• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහමැතිවරණය ‌කොරියාවේ වගේ ලංකාවෙත් තියන්න බැරිද?

April 20, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
මහමැතිවරණය ‌කොරියාවේ වගේ ලංකාවෙත් තියන්න බැරිද?
Share on WhatsAppShare on Facebook

‘මොන ඡන්දද බොලව් කොල්ලනේ, කොරෝනා යක්‍ෂයාගෙන් බේරාගෙන ගෙදරට දුවපන් කොල්ලනේ’ මෙහෙම කියන්නේ අබරන් සීයාය. හැමදාම අපූරු කතා කියන අබරන් සීයා මේ මාරක වසංගතය අභිමුව මේ කතාන්දරයද කියයි. පසුගියදා අපේ රටේ මහ ඡන්දය නොහොත් මහ මැතිවරණයද පවත්වන්නට තිබුණද, එය කොරෝනා නමැති මහා මේඝ ගර්ජනාවට හසුව අද පාවී ගිය තැනකින්වත් සොයාගන්නට නොහැකිවී ඇත. මෙය අපට පමණක් වූ ආනිසංසයක් නොවේ. එනම් දක්‍ෂිණ ධ්‍රැවයත්, උත්තර ධ්‍රැවයත් යා කරමින් දේශයන් රැසක් ගිලගත් කොරෝනා මාරයා නිසා අද එම රටවල අතුරුදන්ව ඇති මැතිවරණ කටයුතුද බොහෝය. එනම් අද ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් රාශියක්ම තමන්ගේ රටවල පවත්වන්නට සැලසුම්කර තිබූ මහා මැතිවරණයන් සියල්ලම කිසිදු දින නියමයක් නොමැතිව කල් දමා ඇත. එය අද ලොව ඉතා පැහැදිලි දසුනක් බවට පත්වී ඇත.
එවැනි පසුබිමක් ලොව තිබියදී අද අසන්නට ලැබී ඇති අතිශයින්ම අරුම පුදුම කතාවක්ද වෙයි. මෙයද මැතිවරණ ලෝකයේම කතාවකි. එනම් කොරෝනා මාරක වසංගතය නිසා මුළු ලොවම ගිනි ගනිමින් තිබියදී දකුණු කොරියාව විසින් තමන්ගේ රටේ මහ මැතිවරණය පවත්වන්නට කටයුතු කර තිබීමය. දකුණු කොරියාව යනු පසුගිය මාස කිහිපය පුරා කොරෝනා වසංගතය බියකරු ලෙස ව්‍යාප්තව තිබුණු රටකි. තවද එම දේශය කොරෝනාවෙන් වෙළාගෙන ඇත. එහෙත් මෙයට කාලයකට පෙර දකුණු කොරියානු රජය විසින් සැලසුම් කරගත් පරිදි ඔවුන්ගේ මහ මැතිවරණය පසුගිය 2020 අප්‍රේල් 15දා පවත්වන ලදී. මෙය අතිශය පුදුමාකාර ලෙස අභියෝග ගණනාවක් ඉදිරියේ සිදුකරන ලද පුළුල් ක්‍රියාවලියකි. එසේම ලොව දේශයන් රැසක් දිගට, හරහට තම මැතිවරණයන් කල් දමන විටදී දකුණු කොරියාව සිදුකළ මෙම ක්‍රියාව දැන් ලෝක වාර්තාවක් බවටද පත්වී ඇත.

(AP Photo/Ahn Young-joon)

