• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර සුදු කළ අපේ කාලේ රොබින් හුඩ්! Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක සිරස්තලයක් පළකරලා තිබුණා. ඒකේ තිබුණේ ‘තෙවරක් පෙරුවත් බඩු සවුත්තුයි’ කියලා. ඒ තෙවරප්පෙරුම ගැන. තෙවරප්පෙරුම කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ගහගත්ත කෙනෙක්. පාරේ වාහන උඩ නැගගෙන උද්ඝෝෂණ කරපු කෙනෙක්. තෙවරප්පෙරුම එක වෙලාවක එල්ලිලා මැරෙන්න උත්සාහ කරනවා ඉස්පිරිතාලෙකට ගිහිල්ලා ෆෑන් එකකට රෙද්දක් දාලා. ‘වැඩ පටන්ගත්තේ නැත්නම් මම මේකේ සියදිවි හානි කරගන්නවා’ කියලා ඔහු කියනවා. තෙවරප්පෙරුම පාරේ යන ගමන් සත්තුන්ට වතුර දෙනවා, කෑම දෙනවා. ඒ වගේම කොරෝනා කාලේ කරෙන් කොස් ගෙඩිය අරගෙන, ගෙදර තිබුණු බත් මුට්ටිය අරගෙන මිනිස්සුන්ට කන්න දෙන්න ගිය මිනිහෙක්. තෙවරප්පෙරුම පාරේ ගෝරි දාගත්ත හාදයෙක්. (Sri Lanka Latest News)

තෙවරප්පෙරුමට ජාතිය ආගම කුලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නෑ. තෙවරප්පෙරුම ඕනේ වෙලාවක ඕනේ ප්‍රශ්නෙකට මැදිහත් වුණා. අපි දැක්කා අමරදේව වෙනුවෙන් තෙවරප්පෙරුම නයිටක් ගහන්න ආවා. ඒ සංස්කෘතික ඇමැති විදියට නෙවෙයි. රෑ නිදි වරන්න එන දන්න කියන හාදයෙක් වගේ. ඒ වගේම අපි දැක්කා එක තැනක සඳහන් වෙලා තියෙනවා සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් ඔහු ඉන්නකොට වේදිකාව ඉදිරියේ මනුස්යෙක් කලන්තෙ හැදිලා වැටුණම තෙවරප්පෙරුම ස්ටේජ් එකෙන් පහළට පැනලා ඇවිල්ලා ඒ මනුස්සයව උස්සගන්නවා. මේවා ෂෝද, නැත්නම් ඇත්තද කියන්න අපි දන්නේ නෑ. ඒ වුණාට තෙවරප්පෙරුමට මිනිස්සු කොච්චර ආදරේද කියලා ඔහුගේ මරණයෙන් පස්සේ අපිට තේරුණා.

ඔහු මැරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට නෙවෙයි. ඔහු මැරුණේ නිකන් මිනිහෙක් විදියට. අපි දැක්කා එක තැනක සඳහන් වෙලා තියෙනවා ඔහු කියපු බව ‘මට කන්නවත් නෑ’ කියලා. තෙවරප්පෙරුම දේශපාලනයෙන් කෝටිපතියෙක් වුණේ නෑ. තෙවරප්පෙරුමට ඉඩකඩම් යාන වාහන ටිකක් තියෙන බව ඇත්ත. හැබැයි ඔහු හිටියේ සාමාන්‍ය මිනිහෙක් වගේ. නිතරම අපි දැක්කේ ඔහු උඩුකයට ඇඳුමක් නැතුව ඔහේ ඉන්න හැටි. ඒ තෙවරප්පෙරුමගේ විලාසිතාව. තෙවරප්පෙරුම ඇඬුවා අපි දැක්කා එක වෙලාවක. ඒ තමයි තෙවරප්පෙරුමගේ ලොකු පුතා මියගිය වෙලාව. ඔහු මරණය ගාවදී පරදිනවා. මොකද ඔහුට ඒ වෙලාවේ තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා පුතාව බේරගන්න උත්සාහ කරන්නත් තිබුණා. මම හිතන්නේ ඔහු එහෙම කරනවට වඩා දෙයියෝ බුදුන් ගැන විශ්වාසය තියලා තමන්ගේ ලොකු පුතාව සනීප කරගන්න උත්සාහ කරනවා. ඒත් ලොකු පුතා තෙවරප්පෙරුමව දාලා යනවා. තෙවරප්පෙරුම කියනවා මගේ බිරිඳ ඉන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් කියලා. තෙවරප්පෙරුමට තවත් පුතෙක් ඉන්නවා. ඒ පුතා හැර වෙන කෙනෙක් නෑ ඔහුට. එතකොට තෙවරප්පෙරුම දේශපාලනයෙන් හම්බ කළේ මොනවද?

