අපි විවාහ වුණේ. දේශපාලනය කරගෙන ඉන්නවා.

ජීවිතයේ කරපු පළමු රැකියාව මොකක්ද?
පොඩි කාලේ තාත්තාට උදව් වුණා. ඊට පස්සේ මම පාසලෙන් අයින් වෙලා සංචාරක හෝටලයක රැකියාවක් කළා ටික කාලයක්. මොරගල්ලේ තියෙන හෝටලයක. ඒ පක්ෂයට එන්න කලින්.

ඔබතුමා ව්‍යාපාර කරලා තිබෙනවද?
නැහැ.

දේශපාලනයේ දරපු තනතුරු මොනවද?
මම 1978 තමයි පක්ෂයට සම්බන්ධ වෙන්නේ. 1979 මම පූර්ණ කාලීනව දේශපාලනයට එනවා. 1983 පක්ෂය තහනම් කළා. ඒ තහනම යටතෙත් වැඩකරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම 1987 සැප්තැම්බර්වලදී අත්අඩංගුවට පත්වෙනවා. හිරේ ඉන්න වුණා අවුරුදු 7ක් විතර. 1994 මම නිදහස් වෙලා ආවේ. 1995 අපි තංගල්ලේ විශේෂ සමුළුවක් තිබ්බා. ඒ සමුළුවෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට මම පත්වුණා. එදා ඉඳලා මේ දක්වා ප්‍රධාන ලේකම් තනතුරේ වැඩ කරමින් ඉන්නවා.

ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය මොකක්ද?
මට අනුව මම හිතන්නේ අපි ජයග්‍රහණ ලබමින් ඉන්නේ දැන්. අතීතයේ අපේ පක්ෂය විනාශ කරපු හැම වෙලාවකම නැවත ගොඩගන්න අපි මහන්සි වුණා. ඒක සතුටක්. අපි බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වටපිටාවක් දැන් හැදිලා තියෙනවා. මේ කාලේ තමයි අපි වැඩිපුරම සතුටින් ඉන්නේ. වගකීම් වැඩියි. නමුත් සතුටින් ඉන්නවා. මොකද අපේ හීනය සැබෑ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා.

ඔබ අවුරුදු 7ක් සිරගතව සිටි කාලය මතක් වෙද්දී, අද ජනතා විමුක්ති පෙරමුණට ජනතාවගේ තියෙන ආදරය දැනෙද්දී මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නේ?
අපි හැමදාම විශ්වාස කළා කිසියම් දවසක අපේ රටේ ජනතාවට අපිව ඕනේ වෙනවා කියලා. ඒ නිසා අන්න ඒ වෙලාව දක්වා මේ ව්‍යාපාරය අඛණ්ඩව, දුර්වල කරගන්නේ නැතුව හදාගෙන යන එක අපේ වගකීමක්. අපි ඒක දුෂ්කරතා මැද්දේ හදාගෙන ආවා. ඒ ගැන සතුටක් තියෙනවා. මම අවුරුදු 7ක් හිරගෙදර හිටපු එක ගැන හිතෙන්නේ, ඔබත් දන්නවා සමාජයෙන් වෙන්කරලා අවුරුදු 7ක් ඉන්නවා කියන එක අමාරු වැඩක් කියලා. සිරගත වෙද්දී මගේ වයස අවුරුදු 31යි. නිදහස් වෙනකොට 38යි. කොල්ලා කාලේ. නමුත් මම හිතන්නේ ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ හිර ගෙදරදී. මම වැඩිපුරම පොතපත කියෙව්වේ හිරගෙදරදී. මම සති දෙකක් විතර පැලවත්තේ කඳවුරේ හිටියා. ඊට පස්සේ මැගසින් එකේ සති දෙකක් විතර හිටියා. ඊට පස්සේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අවුරුද්දකට වැඩි කාලයක් හිටියා. ආපහු මැගසින් එකට ගෙනාවා. ඒකේ අවුරුදු 5කට කිට්ටු කාලයක් හිටියා. ඒවායේදී විවිධ මිනිස්සු මුණගැහුණා. ඒ අයගේ ජීවිත හරි වෙනස්. සමාජය ගැන කියවීමක් හදාගන්න ඒක ලොකු අවස්ථාවක් වුණා.

