රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට අ.පො.ස. උසස් පෙළ සමත් සහ වෙනත් සුදුසුකම් ඇති සිසුන්ට මුදල් ගෙවා අදාළ උපාධි ලබාගැනීමට හැකි බවට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ පසුගියදා රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
අදාළ විශ්වවිද්‍යාලයට මීට පෙර ශ්‍රී ලාංකික සිසුන්ට ඇතුළත් වීමට ඉඩකඩ නොතිබූ බවත්, ඒ සඳහා තෝරා ගැනීමේදී අ.පො.ස. උසස් පෙළ සහ වෙනත් සුදුසුකම් ලෙස දැක්වෙන්නේ කුමන තෝරාගැනීමේ රටාවක්ද යන්න පැහැදිලි නැති බවත් එම සංගමය සඳහන් කළේය.
ඒ සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය, ක්‍රියාපටිපාටිය, අරමුණ සහ නිර්නායක පැහැදිලි කරගැනීම සඳහා සවිස්තර තොරතුරු ලබාගැනීමටද මෙම විධායක සභාවේදී තීරණය වූ බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
එම අවශ්‍යතාව ගැන ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැන්වීමට විධායක සභාව තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න