• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ ඉහළ යන විදුලි ගාස්තු අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් යෝජනා කරන තරුණ කැඳවුම්කරු!

April 11, 2024
in Business
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව, අප්‍රේල් 4, 2024 – ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි ඒකක ගාස්තු ඉහළ යාමේ අර්බුදය සම්බන්ධයෙන් පැවති හමුවකට එක් වෙමින්, පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පවුලක ආදායමෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් විදුලි පරිභෝජනය සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බවත්, මෙම තත්ත්වය ගෘහ හා ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝගයක් වී ඇති බවත්ය. (Sri Lanka Latest News)

රටේ සංවර්ධනය සහ දියුණුව වේගවත් කළ හැකි තාක්‍ෂණික සංකල්ප සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා යොමු වීමේ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද බණ්ඩාර මහතා මෙහිදී අදහස් පළ කළේය. විදුලි බිල් වැඩි වීම ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා අහිතකර ලෙස බලපාන අතර එය ආර්ථක වර්ධනයට මෙන්ම නවෝත්පාදන අදහස්වලට ද දැඩි බාධාවක් බවද, බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය සහ විෂය භාර අමාත්‍යවරයා කුමන අදහස් ඉදිරිපත් කළ ද එය බදු ගෙවන ජනතාවට ඉතා බරපතල ලෙස බලපා ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික දියුණුවට බාධා කරන විදුලිබල ක්ෂේත්‍රයේ ඇති මෙම ගැටලුව සහ බලශක්ති මූලාශ්‍රයන්ගේ ඇති හිඟය පිළිබඳව ද බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. රට තුළ “බලශක්ති විප්ලවයක්” ඇති කිරීම සඳහා කාලය එළැඹ ඇති බවත්, ප්‍රතිලාභ ඇති බව පෙනෙන්නට තිබියදීත් බලධාරීන්ගේ අනුමැතිය නොලැබීම නිසා දැනටමත් ප්‍රමාද වී ඇති හරිත බලශක්ති ව්‍යාපෘති ඉක්මනින් ආරම්භ කිරීමට අදාළ පාර්ශව විසින් මූලිකත්වය දිය යුතු බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා සුදුසු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇත. තෙල් නිධි වැනි සාම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍ර අවම වුවත්, ශ්‍රී ලංකාව සිය අපනයන ආදායමෙන් සැලකිය යුතු කොටසක් බොර තෙල්, ගල් අඟුරු සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වැය කරනු ලබයි. මෙම ආර්ථික වැය බර පුනර්ජනනීය බලශක්ති සඳහා මාරු වීමට වැය කිරීමේ ඇති වැදගත්කම බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

සුළං සහ සූර්ය ශක්තිය හොඳින් ලැබෙන ප්‍රදේශ ලෙස පිළිවෙළින් මන්නාරම සහ හම්බන්තොට යන ප්‍රදේශවල ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇත. පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා යොමු වීමේ වැදගත්කම, මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය විසින් ද පැහැදිලිව පෙන්වා දුන් කාරණයක් විය.

ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට බදු ගෙවන ජනතාවට පැහැදිලි ප්‍රතිලාභ අත් කර දෙන්නට ඇනහිට ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කඩිනම් අනුමැතිය ලබා දිය යුතු බව පෙන්වා දුන් බණ්ඩාර මහතා, ලාභදායි සහ පහසුවෙන් ලබාගත හැකි පුනර්ජනනීය බලශක්ති විසඳුම් වෙත මාරු වීමේ අවස්ථාව මඟ නොහැර ප්‍රයෝජනයට ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය. 

වැඩි විස්තර සඳහා

ඉඳුනිල් බණ්ඩාර
කැඳවුම්කරු,
පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානය

SendShareShare
Previous Post

පොලිසියෙන් ගැහුවාට පස්සේ පුතාගේ වෘෂණ කෝෂයක් ඉවත් කරන්න වුණා! මිතුරාටත් බරපතළ විදිහට පහර දීලා! තරුණයාගේ මව කියයි! අණ නොතකා ධාවනය කළා! අත්අඩංගුවට ගන්න යද්දී ගැටුමක් වුණා! පොලිසිය! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රපාතයට වැටෙන්න ගිය බස් රථය කන්දක හප්පා ජීවිත 50ක් බේරාගත් ලංගම රියැදුරා! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.