සිරගත වෙලා ඉන්නකොට හමුවෙච්ච අමතක නොවන චරිතය කවුද?
ගොඩක් අය හිටියා. නමගිය පාතාල සාමාජිකයන් පවා හිටියා. ඒ අය අපිට බොහොම ගරුත්වයක් තිබුණා. මොකද අපි සාමාන්‍ය වැරැදි කරලා ආපු අය නෙවෙයි, දේශපාලනය නිසා ආපු නිසා. නිලධාරීන් වුණත් අපිට ගොඩක් උදව් කරපු අය හිටියා.

රෝහණ විජේවීර සහ අනුර කුමාර දිසානායක අතර ඔබතුමා දකින වෙනස්කම් සහ සමානකම් මොනවද?
දෙන්නෙක් සසඳන්න හරි අමාරුයි. එහෙම කරන එක වැරැදියි. අපි ගත්තොත් රෝහණ විජේවීර සහෝදරයා කියලා කියන්නේ විශේෂ චරිතයක්. රටකට ඉඳහිට පහළවෙන වර්ගයේ කෙනෙක්. ඔහු තමයි මේ ව්‍යාපාරය නිර්මාණය කරන්න දායක වුණේ. විශිෂ්ට දැනුමක් තිබුණු දැවැන්ත සංවිධාන හැකියාවක් තිබුණු, පොතපත ගොඩක් කියවලා භාෂා කිහිපයක් පුළුවන්, ලුමුම්බා සරසවියේ ඉගෙනගත්ත නිසා ලෝකයේම අය ඇසුරු කරපු විශේෂ කෙනෙක්. ඔහුගේ විශේෂම දේ තමයි දැවැන්ත සංවිධාන හැකියාව. ඔහු පටන්ගත්ත වැඩේ කරගෙන යෑම සඳහා උත්තේජනයක් තිබුණු කෙනෙක්. ඒ වගේම හරි සරල කෙනෙක්. ඔහු සමත් වුණා ඔහු ඉගෙනගත්ත දේවල්, වමේ දේශපාලනය ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්න සකස් කරගන්න. නිර්මාණශීලී කෙනෙක්. අනුර සහෝදරයා මෑතකදී අපේ නායකයා වුණේ. අනුර සහෝදරයට ඉතා හොඳින් සන්නිවේදනය පුළුවන්. කෙනෙකුට අදහස් හොඳටම කාවද්දන්න පුළුවන් හැකියාව ඔහුට තියෙනවා. මතක තබාගැනීමේ හැකියාව, තර්ක කිරීමේ හැකියාව වගේ දක්ෂතා ගොඩක් තියෙනවා ඔහුට. ඔහු අපේ නායකයා වෙන්නෙත් ඒ නිසා. රටත් පිළිඅරගෙන තියෙනවා, ලෝකෙත් පිළිගනිමින් ඉන්නවා ඔහු දක්ෂයෙක් කියලා.

ඔබතුමාට කවදාවත් පක්ෂයේ නායකයා වෙන්න ඉල්ලීම් ලැබුණේ නැද්ද?
අපේ පක්ෂයේ එහෙම තනතුරු භාරගන්න එකක් නෙවෙයි තියෙන්නේ. 1995 ප්‍රධාන ලේකම් ධුරය භාරගන්න කියලා කිව්වා. එතකොට මම ප්‍රසිද්ධ දේශපාලනයේ හිටියේ නෑ. නමුත් භාරගන්න වුණා. ඒ වෙලාවේ සෝමවංශ අමරසිංහ සහෝදරයා නායකයා වෙලා හිටියේ. ඔහුට නායකත්වයෙන් අයින් වෙලා වෙන කෙනෙක් පත්කරගන්න වුවමනාව තිබ්බා. පක්ෂයේ කවුරුත් කතාකරලා ඒ වෙලාවේ හිටපු දක්ෂම, තරුණ, හැකියාවන් තියෙන කෙනා අනුර සහෝදරයා. අපි ඔහුව නම්කරලා පත්කරගත්තා. ඒ නිසා මාව පත්කරන්න උත්සාහ කිරීමක් වුණේ නෑ.

