• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

බණ්ඩාරනායකගෙන් ප්‍රේමදාස.. ප්‍රේමදාසගෙන් මහින්ද ගලවපු ගම අද කාටද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 23, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් භාරදීලා ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍ර ගහපු රාජාලියා පත්තරේ ලලිත් ඝාතනය වූ සතියේ අපූරු කාටූනයක් පළවිය. එහි දැක්වුණේ මල් වට්ටියක් හිස තබාගෙන පන්සල් යන ප්‍රේමදාසගේ ඇඟේ වහලා ඉන්න නයි සහ පොළොන්ගුය.Sri Lanka Latest News

‘නපුරු දුදනන්ගේ සියොළඟම විෂය’

කාටූනයට උඩින් ලියා තිබුණේ ඒ වැකියය. ප්‍රේමදාසගේ ඇඟේ වහලා ඉන්න නයි සහ පොළොන්ගු නම්කර තිබුණේ ප්‍රේමදාස ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නම්වලිනි. ලලිත්ට ගාමිණීට ප්‍රේමචන්ද්‍රට ඕනෙ වුණේ ප්‍රේමදාස එක්ක වැඩකරන කවුරු හෝ වේවා ඔහු හෝ ඇය පිළිකුල් කරන තැනට මිනිස්සු ගෙන ඒමය. ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍ර, ප්‍රේමදාසව රටේ මිනිස්සු නම අහපු සැණින් පිළිකුල් කරන චරිතයක් බවට පත්කරද්දී ශ්‍රීලනිපය ප්‍රේමදාස චරිතය බුල්ඩෝසර් කරන වෙනම කැම්පේන් එකක් පටන්ගෙන තිබිණි.

ප්‍රේමදාස ඝාතනය වූ දින රෑ රොස්මිඩ් වලව්වේ ෂැම්පේන් පාටියක් තිබුණා යැයි එවක රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේ කිව්වේ නිකම්ම නොවේ. වලව්වේ ෂැම්පේන් බොද්දී ශ්‍රීලනිප පාක්ෂිකයෝ ගම්වල රතිඤ්ඤා පත්තු කළහ.

1993 පළාත් සභා ඡන්දය පැවැත්වුණේ ප්‍රේමදාස ඝාතනය වී සති දෙක තුනකින්ය. ශ්‍රීලනිපයෙන් ලලිත් සහ ගාමිණී ප්‍රේමචන්ද්‍රගේ රාජාලියා පක්ෂයත් හිතුවේ ප්‍රේමදාස විරෝධී රැල්ලේ පීනලා සියලු පළාත් සභා දිනාගන්නටය. එහෙත් ශ්‍රීලනිපයත් රාජාලියා පක්ෂයත් පුදුමයට පත්කරවමින් ගම් නියම්ගම් යූ.ඇන්.පී.ය දින්නේය. ශ්‍රීලනිපය සහ රාජාලියා පළාත් සභාවක් පිහිටුවන්න පැහැදිලි බහුතරයක් ගත්තේ බස්නාහිර පළාත් සභාව පමණි. අනෙකුත් පළාත් සභා දිස්ත්‍රික්ක පිටින්ම යූ.ඇන්.පී.ය දින්නේය. ප්‍රේමදාස විරෝධය තදින්ම තිබුණේ දකුණේය. ප්‍රේමදාස ඝාතනය වුණාම රතිඤ්ඤා පත්තු කළේත් දකුණේය. ඒත් යූ.ඇන්.පී.ය හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත්‍රික්ක තුනම දින්නේය. ශ්‍රීලනිපය දින්නේ කොළඹ සහ ගම්පහ පමණි. ලංකාවේ අනෙකුත් සියලු දිස්ත්‍රික්ක දින්නේ යූ.ඇන්.පී.යය. කළුතර දින්නේත් යූ.ඇන්.පී.යය. මේ ප්‍රතිඵල දැක ශ්‍රීලනිපය සහ රාජාලියා පක්ෂය තක්බීර් විය.

‘අපිට ආවේ කොළඹයි ගම්පහයි නගර විතරයි. ගමම ගියේ යූ.ඇන්.පී.යට. ඒ කොහොමද?’

