• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යන්න එපා හිතන්න! වෙන දේ මෙන්න! Sri Lanka Latest News

April 8, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රුසියානු – යුක්රේන යුද්ධයට සේවය කිරීම සඳහා මේ වන විට එම රටවල් දෙකම විදේශීය හමුදා සාමාජිකයන් බඳවා ගනී. එහිදී වඩාත් ඉහළ ඉල්ලුමක් ඇත්තේ රුසියානු හමුදාවට වන අතර, ඔවුහු විදේශීය හමුදා සාමාජිකයන් සඳහා ඉතා ඉහළ වැටුපක් ගෙවති. මේ අනුව මේ වන විට ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් මෙම හමුදාවන්ට හොර රහසේ බැඳී ඇත. එසේ වන්නේ ශ්‍රී ලංකා රජය එය නීතිමය වශයෙන් සිදු නොකරන කටයුත්තක් හෙයිනි. කෙසේ හෝ මෙරට පාර්ශ්ව සහ මාධ්‍ය මගින් ප්‍රකාශ වී තිබුණේ ශ්‍රී ලාංකික හමුදා සෙබළකුට රුසියානු හමුදාව විසින් මාසික වැටුප ලෙස ඇමෙරිකානු ඩොලර් 3,000ක් නොහොත් රුපියල් ලක්ෂ 09ක් පමණ ගෙවන බවය. එහෙත් අප මෙම වගතුග රුසියානු හමුදා නිල දත්ත හරහා සොයා බැලුවෙමු. එහිදී පෙනීගියේ එම මුදලට ආසන්න ලෙස ඩොලර් 2,500ක පමණ (රුපියල් ලක්ෂ 7,50,000) මුදලක් ගෙවන බවය. එහෙත් යුක්රේන හමුදාව ගෙවන්නේ මින් අඩක පමණ මාසික වේතනයකි. එයට හේතුව වන්නේ එරට රුසියාවට වඩා දුප්පත් රටක් වන හෙයිනි. රුසියානු හමුදාවේ සේවය කරන නිත්‍ය රුසියානු හමුදා සාමාජිකයකුට වඩා වැඩි වේතනයක් විදේශීය සාමාජිකයන්ට ගෙවනු ලැබේ. මේ නිසා අද ‘මරණය සැපයි’ යනුවෙන් සිතමින් රුසියානු හමුදාවට සේවය කිරීමට අපගේ තරුණයන් එහි ඇදී යයි. නැතිනම් ආදර භක්තියට නොවේ. මෙවැනි ශෝකීය තත්ත්වයකදී දැනට ලාංකික හමුදා සාමාජිකයන් 05 දෙනකු එම යුද පිටියේදී මරණයටද පත්ව ඇත. මෙය අවසානයක් නොදකිනු ඇත. (Sri Lanka Latest News)

‘යුක්රේනයට එරෙහිව රුසියානු හමුදාව සඳහායි අපි සේවය කළේ. මුලින් අපිට ලොකු අනතුරුදායක තත්ත්වයක් එතරම්ම පෙනෙන්න තිබුණේ නෑ. අපි බොහෝ වෙලාවට බංකර්වල රාජකාරි සඳහා තමයි ගියේ. ඩොනෙට්ස්ක් කියන ප්‍රදේශයේ තිබෙන බංකර් සඳහා අපි ගියා. මෙතැන අපිට ප්‍රහාරයක් එල්ල වන බවක් පෙනෙන්නවත් තිබුණේ නැහැ. එහෙත් පසුව එක්වරටම හිතාගන්නවත් බැරි විදියට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වන බවක් පෙනෙන්න තිබුණා. බංකර් දෙකකට විතර ප්‍රහාර එල්ල වුණා කියලා දුරකතන පණිවුඩ ආවා. අපි ඒ සමගම සීරුවෙන් සිටියා. ඒත් සිතාගන්න බැරි විදියට එකපාරටම අපේ බංකරයටත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා. යුක්රේන ඩ්‍රෝන යානාවකින් වරුසාවක් වගේ වෙඩි ඇදහැලෙන්න ගත්තා. මමයි නිපුණයි එකට සිටියේ. අපට මොනවා වුණාදැයි හිතාගන්න බැරිවුණා. එක්වරම අපි දෙන්නටම ඩ්‍රෝන වෙඩි ප්‍රහාරයන් එල්ල වුණා. මම දැක්කා සැණෙකින්ම වෙඩි ප්‍රහාර කිහිපයක් වැදිලා නිපුණ බිම ඇදගෙන වැටෙනවා. මටත් වෙඩි වැදුණා. ඒත් හුඟක් දරුණු වුණේ නැහැ. මගේ අතක් සහ කකුලක් විතරක් තුවාල වුණා. ඒත් නිපුණ….’