ඔබතුමා මුලදී කිව්වා විවාහ වුණාට දරුවෝ හදන එක ඒ මොහොතේ තිබුණු සමාජ ක්‍රමයත් එක්ක කල්තියන්න සිදුවුණා කියලා. අද ඒ ගැන පසුතැවෙනවද?
ඇත්තටම නෑ. කිසි පසුතැවීමක් නෑ. පොදු අරමුණක් වෙනුවෙන් අපි අපේ ජීවිත වෙන්කරලා තියෙන්නේ. මමත් එහෙමයි, අනුර සහෝදරයත් එහෙමයි, අනෙක් සහෝදරවරුත් එහෙමයි. ඒ අතර පුද්ගලික ජීවිතයක් අපිට නැත්තෙත් නෑ. ඒක තීරණය වෙන්නේ අපි එකිනෙකා මුහුණ දෙන තත්ත්වයන්ට අනුව. මම මුහුණ දීපු තත්ත්වය 94 මම එළියට එනකොට පක්ෂය වැටිච්ච වෙලාවක්. අපිට ඉන්න තැනක්වත් හරියට තිබුණේ නෑ. ඒ වෙලාවේ තමයි විවාහ වෙන්න වුණේ. දරුවෝ හදනවා කියන එක හිතන්නවත් බැරි වෙලාවක් ඒක. ඒ නිසා මඟහැරලා ගියා. ඒ ගැන කිසි කම්පනයක් මට නෑ.

එන්.පී.පී. එක සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තියෙන ප්‍රතිපත්තිවල කොයි වගේ වෙනස්කම්ද තියෙන්නේ?
ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මූලධර්ම මත රටක් වෙනස් වෙනවා කියලා විශ්වාස කරන, වාමාංශික දේශපාලනය කරන, මාක්ස් – ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙනගන්න දේශපාලන ව්‍යාපාරයක්. අපි අනිත් ඒවත් ඉගෙනගන්නවා. එන්.පී.පී. කියලා කියන්නේ වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී, රටට ආදරේ කරන සියලු බලවේගයන් එකතු වෙච්ච මහජන ව්‍යාපාරයක්. ඒකේ අපිත් ඉන්නවා. වෙන අයත් ඉන්නවා. ජේ.වී.පී. එකෙයි එන්.පී.පී. එකෙයි අරමුණුවල සම්බන්ධකමකුත් තියෙනවා. අපිට ඕනේකම තියෙනවා සාධාරණ සමාජයක් හදාගන්න. හොඳ රටක් හදාගන්න. හොඳ ආර්ථිකයක් හදාන්න. ජාතික නිදහස ඇත්තටම දිනාගන්න. ජාතික පුනර්ජීවනයක් නිර්මාණය කරගන්න. ඒකට අපි ඔක්කොම එකට ඉන්නවා. ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ. මාක්ස්ව කියවන්නේ නැතිවෙන්න පුළුවන්, නමුත් අපි මාක්ස්ව කියවලා තියෙනවා. මාක්ස්ට කැමැතියි. ඉතින් තව කෙනෙක් සමාජවාදය කියන වචනයට පොඩි අකැමැත්තක් තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒක කවුරුවත් බයවෙන්න එකක් නෙවෙයි, ඊළඟට හදන්න ඕනේ ලස්සන සමාජයට කියන නම කියලා. ඒ නිසා ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ලොකු වෙනසක් නෑ ඇත්තටම. මොකද අපි ඔක්කොම එකට වැඩකරන්නේ අපේ රට මීට වඩා ලස්සන, ශක්තිමත්, හොඳ රටක් බවට පත්කරගන්න.

එන්.පී.පී. එකත් එක්ක පෙරටුගාමී පක්ෂයේ සම්බන්ධයක් තියෙනවද?
නැහැ.

බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි එන්.පී.පී. එක පෙන්නලා බලයට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ තියෙයි කියන එක?
අපේ ප්‍රතිපත්තිවල තියෙන නරක මොකක්ද? සමාජවාදය දන්නෙත් නැති, මාක්ස් ගැන දන්නෙත් නැති, මොකක්වත් කියවලා නැති මිනිස්සුන්ගේ විකාර ඔය. මේ තියෙන බංකොලොත් වෙච්ච කාලකණ්ණි රට වෙනුවට, ශක්තිමත් ආර්ථිකයක් තියෙන, ඒ ආර්ථිකය හදන්න මිනිස්සු ඔක්කොම කැමැත්තෙන් දායක වෙන, ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම කිසියම් සාධාරණ ක්‍රමයකට ලැබෙන, සමාජයක් ඕනේ නැද්ද? ඒ සමාජය හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට කෙනෙක් සමාජවාදය කියන්න පුළුවන්, තව කෙනෙක් වෙන නමක් කියන්න පුළුවන්. අපේ රටේ කාන්තාවන්ට රැකවරණය ගරුත්වය නෑ. යාළු වෙච්ච ළමයටත් කොල්ලෝ කියන්නේ බඩුව කියලානේ. කෑල්ල කියලානේ. බස් එකේ යන්න බෑ ඇඟට හේත්තු වෙනවනේ. ඒ කියන්නේ මේ සමාජය ඇතුළේ අවුලක් තියෙනවනේ. සමාජය වෙනස් කරලා, මිනිස්සු වෙනම හිතන, කාන්තාවන්ට ගෞරවය තියෙන, ආරක්ෂාව තියෙන, දරුවන්ට ආරක්ෂාව තියෙන, දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන්නේ නැති, මත්ද්‍රව්‍ය කොහොමත් ගේන්නේ නැති, මිනිස්සු හිනාවෙලා ඉන්න සමාජයක් හදන්න ඕනේ. හදන්න පුළුවන් ඇත්තටම. දවසම පීඩාවට පත්වෙලා, තරහා ගිහිල්ලා, ස්ටේ‍රස් එකේ ඉන්න එක ජීවිතයක් නෙවෙයි. ඒක හදන්න මූලික දේවල් ටිකක් ඕනේ. අපි හැමෝගෙම මූලික වුවමනා ඉටුවුණොත් විතරයි අපිට නිදහසේ ඉන්න පුළුවන්. ඔබේ දරුවාට අධ්‍යාපනය ලැබෙන්නේ නැත්නම් ඔබ ඒ ගැන හිතන්න ඕනේ. රැකියාවට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැත්නම් ඔබ ඒ ගැන හිතන්න ඕනේ. ඔබට ඉන්න තැනක් නැත්නම් ඔබ ඒ ගැන හිතන්න ඕනේ. එතකොට මිනිස්සු පීඩාව විසින් රළු කරනවා. ඒක මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි. අපි උපදින්නේ අහිංසක ළදරුවෝ විදියටනේ. හැබැයි මේ සමාජය ඇතුළේ තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. නිසි වයසට ආවට පස්සේ ප්‍රේම කරන්න විදියක් නැත්නම්, විවාහයක් වෙන්න විදියක් නැත්නම්, එතකොට ජීවිතය ඇතුළේ ඇරියස් එකතු වෙනවනේ. ඒවා තමයි බස් එකේදී පිටවෙන්නේ. අපි කියන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය හදලා, ඔළුවත් හදලා අධ්‍යාපනයෙන්, කලා සංස්කෘතික පැත්තෙන් මිනිස්සු අතර ආධ්‍යාත්මයක් හදලා සුන්දර ලස්සන මිනිස්සු හදන්න පුළුවන්. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ එහෙම එකක් හදන්න. ඒකට එක එක්කෙනා එක එක නම් කිව්වට අපට කරන්න දෙයක් නෑ. එන්.පී.පී. එක උත්සාහ කරන්නෙත් ඒක හදන්න, අපි උත්සාහ කරන්නෙත් ඒක හදන්න. ඒ නිසා එන්.පී.පී. බලයට ආවට පස්සේ අපේ අමුතු ප්‍රතිපත්තියක් ඕකට ගෙනල්ලා ගහන්න බෑ. මේ වෙලාවේ එන්.පී.පී. එකේ තියෙන්නේ අපේ ප්‍රතිපත්ති. ඒකෙ වෙනසක් නෑ. එන්.පී.පී. පෙන්නලා අපි වෙන ගේමක් ගහන්න හදනවා කියලා මතයක් හදන්න යනවනේ. එහෙම දෙයක් නෑ.