ඔවුහු තක්කු මුක්කු වී තම තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්හ.

ගම 1977ට කලින් තිබුණේ ශ්‍රීලනිපයටය. ගම ශ්‍රීලනිපයට දිනාගත්තේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ඒ, යූ.ඇන්.පී.යේ නගරයේ සිටි ධනපතියන්ට වලව් හාමුලාට එරෙහිව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග එකට එකතු කරලාය. ශ්‍රීලනිපය අල්ලපු ගම යළි යූ.ඇන්.පී.යට දිනාගන්න යූ.ඇන්.පී. නායකත්වයට පත්වූවාට පසු ජේ.ආර්.ට ඕනෑ විය. ඔහු ඒ සඳහා පාවිච්චි කළේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු යූ.ඇන්.පී.යට ගම දිනවලා දුන්නේය. ඔහුගේ ගම්උදාව, ඇඟලුම් කර්මාන්ත 200 වැඩපිළිවෙළ, ගම් දහස් ගණනක් සංවර්ධනය කරන ව්‍යාපෘති, සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය, ජනසවිය හරහා ප්‍රේමදාස ගම ඇල්ලුවේය.

ප්‍රේමදාස අල්ලා දුන් ගම තියාගන්න ප්‍රේමදාස ඝාතනය වූවාට පසු ජනාධිපති වූ විජේතුංග සහ අගමැති වී පසුව යූ.ඇන්.පී. නායකත්වයට පත් රනිල් අසමත් විය. මේ නිසා චන්ද්‍රිකා ගම දිනාගන්න මහින්ද රාජපක්ෂ, එස්.බී. වැනි ගමේ නායකයන්ව පාවිච්චි කළාය. යූ.ඇන්.පී.ය නගරයට කොටුවිය.

ප්‍රේමදාස යූ.ඇන්.පී.යට දිනලා දුන්න ගම යළි ශ්‍රීලනිපයට දිනවල දුන්නේ මහින්ද රාජපක්ෂය. ඔහුට යූ.ඇන්.පී.ය ගමේ බයියා කියලා නමක් හැදුවේත් ඒ නිසාය. මහින්දගෙන් ගම ගලවන එක ලේසි නොවීය. ඒකට ප්‍රධාන හේතුව විපක්ෂ නායක රනිල් නගරයට ආකර්ෂණය වන නායකයකු වීමය. 2019 ජනාධිපතිවරණයට සජිත් ආවේ බැඳුම්කර මංකොල්ලය සහ පාස්කු ප්‍රහාරයෙන් ඕජස් ගලන යූ.ඇන්.පී. පිල කරගහගෙන යන්නටය. මේ සියලු අවාසිසහගත තත්ත්වයන් යටතේ සජිත්, මහින්ද 2010 ජනාධිපතිවරණයේදී ගමෙන් ගත්ත ඡන්ද ප්‍රතිශතය අඩුකරන්න 2019 ජනාධිපතිවරණයේදී සමත් විය. පහත වගුව බලන විට ඒ බව පැහැදිලිය.

ගෝඨාභයගේ පොහොර ප්‍රතිපත්තිය නිසා මහින්ද අල්ලපු ගම පොහොට්ටුවට නැත්තටම නැතිවිය. අරගලයට පසු රාජපක්ෂවරු රනිල්ව ජනාධිපති ධුරයට පත්කිරීමෙන් ගම් පිටින් පොහොට්ටුව හැර ගියහ. මහින්දගේ ප්‍රතිරූපය ගමේ දියවී යද්දී සජිත් විපක්ෂ නායකත්වයට පත්වීම නිසා මහින්ද පොළොවට පස් කරපු ප්‍රේමදාස ප්‍රතිරූපය යළි මතුවන්න පටන්ගෙන තිබිණි.

