පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් සපිරෙන හෙට (21) දිනයේදී මියගිය සහ ආබාධිත වූ සියලුම දෙනා තමන් අදහන් ආගමට අනුව සිහිපත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
නිවේදනයක් සහ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.
එමෙන්ම පාස්කු ප්‍රහාරය යනු ලොව මෙතෙක් සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ බිහිසුණුම ප්‍රහාරය ලෙස හදුන්වා දී ඇති ඒ මහතා මිත්‍ර රටවලිවලින් ප්‍රහාරය පිළිබද තොරතුරු නිවැරදිව ලැබී තිබියදීත් එවක පාලකයන් එය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවද සදහන් කර ඇත.