කුමක්ද මේ ශෝකබරිත එසේම ආවේගාත්මක වගතුග? මෙම කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. අපගේ ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈතින් එය ඇසෙන්නට විය. එම ශෝකීය කතාව කියා සිටින්නේ කවුදැයි පැවැසීමට පෙර අප තවදුරටත් ගලා යන එම වදන් පෙළ අසා සිටිමු.
‘ඔව්, ඒත් නිපුණ වෙඩි වැදිලා බිම ඇදගෙන වැටුණා. ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදිලා තිබෙනවාට අමතරව අත්පාවලටත් වෙඩි වැදිලා තියෙනවා මම දැක්කා. පපුවට දරුණු ලෙස වෙඩි දෙක තුනක්ම වැදිලා ලේ ගලනවා පෙනුණා. මම වහා ඉදිරියට පැනලා ඔහු අල්ලා වත්තන් කරගත්තා. නිපුණගේ තත්ත්වය හුඟක්ම නරක බව මට පෙනුණා. අප සිටි බංකරය වෙඩි පහරින් ගිනිගෙන දැවෙන්න වුණා. ඩ්‍රෝන යානය එම ප්‍රහාරය එල්ල කර එතැනින් ඉවත්ව ගියා. එහෙත් දෙවැනි ප්‍රහාරය සඳහා නැවත එහි පැමිණිය හැකියි. මම නිපුණ වත්තන් කරගෙන අපගේ අනෙක් සොල්දාදුවන් සිටින බංකරය පැත්තට ගියා. එහෙත් විනාඩි දෙක තුනයි ගියේ. ඩ්‍රෝන යානය පැමිණ නැවත ප්‍රහාරයක් එල්ල කළා. වෙඩි වරුසාවක් එල්ල වුණා. මම නිපුණව ආරක්ෂිත ස්ථානයක් වෙත ගෙනයන්න උත්සාහ කළා. ඒත් ඒක මට කරන්න බැහැ. මගේ අත්පාවලටත් වෙඩි වැදිලා තිබුණේ. නිපුණ බොහෝ අසාධ්‍ය තත්ත්වයකින් සිහි නැතිව සිටියේ. නැවත වරක් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. මට වෙන කරකියා ගන්න දෙයක් නැහැ. නිපුණ හැරයෑම තරම් වෙන විකල්පයක් තිබුණේ නැහැ. මම බොහෝ දුකෙන් ඔහු හැරගොස් ආරක්ෂිත ස්ථානයකට පැමිණියා. මමත් වෙඩි වැදිලා හරිම වේදනාවෙන් සිටියේ. ඊට පස්සේ නිපුණට මොනවා වුණාදැයි මම දන්නේ නැහැ. අපේ රුසියානු හමුදාවේ සාමාජිකයන් තැන් තැන්වල විසිරී සිටියා….’

මෙම ත්‍රාසජනක කතාව කියා සිටින්නේ සේනක බණ්ඩාරය. එසේ නම් ඔහු කවරෙක්ද? සේනක බණ්ඩාර යනු දැනට 36 වැනි වියේ පසුවන ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සාමාජිකයෙකි. වසර ගණනාවක එම සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්ව ගොස් දැන් සේවය කරන්නේ රුසියානු යුද හමුදාවටය. දැනට වසර දෙකකට පෙර ආරම්භ කර තෙවැනි වසරටද එළැඹ තිබෙන රුසියානු-යුක්රේන යුද්ධයට සම්බන්ධව ඔහු මීට මාස කිහිපයකට පෙර රුසියානු හමුදාවට බැඳීමට කටයුතු කළේය. මෙලෙස මේ වනවිට ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් විශාල පිරිසක් නොයෙකුත් මාර්ගයන් හරහා රුසියාවට ගොස් එරට හමුදාවට බැඳී සිටිති. සේනක බණ්ඩාරත් පසුගියදා මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ලොව ප්‍රකට මාධ්‍ය සේවයක් වන ‘අල් ජසීරා’ රූපවාහිනිය වෙතය. ඔහු මෙහිදී විස්තර කරනු ලබන හමුදා සාමාජිකයා නිපුණ සිල්වා නමැති 27 හැවිරිදි තරුණයෙකි. ඔවුන් දෙදෙනා පසුගියදා රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව නියෝජනය කරමින් සිටියදී මෙම ඛේදජනක සිදුවීමට මුහුණපා ඇත. මෙම බියකරු සිදුවීමේදී නිපුණ සිල්වා නමැති ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයා මියයන්නට ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එනම් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු ඝාතනය වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. එහිදී ඔහු සමග එකට සිටි අනෙක් සාමාජිකයා වන සේනක බණ්ඩාර ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ රෝහලක තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටියදී ඉහත අත්දැකීම අල් ජසීරා රූපවාහිනිය වෙත ප්‍රකාශ කර ඇත. මියගිය නිපුණ සිල්වාගේ සිරුර පසුව ඔහු හා රුසියානු හමුදාවට සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් හඳුනාගෙන ඇති බව පැවැසෙයි. එහෙත් එම සිරුරු තවමත් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ පුවතක් ගැන වාර්තා වී නොමැත.