ඔහු ඔහුගේ කතාවේදී කියනවා වෙල්ගමලා ගැන, තවත් දේශපාලකයෝ ගැන ඔහු දන්න දේවල් හෝ හිතන දේවල් ඔහු කියනවා. ඒවායේ ඇත්ත නැත්ත ගැන අහන්න දැන් තෙවරප්පෙරුම නෑනේ. හැබැයි තෙවරප්පෙරුමට කීප වතාවක්ම පාර්ලිමේන්තුව තහනම් කරනවා. ඒ විදියේ දඩබ්බරයෙක් තෙවරප්පෙරුම කියලා කියන්නේ. ඔහු වත්තේ වැව ගාව ඔහුගේම සොහොන හදලා ඉවර කරනවා. ඒ ගැන ඔහු මාර්තු මාසයේදී කියනවා ‘මේක මම හැදුවේ මගේ අවසන් නින්ද නිදාගන්න. මේකේ තමයි මාව තැන්පත් කරන්න ඕනේ, ඒ වැඩ ටික දැන් ඉවරයි. මම පාංශුකූලේ කලින් දෙනවා. මගේ මෘත දේහය අරගෙන යද්දී අඬන්න එපා කවුරුවත්, සින්දු කිය කියා පස්සෙන් එන්න’ කියලා. මේවා අපට දැනුණේ චිත්‍රපටයක ජවනිකා විදියට. මොකද අපි හිතුවේ නෑ ඔහු අපිට කලින් අපිව දාලා යයි කියලා. තෙවරප්පෙරුම කියන්නේ ගහක් ගලක් වගේ මිනිහෙක්. පුදුම හයිය හත්තියක් තිබුණු මිනිහෙක්. අපි ඔහු තුළින් සාම්ප්‍රදායික බඩ තියෙන දේශපාලකයාව දැක්කේ නෑ. සුදු ඇඳගෙන ටයිකෝට් දාගෙන ඉන්න ජේත්තුකාර මහත්තයව අපි ඔහු තුළින් දැක්කෙත් නෑ. අපි දැක්කේ ගමේ මිනිහෙක්ව.
එතකොට තෙවරප්පෙරුම මොනවද හම්බකරලා තියෙන්නේ? උත්තරේ තමයි තෙවරප්පෙරුම හම්බකරලා තියෙන්නේ මිනිස්සුන්ව. ඒ හම්බකරපු කෙරුවාව කරන්න වෙන කාටවත් බැරුව ගියා. මොකද අපි දැක්කා සනත් නිශාන්ත මහත්තයා හදිසි අනතුරකින් මියයනවා. ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මහත්තයා මියයන්නෙත් හදිසි අනතුරකින්. සනත් නිශාන්ත මහත්තයා මියගියාට පස්සේ ඔහුට ෆේස්බුක් එකේ ලැබුණු පිළිගැනීම, ඔහු වෙනුවෙන් ෆේස්බුක් එකේ පළවුණු පෝස්ට්, ඔහු ගැන පැතිරිලා ගිය කතන්දර, මිනිස්සුන්ගේ අදහස් අපි දැක්කා. තෙවරප්පෙරුම මියගියෙත් හදිසි අනතුරකින්. ඔහු මියගියාට පස්සෙත් ෆේස්බුක් එකේ බොහෝ අය අදහස් පළකළා. ඔහු ගැන බොහෝ අය කියපු කතා අපි දැක්කා. එතකොට තෙවරප්පෙරුමට සහ සනත් නිශාන්තට මිනිස්සු දෙවිදියකට සලකන්නේ ඇයි?