දකුණු කොරියාව යනු ආසියාතික රටක් වන අතර, ඔවුන් තම මහ මැතිවරණය පවත්වන්නේ වසර 4කට වතාවක්ය. ඒ අනුව මෙවර මැතිවරණය 2020 අප්‍රේල් 15දාට සැලසුම් කෙරිණි. මෙම මැතිවරණය මඟින් දකුණු කොරියාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් (මන්ත්‍රිවරුන්) 300ක් තෝරාගනු ලබයි. මෙයින් 253ක් ඡන්ද ප්‍රතිඵල අනුවද, අනෙක් 47 දෙනා පක්‍ෂවල ජාතික ලැයිස්තුවලින්ද තෝරා ගනියි. වර්ග කිලෝමීටර් 1,00,363ක සුවිශාලත්වයකින් යුත් දකුණු කොරියාවේ වත්මන් ජනගහනය කෝටි 5 ඉක්මවයි. මෙම දේශය ගැන තවත් අපූරු වගතුගක් වන්නේ, මෙම කෝටි 5කට අධික ජනගහනයෙන් 57%ක්ම (බහුතරය) කිසිදු ආගමකට අයත් නොවීමය. ඔවුන් ජාතික සංගණනයන්හිදී ඒ බැව් ප්‍රකාශ කර ඇත. ක්‍රිස්තියානි භක්තිකයන් 28%ක්ද, බෞද්ධයන් 16ක්ද, කොරියාවේ වෙසෙති. මිලියන 44ක් මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇත.
මේ ආකාරයට බලන විට කිසිදු ආගමක් අදහන්නේ නැති කෝටි 3කට ආසන්න ජනතාවක් දකුණු කොරියාව තුළ වාසය කිරීම ඉතා අපූරු කතාවකි. කිසිදු ආගමක් නැති මිනිසුන් සිටින රටවල් අතරින් කොරියාව සිටින්නේ ඉහළින්මය. දකුණු කොරියාව ලෝකයේ ඉතාමත් දියුණු, ධනවත් රටක්ද වෙයි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපති මූන් ජේ ඉන් වන අතර, ඔහු ජනතාව අතර මහත් කීර්තියක් සහ ගෞරවයක් දිනා සිටින ජන නායකයෙකි. තවද දකුණු කොරියාව අප රටටද වැදගත් වන්නේ ශ්‍රී ලාංකිකයන්ද විශාල පිරිසක් එම රටෙහි සේවය කරනා හෙයිනි. මහ මැතිවරණයේ කතාව කියන්නට පෙර මෙම කරුණුද ඔබ ඉදිරියෙහි තැබුවේ එය දැනගැනීම වැදගත්වන හෙයිනි.
අද මහ මැතිවරණයක් පැවැත්වීමේ වගතුග හෙළිවන දකුණු කොරියාවද, පසුගිය කාලය පුරාත්, තවමත් කොවිඞ්-19 මාරක වසංගතයෙන් ගිලගත් රටකි. එනම් මෙම රට තුළින් කොරෝනා රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, දැනට මරණ 220ක් පමණ වාර්තා වී ඇත. අනෙකුත් බොහෝ රටවල් මෙන් පසුගිය මාස 2ක කාලය පුරා කොරෝනා රෝගය ශීඝ්‍ර ලෙස දකුණු කොරියාව තුළ ව්‍යාප්ත වන්නට ගත්තේය. එහිදී රෝගීන් 10,000 ඉක්මවා තිබුණද එරටින් වාර්තා වූ මරණ ප්‍රමාණය ඉතාමත්ම අවම විය. එනම් රෝගීන් 220ක පමණ ඉතා අවම ප්‍රමාණයක් මරණයට පත්වීමත්, තවත් රෝගීන් 7,000කට අධික ප්‍රමාණයක් සුවය ලැබීමත් සැබෑ ලෙසම ආශ්චර්යයක් විය. එහෙත් එය ආශ්චර්යයක් නොව, කොරියානු රාජ්‍ය පාලනයේ දස්කම විය. එනම් මෙම කොරෝනා වසංගතය දැනගත් වහාම රජය ඉතා ඉක්මනින් එය මර්දනය කිරීම සඳහා ඉතාමත් කාර්යක්‍ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ඔවුන් තම රටේ නගර වසා දැමීමේ ක්‍රියාවලියද බොහෝ සාර්ථකව සිදු කළ අතර, ඊටත් වඩා අතිශය සාර්ථක සහ දක්‍ෂ ලෙස තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. එනම් වේලාසනින්ම කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය. මෙය සිදුකළේ වෛi පරීක්‍ෂණ සිදුකිරීම ඉතාමත් පුළුල් කිරීම මඟින් වන අතර, මේ මඟින් රෝගීන් දහස් ගණනක් වේලාසනින්ම හඳුනා ගැනීමට හැකි විය.
ඒ අනුව සොයාගත් රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කර සුවපත් කිරීමටත්, මරණ සංඛ්‍යාව අතිශය වාර්තාගත ලෙස අඩුකර ගැනීමටත් හැකිවිය. මෙලෙස දකුණු කොරියාව ක්‍රියාත්මක කළ බුද්ධිමත්, ක්‍රියාශීලී වැඩපිළිවෙළ නිසා එම රට කොරෝනා මාරයාගෙන් සාර්ථක ලෙස ගලවා ගැනීමට හැකිවිය. ලෝකයේ කිසිම රටක් මේ ආකාරයෙන් කටයුතු කර නැති අතර, මෙම තත්ත්වය අද ලොව වටා මහත් ප්‍රශංසාවට පත්ව ඇත. දකුණු කොරියාව විසින් සිදුකළ මෙම මහා මෙහෙවර ‘ගෝලීය රන් ප්‍රමිතියක’ තැබිය හැකි අතිශය උසස් ක්‍රියාවලියක් ලෙසට තක්සේරුවී ඇත. මෙම මහා ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු රජය මහා මුදල් ධනස්කන්ධයක්ද වැය කර ඇති බැව් පැවසෙයි. වෛi පූර්ව නිගමන පරීක්‍ෂණ සහ එම ව්‍යාප්තිය අධීක්‍ෂණය කිරීම මෙන්ම, මෙහෙයවීමද අතිශය විශිෂ්ට ලෙස සිදුවී ඇත. ලෝකයේ මහා බලවතුන් වූ ඇමෙරිකාව, එංගලන්තය, චීනය වැනි රටවලටද මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. අද දකුණු කොරියාව තමන්ගේ රටේ මහ මැතිවරණය පවත්වන තත්ත්වයකට පත්වූයේද මෙම සාර්ථක ක්‍රියාපටිපාටිය හේතුවෙනි.