මෑතක සිට අපට අසන්නට ලැබුණු මෙම රුසියානු-යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකික සොල්දාදුවන් සහභාගි වීමේ කතාන්දරය කුමක්ද? එම වගතුග සම්පූර්ණ සත්‍යයකි. ඉහත යුද්ධය ඇරැඹී දැනට වසර 2ක් ගතව ඇතත් මෙලෙස ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ වගතුග ඇසෙන්නට වී ඇත්තේ දැනට මාස 7-8ක පමණ කාලයක සිටය. රුසියානු හමුදාවට මෙන්ම යුක්රේන හමුදාවටද මෙලෙස ශ්‍රී ලාංකික සොල්දාදුවන් සේවය කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී. මේ අනුව ඉහත හමුදාවන්ට මෙම සොල්දාදුවන් අනුයුක්ත කරන්නේ ශ්‍රී ලංකා රජයේ හෝ එහි අනෙක් හමුදාවන්ගේ ඍජු මැදිහත්වීම මත නොවේ. ශ්‍රී ලංකා රජය දැනට දශක ගණනාවක සිට මෙරට හමුදා සාමාජිකයන් ලෝකයේ රටල් රැසක සේවය කිරීම සඳහා නිල වශයෙන් පිටත් කර යවා ඇත. එහෙත් එම බොහෝ අවස්ථාවලදී එම ක්‍රියාවලිය සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ මැදිහත්වීම මතය. එනම් මෙරට සොල්දාදුවන් එම විදේශීය රටවල තිබෙන විවිධ යුද අර්බුද සඳහා සේවය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව හරහාය. ඔවුන්ට වැටුප් ගෙවනු ලබන්නේද එක්සත් ජාතීන්ගේ සංවිධානය මගිනි. එහෙත් දැන් ශ්‍රී ලංකාවේ මේ වන විට අසන්නට ලැබෙන ඉහත කතාව බොහෝ වෙනස් එකකි. එනම් මෙරට සිටින හමුදාවෙන් විශ්‍රාම ගිය හෝ දැනට සේවයේ නියුතු හෝ හමුදා සාමාජිකයන් ශ්‍රී ලංකා රජයෙහි දැනුවත්භාවයකින් තොරව ඉහත රටවල් දෙකෙහි හමුදාවන්ට සම්බන්ධ වීමය. මෙහිදී මෙම හමුදා සාමාජිකයන් වෙනත් වක්‍ර ක්‍රම හරහා මෙරටින් පිටත්ව ගොස් එම රටවලට ඇතුළු වෙයි. එහිදී එය ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ සම්පූර්ණ හොර රහසේ වන අතර, ඒ සඳහා විවිධ රැකියා ඒජන්සිකරුවන් සහ වෙනත් රහසිගත පාර්ශ්වයන්ද සම්බන්ධ වෙයි. සැබැවින්ම එය පහසුවෙන් කළ හැකි ක්‍රියාවලියක්ද නොවේ.

