ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව සුරාබදු බලපත් ඇති මත්පැන්හල් නැවත විවෘත කිරීමට නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අවසර ලබා දී තිබේ .
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් – 19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව මෙම අවසරය ලබා දී ඇත .
එකී කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගැනීමටත්, මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමටත් සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදීමට සුරාබදු කොමසාරිස්වරයා කටයුතු කොට ඇත.