මාරක කොරෝනා වසංගතය මේ වන විට ලෝකයේ රටවල් සහ පාලන බල ප්‍රදේශ 210කට ව්‍යාප්තව ඇත. මෙම රටවල් ප්‍රමාණයෙන් රටවල් 50කට ආසන්න ප්‍රමාණයකම මෙම කාල වකවානුවෙහි මහ මැතිවරණයන් පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් මේ වන විට එම සියලුම දේශයන් තම මැතිවරණ කල් දැමීමට කටයුතු කළේය. කොරෝනා වසංගතය මැද මහ මැතිවරණයක් පැවැත්වූ එකම දේශය වන්නේ දකුණු කොරියාවය. කොරියාව මෙවර පවත්වනු ලැබුවේ එම රටේ 21 වැනි මහ මැතිවරණය වෙයි. වසර 4කට වරක් පැවැත්වෙන මෙම මහ මැතිවරණය මෙයට වසර 84කට පෙර මුලින්ම ආරම්භ කර ඇත. 1950 වසරේ ආරම්භ වී 1953 වසරේදී නිමාවුණු අති බිහිසුණු කොරියානු යුද්ධයේදී පවා දකුණු කොරියාවේ මහ මැතිවරණ කිසිවක් කල් දමා නැත. කොරියානු යුද්ධය යනු දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර පැවැති දරුණු යුද්ධයකි. යුද්ධය තඹ දොයිතුවකට මායිම් නොකර එකල පවා මෙම රට බොහෝ සංවිධානාත්මකව මහ මැතිවරණයන් පවත්වා ඇත. ඒ හෙයින් මෙවරද කොරියානු පාලකයන් පවසා ඇත්තේ කෙසේ හෝ 2020 මහ මැතිවරණය පැවැත්විය යුතු බැව්ය.
මෙවර 2020 මැතිවරණය, පෙර පැවැත්වූ මහා මැතිවරණයන්ට වඩා අතිශයින්ම වෙනස් ස්වරූපයක් ගත් එකක් විය. එනම් කොරෝනා මාරයාගේ දත් ඉදිරියේ එය පැවැත්වුණු හෙයින්, දැඩි සෞඛ්‍යමය ආරක්‍ෂාකාරී වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට එම රටේ බලධාරීන් ක්‍රියා කළේය. ඒ සඳහා ප්‍රධානතම පියවර කිහිපයක්ම ගෙන තිබුණේය.
දකුණු කොරියාවේ ජාතික මැතිවරණ කොමිසම මේ සඳහා අති විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කර තිබිණි. එසේම මැතිවරණයෙහිදී මෙම ක්‍රියාපටිපාටිය නිසි ලෙස අනුගමනය කෙරෙන්නේදැයි නිරීක්‍ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්‍ෂක අංශද දැඩි නීතිරීති සහිත පිළිවෙතක් අනුගමනය කරන ලදී. ඔවුන් මෙසේ සිදුකරන ලද ක්‍රමවේදය මෙසේ ගෙනහැර දැක්විය හැකිය. මෙය අපේක්‍ෂකයන් මෙන්ම, ඡන්ද දායකයන්ද පිළිපැදිය යුතුය.
● රට පුරා ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලද අතර, මෙම ස්ථාන මුළුමනින්ම විසබීජහරණයට ලක්කර තිබිණි.
● ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දය දැමීමට පැමිණෙන සෑම ඡන්දදායකයකුම මුඛ ආවරණයක් පැලඳීම අනිවාර්ය වීම.
● සෑම ඡන්දදායකයකුම දෙඅත්වලට භාවිත කර පසුව විනාශ කරනු ලබන අත් වැසුම් පැලැඳ සිටීම.
● ඡන්දදායක පෝලිම්වල සිටින පුද්ගලයන් තමන්ගේ නිසි දුරස්ථභාවය තබා ගැනීම.
● ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට පෙර ශරීර උෂ්ණත්වය මැන බැලීමට ඉදිරිපත් වීම.
● ශරීර උෂ්ණත්වය නිසි ලෙස නොමැති සියලුම ඡන්දදායකයන් වහාම වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් වෙත යොමුකර එහිදී ඡන්දය භාවිත කිරීමට කටයුතු යෙදීම.
ඡන්ද ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් අතර, ප්‍රචාරක කටයුතු රූපවාහිනී සහ අන්තර්ජාල මාධ්‍ය හරහා පමණක් සිදුකිරීම. මෙය ‘ඊ කැම්පේනින්’ ලෙස හැඳින්වෙයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්දදායකයන් කිසිවකුටත් සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් අතර, ඔවුන්ට එම නිරෝධායන මධ්‍යස්ථානවලම ඡන්දය ලබා දීමට පහසුකම් සලසා ඇත.
තමන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්වී සිටින පිරිස් තමන්ගේ ඡන්දය අන්තර්ජාල ක්‍රම හරහා ලබාදිය හැකිය. එය ‘ඊ වෝටින්’ ක්‍රමය ලෙස හැඳින්වෙයි.
රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ටද තම ඡන්දය ලබා දීමට කටයුතු කර තිබීම අති සුවිශේෂී කටයුත්තක් වන අතර, ඒ සඳහා ඔවුන්ට ලබාදී ඇති පරිගණකමය උපාංගයක් භාවිත කළ හැකිය. එවැනි රෝගීන් 3000ක්ද සිටිති.
විදෙස් රටවල සිටින කොරියානු ජාතිකයන්ට එම රටවල ඇති තානාපති කාර්යාලවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. එහෙත් ලෝකයේ බොහෝ රටවල තානාපති කාර්යාලද අක්‍රියව ඇත.
මේ ආකාරයට 2020 දකුණු කොරියානු මහ මැතිවරණය බොහෝ සංවිධානාත්මකව සිදුකෙරිණි.
කෙසේ හෝ මේ වන විට කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ රටවල් 47ක පැවැත්වීමට නියමිත මහා මැතිවරණයන් රාශියක් දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එසේම කොරෝනා වසංගතය නොමැති සහ ඉතාමත් අඩුවෙන් පැවැති රටවල් කිහිපයක්ද තම රටවල පළාත් මැතිවරණයන් පැවැත්වූ බවටද වාර්තා වී ඇත. එහෙත් මෙහිදී දකුණු කොරියාව වාර්තාගතව ලෝක ඉතිහාසයකට එක්වන්නේ, කොරෝනා වසංගතය ඉතා ප්‍රබලව තිබියදීත් මහා මැතිවරණය පැවැත්වීම හේතුවෙනි.