ඊළඟ කාරණාව තමයි සනත් නිශාන්ත මියයන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට. හැබැයි පාලිත තෙවරප්පෙරුම මියයන්නේ පාර්ලිමේන්තුවටත් යන්න බැරිවෙච්ච මිනිහෙක් විදියට. හැබැයි මිනිස්සු තෙවරප්පෙරුමට දැඩි සේ ආදරය කරනකොට සනත් නිශාන්තට බලු බැණුම් බණිනවා. එහෙම බලු බැණුම් අහපු සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නවා. මිනිස්සු දැඩි සේ ආදරය කරපු තෙවරප්පෙරුම වත්තට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්නවා. ලංකාවේ දේශපාලනය මැනගන්න පුළුවන් හොඳම මිම්ම ඒක. හැබැයි තෙවරප්පෙරුමට මුළු රටම ගෞරව කරනවා, ආදරය කරනවා. ලංකාවේ ඉන්න අතිවිශිෂ්ට සාහිත්‍යධරයෙක් වන චූලානන්ද සමරනායක තෙවරප්පෙරුම ගැන රසවත්ව ඔහුගේ හැඟීම් ලියලා තියෙනවා. මට හිතෙනවා මේ ලිපිය ඉවර කරන්න කලින් චූලානන්ද සමරනායකගේ ඒ ලිපියෙන් කොටසක් මේ සමග අමුණන්න. මොකද, චූලානන්ද වගේ විශිෂ්ට මනුස්සයෙක් අතින්, මියගියාට පස්සේ මේ විදියේ වර්ණනාවට වඩා බර ලියමනක් ලියාගන්න ලංකාවේ කිසිම දේශපාලකයෙක් වාසනාවන්ත වෙන එකක් නෑ කියලා. ඒකට හේතුව තමයි චූලානන්දලා දේශපාලනයට විතරක් නෙවෙයි මනුස්සකමට, මරණයට, ආදරයට සියල්ලටම අවංක මිනිස්සු. එහෙම මිනිහෙකුත් ඔහු ගැන මෙහෙම කියනවා නම්, ඇත්තටම තෙවරප්පෙරුම ගැන වෙන අයට කතාකරන්න දෙයක් නෑ. තෙවරප්පෙරුම කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙක් වග අපට දැන් තේරෙනවා. ඉතින් දුක තියෙන්නේ මරණයට නෙවෙයි, දුක තියෙන්නේ මිනිහෙක් මියයෑම නිසයි. මිනිස්සු ඉතා හිඟ ලෝකෙක තවත් එක මිනිහෙක් අපට නැතුව යෑම නිසයි. ඒ වගේම පාර්ලිමේන්තුවට මිනිස්සු එවන්න මහජනතාව කටයුතු නොකරනකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමැතිකම් කරපු මනුස්සයෝ ඉතා විරළ වෙනකොට මේ එහෙම මනුස්සයෙක් කියන එක මනුෂ්‍යත්වය කියලා කියන්නේ පංචස්කන්ධයකට නෙවෙයි. හෘදයවස්තුවක් තියෙන එකටත් නෙවෙයි.

මිනිහෙක්ට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ආදරේ දැනෙන්න ඕනේ. හැබැයි තෙවරප්පෙරුම කියලා කියන්නේ එහෙම ආදරේ කරපු, ආදරේ දැනුණු ආදරණීය මිනිහෙක්. ඉතින් තෙවරප්පෙරුම, ඔබට සුබ ගමන්. ජීවත් වෙලා ඉන්න කාලේ අකුරකින් හරි ඔබට රිදුණා නම් අපි ලියපු දේකින්, සමාවෙන්න… ඔබ වීරයෙක් ලෙස මියයනවා. ඔබට පාර්ලිමේන්තු යන්න බැරුව ගිය එක ගැන ඔබ දුක් වෙන්න ඇති. හැබැයි ඔබ පාර්ලිමේන්තු ගියත් නොගියත් ඔබ මිනිස්සුන්ගේ හෘදය වස්තුවේ කර්ණිකා කෝෂිකා අතර රැඳී ඉන්නා ආදරණීය මිනිහෙක් වග ඔබේ මරණයෙන් පස්සේ අපිට දැනෙනවා. එහෙම මිනිස්සු හරි හිඟයි.