ඔබතුමාගෙන් අහන්න කියලා සමාජ මාධ්‍ය ඔස්සේ කෙනෙක් ප්‍රශ්නයක් යොමුකරලා තියෙනවා. ඔහු අහනවා ඔබලාගේ පක්ෂය සතු ගිණුමේ පවතින මුදල කොපමණද, පක්ෂයේ නායක මට්ටමේ අය යැපෙන්නේ එම ගිණුමේ මුදල්වලින්ද, එසේ නොමැති නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන්නේ කොහොමද කියලා?
ඉස්සෙල්ලාම අහන්න ඕනේ අපි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. ආර්ථික අමාරුකම් මැද්දේ ව්‍යාපාර බිඳවැටිලා, ව්‍යාපාර බංකොලොත් වෙලා, බැංකුවලට සින්න වෙලා. ඒ නිසා ඒක හොයන්න ඕනේ. ඔබ මට කලින් කිව්වා නම් මේ ප්‍රශ්නය අහනවා කියලා මට ගාන මතක තියාගෙන එන්න තිබුණා. නමුත් මේ මාසේ (මාර්තු) 30 වැනිදාට කලින් අපි අපේ පක්ෂයේ වත්කම්, ගිණුම ගිණුම් පරීක්ෂකවරයකු ලවා පරීක්ෂා කරලා, සීල් ගස්සලා මැතිවරණ කොමිසමට භාරදෙනවා. ඕනෙ කෙනකුට ඒක පරීක්ෂා කරගන්න පුළුවන්. එකම දේ තමයි අපේ පක්ෂයේ ගිණුම අනිත් පක්ෂවලට වඩා ලොකුයි. ඇයි ඒ? හේතුව තමයි වෙන පක්ෂවල අය සල්ලි එකතු කරන්නේ තමන්ගේ ගිණුමට. අපි කවුරුවත් අපේ ගිණුමකට සල්ලි එකතු කරලා නෑ. මට ගිණුමක් නෑ. අනුර සහෝදරයට ගිණුමක් නෑ. අපි කාටවත් පුද්ගලික ගිණුම් නෑ. අපිට ලැබෙන සත පහ හරි අපි පක්ෂයේ ගිණුමට එකතු කරනවා. අපි එහෙම පක්ෂයක්. ඒ නිසා අපේ පක්ෂයේ ගිණුම ලොකුයි. අපේ මන්ත්‍රීවරු ඔක්කොම, හරිනි අමරසූරිය සහෝදරිය පවා ගන්න වැටුප පුද්ගලිකව පාවිච්චි කරන්නේ නෑ. ප්‍රතිපත්තියක් ලෙස ඒක පක්ෂයේ ගිණුමට එකතු වෙන්නේ. ඒ ගිණුමෙන් තමයි අපේ ප්‍රචාරක වැඩ, සංවිධාන කටයුතු කරගෙන යන්නේ. අපේ අයවැය වාර්තාව මැතිවරණ කොමිසමට දීලා තියෙනවා.
අපි ජීවත් වෙන විදිය ගැන මීට කලිනුත් අහලා තියෙනවා. සමහරු විහිළුත් කරලා තියෙනවා ඒවට. අපේ රටේ මිනිස්සු ඔක්කොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිටත් ඒ අමාරුකමක් තියෙනවා. අපි විතරක් නෙවෙයි අපේ පක්ෂයේ පූර්ණකාලීනව වැඩකරන ගොඩක් ඉන්නවා. එතකොට අපි හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා. අපේ සමහර සහෝදරියන් රැකියාවක් කරනවා. එතකොට අපි ඒ වැටුපෙන් ජීවත් වෙනවා. අපිට අපේ හිතවතුන් උදව් කරනවා. අපි එකිනෙකා රැකබලා ගැනීමේ සංස්කෘතියක් තියෙන ව්‍යාපාරයක්. ඒක නිසා මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. අපිට වියදම් හරි අඩුයි.