එසේ නම් අප සොයා බැලිය යුත්තේ මෙලෙස යුද්ධය සිදුකරන රුසියාවේ සහ යුක්රේනයේ හමුදාවන්ට අපගේ ලාංකික හමුදා සාමාජිකයන් බඳවා ගන්නේද? සුවිශේෂ පුවත ඇත්තේ එතැනය. එනම් එම විදේශ හමුදාවන් දෙකම අපගේ හමුදා සාමාජිකයන්ට තම දොරටු විවෘත කර ඇත්තේ කිසිදු බාධාවකින් තොරවය. තවත් අයුරකින් කිවහොත් එම රටවල් දෙකම අපගේ හමුදා සාමාජිකයන් අතිශය කැමැත්තකින් යුතුව තම හමුදාවන්ට බඳවා ගනියි. මෙහිදී එම කාර්යය ඉතා පහසුවෙන් සහ වේගයෙන්ද සිදුකරනු ලබනු ලබන්නේ රුසියානු රජය විසිනි. එනම් දැනට යම් කාලයක සිට රුසියානු හමුදාවන්ට විදේශ රටවලින් කුලී හේවායන් (මර්සිනරීස් – බඳවා ගැනීම සිදුකරනු ලබයි. ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේද මෙම ක්‍රමවේදය යටතේය. යුද්ධයට මුහුණ දීමේ හදිසි අවශ්‍යතාව හේතුවෙන් රුසියානු රජය මෙම ක්‍රියාවලිය ඉතා කඩිනමින් ඉටු කරයි. මේ අතරම දැනට වසර 10ක සිට (2014දී අරම්භ කරන ලද) ස්ථාපිත කර ඇති රුසියානු රජය විසින්ම පවත්වාගෙන යනු ලබන ‘වැග්නර් ගෲප්’ නමැති පුද්ගලික හමුදා සමාගමක්ද ඇත. මෙහි ප්‍රධානියා වන්නේ රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ සමීප සගයකු වූ යෙව්ගිනි ප්‍රිගොෂින්ය. රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ යටිතල පහසුකම් භාවිත කරමින් ක්‍රියාත්මක වන මෙම සමාගමට කුලී හේවායන් විශාල ප්‍රමාණයක්ද සේවය කරති. එහෙත් මෙම කාලයේදී අපට ආරංචි වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් එම සමාගමට සේවය නොකරන අතර, ඔවුන් සියල්ලක්ම ඍජුවම සේවය කරන්නේ රුසියානු යුද හමුදාවටය. එනම් පූර්ණ වශයෙන්ම රුසියානු රජයට සේවය කරයි.
මේ වන විට රුසියානු සහ යුක්රේන හමුදාවල ශ්‍රී ලාංකික සොල්දාදුවන් සිය ගණනක පිරිසක් සේවය කරනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී බහුතර පිරිස ඇත්තේ රුසියානු යුද හමුදාව තුළ බවද පැවැසෙයි. රුසියානු හමුදාව හෝ යුක්රේන හමුදාව හෝ මෙම ලාංකික හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය හෙළිකර නැත. එහෙයින් එම රටවල ඇති ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයන් පවා මෙම ගණන් හිලව් නිසියාකාරව දන්නේ නැත. පසුගියදා එම තානාපතිවරුන් මෙම නිශ්චිත සංඛ්‍යාවන් ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර තිබුණත් එවැන්නක් සිදුවී නැත. එම සංඛ්‍යාවන් එම හමුදාවන් විසින් වසං කරන ආකාරයක් දැකිය හැකිය. මෙම පවතින යුද සමයේදී යම් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයකු වෙනත් මාර්ගයකින් වීසා ලබාගෙන ඉහත රටවල් දෙක තුළට ගොස් සිටියහොත් ඔවුන්ට ඉතා පහසුවෙන් එම හමුදාවන්ට බැඳිය හැකිය. එනම් සාමාන්‍ය අධීක්ෂණයක් පමණක් සිදුකර කෙටිකාලීන හමුදා පුහුණුවක් ලබාදී එම පිරිස් හමුදා සඳහා අනුයුක්ත කරගනියි. මෙහිදී බොහෝ නිදහස්ව එම කටයුතු සිදුකරනු ලබන්නේ රුසියානු හමුදාව විසිනි. එයට හේතුව වන්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සොල්දාදුවන් බඳවා ගැනීම කෙරෙහි පූර්ණ අවසරයක් ලබාදී තිබීමය. මෙහිදී තවත් හේතුවක් ලෙස ප්‍රකාශ වන්නේ රුසියාව සහ ශ්‍රී ලංකාව ඉතා සමීප මිත්‍ර රටවල් දෙකක් ලෙස පැවැතීමය. එය දශක කිහිපයක් පුරා පැවැතෙන්නකි. මෙම වටපිටාවේදී ශ්‍රී ලංකාව තවද නිල වශයෙන් රුසියානු-යුක්රේන යුද්ධය සඳහා සහභාගි වීමට මෙරට හමුදා සාමාජිකයන් යැවීම සිදුකර නැත. එහෙත් වක්‍ර ක්‍රම හරහා එය මේ වන විටද සිදුවෙයි. දැන් එසේ නම් මෙතරම් මරණය පෙනි පෙනී තිබියදීද ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් මෙම හමුදාවලට බැඳෙන්නේ ඇයි?