කෙසේ වුවද දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් කොරෝනා වසංගතය සාර්ථකව මැඬලීමේ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාදය දිනා ඇති අතර, ඔහු ලොව විදෙස් නායකයන් අතරේද ජනප්‍රියත්වයට පත්ව ඇත. එසේම ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේද ගෞරවයට පාත්‍රව ඇත. කොරෝනා මැඬලීමට ගත් සාර්ථක වැඩපිළිවෙළ ගැන තම රටවලටද උපදෙස් ලබා දෙන්න යැයි, ලෝක නායකයන් 15 දෙනෙකු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මුන් ජේ. ඉන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 300 අතරින් 163ක් දිනා සුවිශේෂ ජනවරමක් හිමිකර ගැනීමය. එමෙන්ම මුන් ජේ. ඉන්ට සහාය පළ කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ ‘Platform Party’ ආසන 17ක් ලබා ගැනීමත් සමඟ සමස්ත ආසන සංඛ්‍යාව 180 දක්වා ඉහළ නංවා ගැනීමට ඔවුන් සමත්ව ඇත. ඒ අනුව කොරෝනා යුද්ධය මැද පැවැත්වූ ඡන්ද යුද්ධයේදී ජය ගැනීමට දකුණු කොරියාවේ පාලක මුන් ජේ. ඉන් සමත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආදාහනයද-භූමිදානයද: ජනපති ‌ගෝඨාට UN එකෙන් එවපු ලියුම: කවුරුවත් දාපු නැති නිසා අපි පළ කළා

Next Post

හමුදාපති හදිසියේම යාපනයට බැස්සේ ඇයි?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.