නිරිතදිග මෝසම සහිත කාලගුණ තත්ත්වය මැයි මාසයේ දෙවැනි සතිය තුළදී සක්‍රීය වීමත් සමග තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මේ දිනවල සුළං රටාවේ වෙනස්කම් මත සිදුවන පළමු අන්තර් මෝසම් සහිත කාලගුණ තත්ත්වය නිසා සෑම පළාතකටම සවස් කාලයේ සුළු වශයෙන් වර්ෂාපතනය සිදුවන බවත්, එම කාලසීමාව තුළදී අකුණු සර ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.
අකුණු සර වැඩිවීම නිසා එයින් සිදුවිය හැකි අනතුරුදායී තත්ත්වයෙන් මිදීම පිණිස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසයි එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත් දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යෑම සිදුවන්නේ ලබන මැයි මාසය මැද වන විට බවද අතුල කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න