• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගේන්න යන විදුලිබල පනතේ අඩුපාඩු රැසක්! වහාම සංශෝධනය කරන්න! කබීර් ආණ්ඩුවට දැනුම් දෙයි! අදානිට ව්‍යාපෘති දීලා තියෙන්නේ ටෙන්ඩර් නැතිව! I Sri Lanka Latest News

April 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දකුණු ආසියාවේ එකම නියෝජිතයා! එක්සත් ජාතීන්ගේ සමුලුවක් අමතන්න කබීර් හෂීම්ට විශේෂ ආරාධනාවක්!
Share on WhatsAppShare on Facebook

යෝජිත විදුලිබල පනතේ සංශෝධනය රැසක් සිදුකළ යුතුව ඇති බවත් එම පනත විනිවිදභාවයකින් සහ දේශපාලන බලපෑමකින් තොරව සකස් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘ශ්‍රී ලංකාව කාර්මික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න සහ ශ්‍රී ලංකාව තරඟකාරී මට්ටමකට ගේන්න නම් රටේ තිබෙන ප්‍රාග්ධන පිරිවැය අඩු කළ යුතුයි. ඒ වගේම බලශක්ති පිරිවැයත් අඩු කළ යුතුයි. එසේ සිදුකළොත් ශ්‍රී ලංකාව නිෂ්පාදිත කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනවා.

රජය විදුලි බල පිරිවැය අඩුකරන්න යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. විදුලිබල පනතක් ගේන්නත් ආණ්ඩුව උත්සහ කරලා තිබෙනවා. විදුලි බල පිරිවැය අඩුකරන්න රජය ගෙන තිබෙන සමහර යෝජනා පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුලුවන්. නමුත් මේ කටයුතුවල විනිවිද භාවයක් නොමැති නිසා ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙලා නෑ. ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ආණ්ඩුව රටේ ජනතාව අතර විශ්වාසයක් ඇති කරන්නනම් විදුලිබල අංශය තුළ ගෙනියන ක්‍රියාමාර්ග විනිනිදභාවයකින් ක්‍රියාත්මක කළ යුතුයි.

විදුලි බල ඇමැතිවරයා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ගිවිසුම් ගත වෙලා මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මන්නාරමේ ආරම්භ කිරිමට සුදානම් වනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ගැටලු කිහිපයක් ඇතිවෙලා තිබුණා. මෙම ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇමැතිවරයා ව්‍යවස්ථාදායක සභාවට හරි තොරතුරු සහිතව ඉදිරිපත් කරලා නෑ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඒකකයකට ගෙවන මිල සම්බන්ධයෙන් දැනුම්වත් කරලා නෑ. සුළං බලයෙන් ලබාගන්නා විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 12 ක් ලබාදෙන බව මුලින් ගිවිසුම් ගත වෙලා තිබෙනවා. පසුව ඇමරිකානු ඩොලර් ශත 9 කට අඩු කරලා තිබුණා. ඉන්පසුව ඇමරිකානු ඩොලර් ශත 8.8 කට ගිවිසුම් අත්සන් කරන්න යන බවට දැනට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

සමහර රටවලින් ඊට වඩා අඩු මිලකට විදුලි ඒකකයක් ගන්න පුලුවන් කියලා රටේ ආර්ථික විශේෂඥයින් සහ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ විශේෂඥයින් ප්‍රකාශ කරනවා. රටට පුනර්ජනනීය විදුලි බල ශක්තීන් රටට අවශ්‍යයි , රටේ විදුලිබල ශක්ති පිරිවැය අඩු කරන්න මෙවැනි දේවල් සිදුකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උපක්‍රමශීලිව තාක්ෂණිකව අදානි සමාගම සමඟ සාකච්ඡා කළොත් ලංකා විදුලිබල මණ්ඩලයට හොද මිලකට විදුලි ඒකකයක් ගැනීමේ හැකියාව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මෙගාවොට් 50 විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. එයත් සුළං බල ව්‍යාපෘතියක්. ජාත්‍යන්තර ටෙන්ඩරයක් තමයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව මෙම ව්‍යපෘතිය සඳහා ජාත්‍යන්තරේ හොද සමාගම් මේ සඳහා ඉල්ලුම් කරනවා. මේ ටෙන්ඩරය මැයි 9 වැනිදා එම ටෙන්ඩරය සම්පුර්ණ වෙනවා. එම ටෙන්ඩරය හරහා මෙම ව්‍යපෘතියට තරඟකාරී හොද මිලක් ලැබෙනවා. ඒ නුව අදානි සමාගමටත් එම මිල ගණන්වලට විදුලි ඒකකයක් සපයන්න කියලා ආණ්ඩුවට කියන්න පුලුවන්.
මෙගාවොට් 50 ව්‍යාපෘතියෙන් විදුලි ඒකකයක් ඩොලර් ශත 7 කට ආසන්න මුදලකට ලබාගන්න පුලුවන් කියලා අපි උපකල්පනය කරනවා. අදානි සමාගමෙන් ඩොලර් ශත 8.8 කට ලබාගන්නා විදුලි ඒකකයක් මෙගාවොට් 50 ව්‍යාපෘතියෙන් පසුව තවත් මිල අඩු කර ගන්න පුලුවන් කියලත් අපි විශ්වාස කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරය තිබෙන්නේ මෙගාවොට් 50 කට. ඒ සඳහා අවුරුදු 20 ක ගිවිසුමක් තමයි අත්සන් කරන්න යන්නේ. නමුත් අදානි සමාගමේ ව්‍යාපෘතිය සඳහා අවුරුදු 25 ක ගිවිසුමක් තමයි අත්සන් කරන්න යන්නේ. ඒ නිසා අදානි සමාගමට මෙගාවොට් 50 ව්‍යාපෘතියට වඩා අඩු මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුලුවන් කියලත් අපි විශ්වාස කරන්න. මේවා පිළිබඳව නිවැරදිව සාකච්ඡා කරන්න ආණ්ඩුව සහ ඇමැතිවරයා දැන ගත යුතුයි.