එජාපයෙන් කිසිදා අවශ්‍ය තැන නොදුන් හාදයො ඕනෑ තරම්. දැන් අත වැනුවට එක එක්කෙනාට ඇත්තමට ආවම වෙන්නෙ වෙලේ පඹයට ඉන්න. කොහොම වුණත් මේ චූලානන්ද සමරනායක නම් වූ විශිෂ්ට සාහිත්‍යකරුවා විසින් අශිෂ්ට දේශපාලකයෙක් වෙනුවෙන් ලියූ සටහන.

‘දැනට මද කලකට පෙර විදුලි වේගයෙන් පුවත් මවන්නෙකුව සිටි පාලිත තෙවරප්පෙරුම මියගිය පුවත ඊයේ සන්ධ්‍යාවේ ලැබෙන විට බක්මහ අකුණු පුපුරුවමින් අහස සිටියේ ගෝරියකට අරාඳිමිනි. ඒ සමගම පාලිත මියගියේ විදුලිසැර වැදීමෙන් බවට පුවතද ලැබිණි.
මහජන නියෝජිතයකු ලෙස ඔහු ගෙවූ කාලය එක් අතකින් රන්ජන්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූවේය. රන්ජන් සිනමාවේ වීරයා වී දේශපාලනයේ ගොදුර බවට පත්වෙද්දී පාලිත මහජනයා අතර වීරයෙක් වී දේශපාලනයේ ගොදුර බවට පත්වූවේය. බාහුබලී කෙනකු මෙන් මහ පාරෙහි ගැටලු විසඳන්නට ගිය ඔහු දේශපාලකයකුගේ භූමිකාවෙහි වැදගත්කම සැලකිල්ලට ගත්තේ නැත. ක්‍රමය වෙනස් කිරීමට සටන් කරනු වෙනුවට ක්ෂණික විසඳුම් දෙන වීරයකු වන්නට ගිය ඔහු මහජනයාගේ වීරයෙකැයි යන හැඟීමෙන් ආශ්වාදය ලැබීය.

කම්හලක සෞඛ්‍ය විරෝධී ප්‍රතිපත්තියකදී වහා එහි කඩාපැන බාහු බලයෙන් එය විසඳන්නට ඔහු තැත් කරද්දී කම්හල් හිමියෝ තාවකාලිකව පසුබැස සූක්ෂ්ම ලෙස යළි සිය වැඩ කරගෙන ගියෝය. ඔහුගේ බොහෝ සටන් නිමවුණේ එලෙසිනි.

කෝවිඩ් සමයේ ඔහු විශේෂිත මැදිහත්වීමක් කළේය. වර්ගවාදය හිස නගද්දී ඔහු නිබයව පීඩිතයා වෙනුවෙන් පෙනී සිටියේය. තමන් මහ පාරේ චණ්ඩියකු, පාදඩයකු ලෙස හංවඩුගසමින් සුදු වත හැඳි දේශපාලුවෝ ගේම ගසද්දී ඔහු පොලිස් කූඩුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට සැහැල්ලු සිනහවෙන් පසුවූවේය.
සිය පුතුගේ අකල් මරණය තරම් ඔහු සසල කරන්නට අන් කිසිවකට නොහැකි විණි. පුතු වෙනුවෙන් තෙත්වූ දෑස කිසිදාක හෝ වියැළුණේ නැති.
සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ලෙස වරෙක වේදිකාවේ සිටියදී ඒ ඉදිරිපිට කලන්තය හැදී වැටුණු අයකු ඔසවාගෙන රෝහලට දුවන්නට වේදිකාවෙන් පැන්නේ පාලිතය. ඒ චිත්‍රපට ජවනිකාවක් මෙනි.