1977 රණසිංහ ප්‍රේමදාස එස්.ඩබ්.ආර්.ඩී. අල්ලපු ගම අල්ලන්න බණ්ඩාරනායක ප්‍රතිරූපය පොළොවට පස් කරන්න පැය 24ම වැඩ කළේය. ගම්උදාව ගමට ගෙනිහින්, ඇඟලුම් කර්මාන්ත ගමට ගෙනිහින්, ජනසවිය පටන් අරගෙන ඔහු ගමේ අහිංසක මිනිසුන්ගේ නායකයා බවට පත්විය. ජේ.ආර්. නිදහස් වෙළෙඳ කලාප හැදුවේ නගරයේය. කොළඹ සහ ගම්පහය. ප්‍රේමදාසගේ හීනය වූයේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයය. ඔහු කොළඹත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයත් යාකරන්න දකුණු අධිවේගී මාර්ගය හදන්න ශක්‍යතා වාර්තා හදලා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ සඳහා ආධාර මුදල්ද අනුමත කරගත්තේය. එහෙත් ඔහුගේ මරණයත් සමග ඒ ව්‍යාපෘති අතරමඟ නතර විය.

ගම්වල පාරම්පරික පවුල්වලට මේ ප්‍රේමදාසගේ ගම හදා රට හදමු වැඩපිළිවෙළ හොඳට මතකය. විජේතුංග සහ රනිල් පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු යූ.ඇන්.පී.ය ප්‍රේමදාස ප්‍රතිරූපයත් ඒ වැඩපිළිවෙළත් අකාමකා දැම්මේය. මහින්දට ගම දිනන්න වාසිවුණේ ඒ නිසාය. 2004 වන විට චන්ද්‍රිකාගේ ආර්ථික ප්‍රතිපත්තිවලින් හෙම්බත් වී සිටි ගම ඉල්ලුවේ ප්‍රේමදාස කෙනෙක්වය. මහින්ද ඒ චරිතයට හොඳටම ඇන්දේය. ඔහු ගම අල්ලන්න බැසිල්වත් හොඳට පාවිච්චි කළේය. බැසිල්ගේ ගමේ පාරවල් හදන ව්‍යාපෘති, ග්‍රාමීය ආර්ථික ව්‍යාපෘතිවලින් රාජපක්ෂලා ගමේ බින්න බැහැගත්හ. බැසිල් සමෘද්ධි ව්‍යාපාරයත් ඒ සඳහා හොඳට පාවිච්චි කළේය.

චන්ද්‍රිකා සිය පියා සහ මව කොන්කර යූ.ඇන්.පී. ආර්ථික ප්‍රතිපත්ති වැලඳගන්න ගොස් ගම නැති කරගත්තාය. ගෝඨාභය මහින්දව කොන් කරන්න ගොස් ගම නැති කරගත්තේය. දැන් ගමේ රාජපක්ෂලාට තැනක් නැත. මේ ගම්වල මිනිස්සු ඩුප්ලිකේට් ප්‍රේමදාස ලෙස මහින්දව වැලඳ ගත්හ. අද ඔවුන්ට ඔරිජිනල් ප්‍රේමදාස කෙනෙක් සිටී. ඔහු සජිත් ප්‍රේමදාසය. සජිත් ගම්වල පාසල්වලට ඩිජිටල් පන්ති කාමර, බස් රථ දී ගමේ රෝහල්වලට වෛi උපකරණ දී අලුත් විදියකට ගමට බැස්සේය. ගමේ මිනිහාට ගමට ආදරය කළ ප්‍රේමදාස නාමය යළි මතක් කර දුන්නේය.
‘මහින්දගෙන් ගිලිහෙන ගම සජිත් අල්ලයිද?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද ටයි කෝට් නොඅඳින ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කතා කරන්න දන්න එකම නායකයා ඔහුය. ඔහු හරියට ගමට බැස්සොත් ගම අල්ලන එක අමාරු නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අවුරුදු 67ක් තිස්සේ පිට්ටනියක් නොතිබුණු ස්කෝලෙට පිට්ටනියක් හදලා ක්‍රීඩා උත්සවයකුත් තියලා විශ්‍රාම ගිය ගාල්ලේ ගුරු පියතුමා… Sri Lanka Latest News

Next Post

ලංකාවයි ඉන්දියාවයි යාකරන පාලම හදන එක ගැන කතා කරගන්න සාගල ඉන්දියාවට යයි! ‘එහෙම කොහොමද කරන්නේ? කෝ සාගලට ජනවරමක්? මහාචාර්ය චරිත විරෝධය පළකරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.