අදානි සමාගමේ මෙගාවොට් 500 ව්‍යාපෘතියෙන් දළ වශයෙන් වසරකට ගිගාවොට් පැය 1971 ක් නිෂ්පාදය කරන්න පුලුවන්. විදුලි ඒකකයක් සඳහා ඩොලර් ශත 8.8 කට ගිවිසුම අත්සන් නොකර විදුලි ඒකකයක් ඩොලර් ශත 7 කට ගත්තානම් ඩොලර් ශත 1.88 ක් ඉතුරු වෙනවා රටට. ඒ අනුව අවුරුදු 25 කදී රටට ඉතිරි වන මුදල රුපියල් බිලියන 266 ක්.

විදුලි බලය ප්‍රතිව්‍යහගතකරණය ඉතාම වැදගත් දෙයක්. රටේ නිෂ්පාදන පිරිවැයට මෙය බලපානවා. තරඟකාරී මට්ටමකට ශ්‍රී ලංකාව ගමන් කිරිමටනම් ලෝකයේ වැසී යන කර්මාන්ත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන එන්නේ නැත්තේ රටේ තිබෙන දේශපාලන අස්ථාවරත්වය නිසා සහ නිෂ්පාදිත තරගකාරීත්වයක් නොමැති නිසා. මෙම නිෂ්පාදිත තරඟතාරිත්වය ඇති කර ගත්තේ නැත්නම් ණය උගුලෙන් ඊළග පියවරට යන්න බැරි වෙනවා.

විදුලි බල පනතින් ජාතික විදුලි උපදේශක සභාවක් පිහිටුවන් යෝජනා කරලා තිබෙනවා. විදුලි බල ඇමැතිවරයාට උපදෙස් දෙන්න තමයි මේ කමිටුවන පිහිටුවන්නේ. නමුත් 2002 දී කරු ජයසුරිය විදුලි බල ඇමැතිවරයා ලෙස සිටින විට රටට ගැලපෙන විදුලි බල පනතක් ඉදිරිපත් කළා. ඒ පනතේ තිබෙනවා රජයට සහ විදුලි බල ඇමැතිට උපදෙස් දෙන්නේ මහජන උපයෝගික කොමිසම කියලා. මහජන උපයෝගික කොමිසම තියෙද්දි නැවත ජාතික විදුලි උපදේශක සභාවක් පිහිටුවන්න අවශ්‍ය නෑ. අලුත් විදුලි බල පනත අනුව ජාතික විදුලි උපදේශක සභාවේ සාමාජිකයන් පත්කරන්න හෝ ඉවත් කරන බලය හිමිවන්නේ ඇමැතිවරයාට. ජාතික විදුලි උපදේශක සභාවට නියෝජිතයන් ඇමැතිවරයා විසින්ම පත්කරනවානම් නියෝජිතයෝ කියන එක අහන්නේ නැතිනම් ඔවුන්ව ඉවත් කරන්න ඇමැතිවරයාට පුලුවන් නම් එතක කොහොද ස්වාධීනත්වයක් තිබෙන්නේ. 2002 විදුලි බල පනත අනුව මහජන උපයෝගික කොමිසමට සමාජිකයන් පත් වෙන්නේ ක්‍රමසම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයෙන් ඔවුන්ගේ අවසන් පත්වීම ලබාදෙන්නේ ව්‍යවස්ථා මණ්ඩලයෙන්. නමුත් අලුත් විදුලි බල පනතින් ඇමැතිවරයාට අවශ්‍ය පුද්ගලයන් ජාතික විදුලි උපදේශක සභාවට පත් කරන්න කටයුතු සම්පාදනය කරලා තිබෙනවා.

නව විදුලි බල පනත අනුව ජාතික විදුලි උපදේශක සභාවට ඕනම නියෝගයක් දෙන්න ඇමැතිවරයාට පුලුවන්. මේ සභාවේ කිසිදු ස්වාධීනත්වයක් නෑ. නව විදුලි බල පනත අනුව විදුලි ගාස්තු නියාමනය පිළිබඳව විදුබල ඇමැතිවරයාට සම්බන්ධ වෙන්න පුලුවන් කියලා සඳහන් වෙනවා. ඇමැතිවරයා මිල ගාස්තු නියම කරන්න කිසිදු අයිතියක් නෑ. මිල ගාස්තු නියම කළ යුත්තේ මහජන උපයෝගික කොමිසමෙන්. ඒ ස්වාධිනත්වයත් මේ පනතින් නැති වෙලා තිබෙනවා. සංශෝධන කරන බව ඇමැතිවරයා කිව්වත් අවසානයේ මේ යෝජනා ඇතුළත් කරලා තමයි ආණ්ඩුව පනත සම්මත කර ගන්නේ. විනිවිදභාවයකින් යුතුව දේශපාලන බලපෑමෙන් තොරව මේ පනත් සකස් විය යුතුයි.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල CIDයට දුන් ප්‍රකාශයේ අතිසංවේදී කොටස් රැසක්! දුරකතන අංක රැසක් හෙළිකරලා! CCTV ගැනත් තොරතුරු කියලා! මහේස්ත්‍රාත්වරියත් මෛත්‍රිපාලගේ ප්‍රකාශය සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගන්නා ලෙස නියම කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද උදේ 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයක මහා දේශපාලන පෙරළියක් සිද්ධ වෙනවා! පෙරහැරේ ඉදිරියෙන් යන කසකාරයෙක් වන ඩිලාන් තොරතුරු හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.