ඔව්, මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය උද්ගත වන්නේ එතැනදීය. එය වෙනත් කිසිවක් නොව මෙම විදේශීය හමුදා විසින් අපගේ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන මාසික වේතනයයි. එම ක්‍රියාවලියේදී ප්‍රමුඛස්ථානයේ සිටින්නේ රුසියානු හමුදාව සහ රුසියානු රජයයි. එනම් දැනට ශ්‍රී ලංකාවේ යම් පාර්ශ්ව විසිනුත්, මාධ්‍ය වාර්තා අනුවද ප්‍රකාශ වී ඇත්තේ අපගේ ශ්‍රී ලාංකික සාමාන්‍ය හමුදා සෙබළෙකුට රුපියල් ලක්ෂ 09ක් නොහොත් ඇමෙරිකානු ඩොලර් 3,000ක පමණ වැටුපක් ගෙවනු ලබන බවය. අප මෙම වගතුග රුසියානු හමුදා නිල වාර්තාවලට අනුව සොයා බැලුවෙමු. එහිදී අපට පෙනී ගියේ එතරම්ම සුවිශාල මාසික වැටුපක් නැතත්, එම සීමාවන්ට ආසන්න වන යම් ඉහළ වැටුපක් ගෙවන බවය. මෙහිදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ නම් එරට රුසියානු හමුදාවේ සේවය කරන නිත්‍ය සාමාන්‍ය සොල්දාදුවකුට ලැබෙන වැටුප විදේශීය හමුදා සාමාජිකයකුට වඩා හරි අඩක් පමණ වීමය. එම වගතුග අප වෙන් වෙන්ම සොයා බලමු.

★ රුසියානු යුද හමුදා සාමාන්‍ය සොල්දාදුවකුට ලැබෙන මාසික වැටුප රුසියානු රූබල් 160,000ක් නොහොත් ඇමෙරිකානු ඩොලර් 1,800ක් පමණ වෙයි. මෙය රුසියානු සාමාන්‍ය පුද්ගලයකු ලබන මාසික ආදායමට වඩා දෙගුණයක් වෙයි. එනම් රුසියානුවකුගේ සාමාන්‍ය දළ මාසික වැටුප රූබල් 71,500ක් නොහොත් ඩොලර් 750ක් පමණ වෙයි. මේ නිසා හමුදා ගෙවීම ඉහළින් ඇත.

★ රුසියානු හමුදාවට සේවය කරන විදේශීය යුද හමුදා සෙබළකුගේ මාසික වැටුප රූබල් ලක්ෂ 02ක් නොහොත් ඇමෙරිකානු ඩොලර් 2,200ක් පමණ වෙයි. ඒ අනුව බලන කල අපගේ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ට සිතන තරම් මාසික වැටුපක් නොලැබෙන අතර, ඒ කෙසේ වුවද සමහර විට ඩොලර් 2,500කට ආසන්න මුදලක් ලැබීමට ඉඩ ඇත. ඒ නිසා මරණය නොතකා අපේ තරුණයන් එරට යුද්ධයට යන්නෙහිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අද කැඳවපු රැස්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි! දයාසිරි වහාම මාධ්‍ය හමුවක් කැඳවයි! ව්‍යවස්ථාවේ වගන්ති එකින් එක පැහැදිලි කරයි! නිමල් සිරිපාලට කිසිම අයිතියක් නෑ! චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලයි තියෙන්නේ! ඇමැතිකම් වෙනුවෙන් මේ අය ඕන දෙයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් 18 පාරක් රට ගියා.. එක ආයෝජකයෙක් ආවද? එන්නෙ නෑ! මොකද කිසි විශ්වාසයක් නෑ! ඊළග ජනාධිපතිවරණයේදී අපි රනිල්වයි පොහොට්ටුවයි එකට තියලා පරද්දනවා! හරීන්ලා ජනතාව පාවාදීලා ඇමැති කටු සූප්පු කරන්න ගියාට අපි ජුදාස්ලා වෙන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.