තවත් කෙනෙක් අහලා තියෙනවා, 88-89 කාලේ මිනී කීයක් මැරුවද, බස් කීයක් ගිනිතිබ්බද, ට්‍රාන්ස්ෆෝමර් කීයක් පිපිරුවද කියලා?
ඔය ප්‍රශ්නය අහන්න කලින් ඔය හැමෝටම අපි ආරාධනා කරනවා 88-89ක් හැදුණේ කොහොමද කියලා හිතන්න කියලා. මේ වැඩසටහනේ කාලය මදි ඒක කතාකරන්න. ඉතා කෙටියෙන් කිව්වොත්, ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරමින් හිටපු, ජනාධිපතිවරණයට තරග කරපු, මහමැතිවරණයට තරග කරපු දේශපාලන පක්ෂයක් වුණු ජනතා විමුක්ති පෙරමුණ 1983දී එක්සත් ජාතික පක්ෂය විසින් ඇතිකරපු කළු ජූලිය යොදාගෙන අසාධාරණ ලෙස තහනම් කරලා, අපි ඒකට කිසිම සම්බන්ධයක් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දීත් තහනම පවත්වාගෙන ගිහිල්ලා, අපිට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න බැරි කළේ ජයවර්ධන ආණ්ඩුව. ඒ ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ. අපිට විතරක් නෙවෙයි, ඒ කාලේ පාරට බහින හැමෝටම ගැහුවා. කම්කරු නායකයෙක් ගහලා මැරුවා සෝමපාල කියලා. ඊට අමතරව කාන්තා දිනයේදී සමසමාජ පක්ෂයේ කාන්තා නායිකාවන්ට ගැහුවා. සරච්චන්ද්‍ර මහත්තයාට කානුවේ දාගෙන ගැහුවා ඒගොල්ලෝ පොතක් ලිව්වා කියලා. එහෙම මැර පාලනයක් ඒ අය ගෙනගියේ. දැන් ඒක අමතක කරලා. රටේ මිනිස්සු දන්නේ නෑ.

ඊට පස්සේ පක්ෂය තහනම් කළා. අපේ පෝස්ටර් ගහන සහෝදරවරු අත්අඩංගුවට අරගෙන මැරුවා. අපි ආයුධ ගන්න කලින්. ඊට පස්සේ තමයි 1987 ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කළේ. අස්සන් කරලා ඉන්දීය හමුදාව ලංකාවට ගේනවා. එතකොට ඊට එරෙහිව ලක්ෂ ගානක් රට පුරා පෙළපාළි ගියා. ඒ පෙළපාළි යද්දී නිරායුධ පෙළපාළිවලට ගුවනින් ඇවිල්ලා වෙඩිතියලා එකසිය හතළිස් ගානක් මැරුවා නිරායුධ පුරවැසියෝ. එහෙම කළේ ඒගොල්ලෝ. ඒකේ ප්‍රතිඵලය තමයි අවසන් අරගලයක් දක්වා ඒක වර්ධනය වුණේ. ඒ සන්නද්ධ අරගලය ඇතුළේ අපිත් විශ්වාස කරනවා අපේ පැත්තෙනුත් ඕනේ නැති දේවල් වෙලා තියෙනවා. ඝාතන වෙලා තියෙනවා. සන්නද්ධ අරගලයක් එහෙමනේ. තේ පැන් සංග්‍රහයක් නෙවෙයිනේ. හැබැයි අමතක කරන්න එපා ඒක ඇතුළේ මැරිච්ච සම්පූර්ණ ගාන 50,000කට වැඩියි. කවුරුත් අහන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයේ කළු බළල්ලු, කොළ කොටි, ප්‍රා වගේ සංවිධාන හදාගෙන ඒගොල්ලෝ හැම ඇමැතිවරයෙක්ම ඒගොල්ලන්ට අදාළ පුද්ගලික තැනක වධකාගාර හදාගෙන, බටලන්ද වගේ වධකාගාර හදාගෙන අපේ රටේ තරුණ පරපුර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, නීතිඥයෝ විශාල ගණනක් මැරුවා. විජයදාස ලියනාරච්චි කියන ඉතා දක්ෂ නීතිඥයාව පොලිසියෙන් ගහලා මැරුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා.
50,000ක් මරපු එක ගැන අහන්නේ නැතුව අපෙන් අහනවා අපි මරපු ගාන කීයද කියලා. ඒක ආණ්ඩුව දන්නවා. අපි මරපු ගානට ඒගොල්ලන්ට ඕනෙ නම් නඩු දාන්න පුළුවන්. අපිට නඩු කීයක් දාලද? නඩු දාලා නෑ අපිට. ගොඩක් මරණ ඒගොල්ලෝ කරපුවා. අපේ රටේ හිටපු ප්‍රසිද්ධම ගුවන්විදුලි ශිල්පියෙක් සහ ගීත රචකයෙක් ප්‍රේමකීර්ති. ඔහුගේ ඝාතනය පිළිබඳ ඇඟිල්ල දික්වුණේ අපිට. නමුත් ඔහුගේ බිරිඳ දරුවෝ ඉතා පැහැදිලිව කිව්වා ඔහුව ඝාතනය කළේ පුද්ගලික හේතුවක් මත තාමත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න යූ.ඇන්.පී. එකේ ප්‍රබලයෙක් කියලා. ඒ නිසා ඒගොල්ලෝ මිනී මරලා ඒවා අපේ මතට දැම්මා. ඒ නිසා අපි කියන්නේ ඉතිහාසය හරියට කියවන්නකෝ. මේක පටන්ගත්තේ 87 නෙවෙයි. 1978 භීෂණය පටන්ගත්තේ ජේ.ආර්.ගෙන්. 78 ඉඳලම වැඩවර්ජන කළා. 80 වැඩවර්ජකයෝ ලක්ෂයක් එළියට දාලා. මම හිතන්නේ 17-18ක් දිවි නසාගත්තා රස්සාව නැතිකරපු නිසා. එහෙම භීෂණයක් තිබ්බේ. ඒ භීෂණයට අපි දක්වපු ප්‍රතිචාරය තමයි 1987-88 කියලා කියන්නේ. අපේ ප්‍රතිචාරය.