තමන් සමග පර්ලිමේන්තුව නියෝජනය කළ අනෙක් හාදයන් ජනයාගෙන්ම සූරා කෑ ධනයෙන් මිනිසුන්ට සීනී බෝල බෙදද්දී පාලිත කොස් කඩාගෙන ගෙදර බත් මුට්ටියද ගෙන මිනිසුන් අතරට ගියේය. ඔහු කොකිස් බැද්දේ ජනයා සෙක්කුවේ ලා හිඳගත් තෙලෙන් නොවේ.

පුද්ගලික මැදිහත්වීම, ස්වකීය කායික සහ වාචික ශක්තිය ගැනම විශ්වාසය තැබූ ඔහු මේ මජර ක්‍රමය වෙනස් කිරීම පිණිස මහජන නියෝජිතයකු ලෙස තමන් සතු වගකීම කිසි විටෙක හෝ වටහා ගත්තේ නැති. එසේම ඔහු තමන් වීරයකු කරගෙන කර මත තබාගන්නා ජනයා කර පිසදමන මොහොත දැන සිටියේද නැති. සමාජය වෙනස් කිරීමට කේවල සටන් ඉක්මවා යන දැවන්ත බලයක් ඇවැසි බව නොතකා හල ඔහු තමන් වෙත පිදෙන වීරාභිවාදනයන්ගෙන් සැනසී, පරාජිත භූමිකාවට ආ කල පොල් වත්තට පසුබැස්සේය.

පුවත් මවන්නකුව සිටි අවදියේ වරෙක මට ඔහු හමුවිණි. ඒ ඔහු වටා සෙනඟ පොදිකෑ යුගයයි. ලද අවසරයකදී මම ඔහුට දේශපාලනය යනු බාහු බලය නොවන බවත් කේවල මැදිහත්වීම් ඉක්මවන, සාමූහික සහ දැක්මක් සහිත භූමිකාවක් වඩා වැදගත් බවත් කීවෙමි.

මඳක් මදෙස බලා සිටි ඔහු සිය සරම දෙපා අස්සේ රුවාගෙන සිනහවක් පෑවේය.

‘ඒ වුණාට මහත්තයො මිනිස්සු මගෙන් ඉල්ලන්නෙ එහෙම මැදිහත් වීමක්නෙ…’ ඒ ඔහු සුහද ලෙස එදා මට දුන් පිළිතුරයි.

දේශපාලනය ඔහුට බොහෝ පාඩම් උගනවා තිබිණි. පොල් වත්තේ විදුලි වයර පැටලෙන විටත් ඔහුට ඒ පාඩම් සිහිවන්නට ඇත. එහෙත් ඔහු උගත් පාඩම්වලින් වැඩ ගත්තේ නැත. එසේ උගත්තේ නම් රන්ජන් වරද්දාගත් තැන්ද හරිගස්වාගෙන ඔහුට යළි නැගෙන්නට ඉඩ තිබිණි.

කෙසේ වුවද දියවන්නා පාලමෙන් එගොඩ වෙන සුදු රෙද්ද මෙන්ම යුරෝපීය සූට් අඳින බොහෝ තක්කඩින්ට වඩා පාලිත යහපත් මිනිසෙකි. එහෙත් මජර දේශපාලන සම්ප්‍රදායක කේවල උඩුගම් බැලීමක වැරැදි ලෙස පිහිනන්නට ගොස් වරද්දාගත්තෙකි.

ඔහු සැබෑ විරයකු නොවේ යැයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් කෙනකුහට ඔහු ද්‍රෝහියකු යැයි හංවඩු ගසන්නටද නොහැකිය. තමන් කවර කඳවුරක සිටියද මංගල මුණසිංහ, අනිල් මුණසිංහ වැනි දේශපාලකයන් ගැන ප්‍රසාදයෙන් සිහිකරන, ඉන් පසුව කළුතර කළු වළක් කළ පාදඩයන්ට සාප කරන මිනිසුන්ගේ හිත්වල පාලිතගේ නික්ම යාම ගැන දුකක් ඇතිවීම වළක්වාලිය නොහැකිය.’

සුබ ගමන් පාලිත…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

KDU ගැන GMOA අවධානයෙන්! Sri Lanka Latest News

Next Post

ආයෙ වහින්නෙ මැයි දෙවැනි සතියේ! Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.