නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවිකාවකට කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණ සේවා කොමිසම වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
එමෙන්ම අදාළ ආරක්ෂක අංශ සේවිකාව ඇසුරු කළ පුද්ගලයන් පිළිබදව වහාම සොයාබලන ලෙසට ඒ මහතා රාජ්‍ය බුද්ධි සේවයටද දැනුම් දීමක් කර තිබේ.