උදාහරණයකට කියනවා නම්, හොඳට ඉන්න කෙනෙක්ගේ අත පය බැඳලා ළිඳකට දැම්මට පස්සේ එයා දඟලනවා ගොඩ එන්න. දැඟලුවාම කවුරුහරි කිව්වොත් ඔයා ළිඳ ගොඩකළානේ, මාලුත් මැරුණනේ කියලා, ප්‍රශ්නේ තියෙන්නේ අපේද? ඒ නිසා මෙතෙනට රට ගෙනාපු අය තාමත් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජේ.ආර්.ගේ පාලනයේ හිටපු කෙනෙක්. කවුරුවත් ඒක අහන්නේ නෑනේ. ඒ නිසා අපි හිතන දේ තමයි කිසියම් කාලයක් එයි මේ පිළිබඳ පුළුල් පරීක්ෂණක් කරන. ඒකෙදී ඔය වගකිව යුතු කාටත් ඒ පිළිබඳ වගකීම භාරගන්න සිදුවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා නොදන්නා ඉතිහාසය ගැන බාගෙට කියවන්න එපා. ඒ අරගලයේදී අපි ගත්ත සමහර ක්‍රියාමාර්ගවල අඩුපාඩු තිබුණා කියලා ප්‍රසිද්ධියේ පිළිගත්ත එකම පක්ෂය අපි. රනිල් වික්‍රමසිංහ පිළිගත්තද එහෙම? නෑනේ. යූ.ඇන්.පී. එකේ අය පිළිගත්තද? නෑ. මේගොල්ලේ අහන්නෙත් නෑ. අපෙන් තමයි අහන්නේ. අපි තමයි මේකේ වින්දිතයා. හැබැයි පක්ෂය තහනම් කරපු, අපිව ඝාතනය කරපු, නිල නොවන හමුදා හදාගෙන හිටපු අයගෙන් මේක අහන්නේ නෑ. ඒ නිසා ඉතිහාසය අපි සාධාරණව කතාකරමු කියලයි මම කියන්නේ.

ජාතික ජන බලවේගයේ වැඩි කැමැත්ත තියෙන්නේ මහ මැතිවරණයකටද, නැත්නම් ජනාධිපතිවරණයකටද?
අපේ කැමැත්ත ඒ තරම් අදාළ නෑ. මොන ඡන්දයක් ආවත් අපි ඒකට ඉදිරිපත් වෙනවා, දිනනවා. මේ වෙලාවේ අපි ඉන්නේ තියන්නේ මොන ඡන්දෙද, ඒකට ලෑස්තියි. තියෙන්නේ මොන මැච් එක වුණත්, පිච් එක මොකක් වුණත් අපි ගහනවා. ෂුවර්. නමුත් මේ වෙලාවේ ව්‍යවස්ථාවට අනුව එන්න තියෙන්නේ ජනාධිපතිවරණය.

SendShareShare
Previous Post

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Next Post

පාඩු ලබන ශ්‍රී ලන්කන් ‌මිලදී ගන්න කෝටිපති ධම්මික පෙරේරා ලෑස්තියි!  I Sri Lanka Latest News

MORE NEWS

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News
Exclusive

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.