• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 67ක් තිස්සේ පිට්ටනියක් නොතිබුණු ස්කෝලෙට පිට්ටනියක් හදලා ක්‍රීඩා උත්සවයකුත් තියලා විශ්‍රාම ගිය ගාල්ලේ ගුරු පියතුමා… Sri Lanka Latest News

March 23, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාරේ කැඳ විකුණුවා…
ටිකට් පොත් ගහලා පාරවල්ගානේ විකුණුවා…
රෑ දවල් බලන්නේ නැතුව වැඩ කළා…

ගුරුතුමනි මගේ සොඳුරු…
සිප් සතර නිබඳ වැපිරූ… අස්වැන්න අපට පැවරූ…
ගුරුතුමනි… පුද දෙන්නේ කොහොම ගුරු පඬුරු…
සම සිතින් අපට සැලකූ… මෙත් සිතින් අගුණ විමසූ…
මඟ නොමඟ හොඳින් පැවසූ…
ගුරුතුමනි… මගේ සොඳුරූ…
දුක් තැවුල්වලින් නොගැසූ… මල්වලට සුවඳ තැවරූ…
ජීවිතය අපේ පිබිදූ… ගුරුතුමනි අද ඇයිද
ඇසේ කඳුළු… ගුරුතුමනි…
පුද දෙන්නේ කොහොම ගුරු පඬුරු…

පුංචි දරුවෝ පාසල් යන්නේ අකුරු කරන්න විතරක්ම නෙවෙයි. පොතේ පතේ දැනුම ලබාගෙන විභාග ඉහළින්ම සමත් වෙන්න වගේම විෂය බාහිර කටයුතුවලටත් අපි හැමෝටම පාසලේදී තැනක් හිමිවෙනවා. වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරග, ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල් වගේ තරග රාශියක් පාසල් මට්ටමෙන් පැවැත්වෙනවා. ඒ තරග ඉසව්වලට සිසු දරුවෝ සහභාගි වෙන්නේ හරිම සතුටෙන්. ජීවිතේ අනාගත අභියෝග ජයගන්න කදිම තෝතැන්නක් තමයි පාසල් ක්‍රීඩා ඉසව් කියන්නේ. ක්‍රීඩාවෙන් ලැබෙන ආත්ම විශ්වාසය, ජය පරාජය දරාගැනීමේ ශක්තිය දරුවෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න විශාල බලපෑමක් කරනවා කියන්නේ ඒ නිසයි. Sri Lanka Latest News

ඒත්, සිසු දරුවන්ට හිතේ හැටියට ක්‍රීඩා කරන්න, දුව පැන ඇවිදින්න ක්‍රීඩාංගණයක් නැති පාසලක් ගැන අපට අහන්න ලැබුණා. මේ පාසලේ ඉතිහාසය වසර 67ක් තරම් ඈතට දිව යනවා. 1957 වසරේ ආරම්භ කරපු මේ පාසලේ කවදාවත් ක්‍රීඩා උත්සවයක් පවත්වලා නැහැ. අනෙත් පාසල්වල දරුවන් ක්‍රීඩා උත්සව පවත්වලා සතුටු වෙනකොට මේ පාසලේ දරුවන්ට සිදුවුණේ ඒ දිහා බලලා සුසුම් හෙළන්න විතරයි.

මේ පාසල තමයි ගාල්ල ඉමදූව පරගොඩ ප්‍රදේශයේ රමණීය කඳු මුදුනක පිහිටා තිබෙන ගුණරතන ප්‍රාථමික විiාලය. ළමයි සෙල්ලම් කරන්න ආසාවෙන් හිටියත් ඔවුන්ට ඒ සඳහා ඉඩක් තිබුණේ නැහැ. මොකද කඳු සහ ඝන කැලෑවකින් යුතු පරිසරයක පාසල පිහිටා තිබීම නිසා. ඒ අතරතුරේ මීට වසර 10කට පෙර මේ පාසලේ විදුහල්පතිතුමා වශයෙන් වැඩ භාරගත්තේ ඒ.ජී. පද්මසිරි මහත්මයා. ඒ වන විටත් මේ පාසල වැසී යෑමේ අවදානමකයි පැවැතුණේ. නමුත් ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණා, තමන් පාසලෙන් සමුගෙන යන්නට පෙර පාසලට ක්‍රීඩා පිට්ටනියක් ලබාදෙනවා කියන එක ගැන. ඒ අනුව ඔහු සිය අධිෂ්ඨානය ඇත්තක් බවට පත්කරන්න සැලසුමක් සකස් කළා.

පාසල ආසන්නයේ විකිණීමට ඇති ඉඩමක් මිලදී ගෙන එය පාසලේ ක්‍රීඩා පිටිය බවට පරිවර්තනය කරන්න විදුහල්පතිතුමා කල්පනා කළා. ඒත් ඉඩම මිලදී ගන්න මුදල් තිබුණේ නැහැ. පද්මසිරි විදුහල්පතිතුමා ඒ සඳහා ඉතා දුෂ්කර කාර්යයක් ආරම්භ කළේ පාසල් දරුවන්ගේ මවුපියන් සමගයි. කැඳ හදාගෙන මාසයකට අධික කාලයක් තිස්සේ පාරවල් අසල කැඳ විකුණන්නත් ඔහු කටයුතු කළා. ‘නැන්දේ මාමේ අපට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටියක් හදාගන්න උදව් කරන්න’ යනුවෙන් සඳහන් වෙච්ච බැනර් එකක් ඒ කැඳ කඩය අසල ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ අපේක්ෂාව ගැන හැමෝටම දැනගැනීම සඳහායි.

විදුහල්පතිතුමාගේ උත්සාහය මල්ඵල ගන්වන්න මවුපියන් සහ දරුවන් එකතුවෙලා සිඟිති පොළවල් පැවැත්වූවා. ගෙයක් ගෙයක් ගානේ ගිහින් මුදල් එකතු කළා. ටිකට් පොත් මුද්‍රණය කරලා ගාල්ල නගරයේ අලෙවි කළා. මේ විදියට ඉතා අමාරුවෙන් රුපියල් ලක්ෂ 10ක විතර මුදලක් එකතු කරගන්න ඔවුන්ට හැකිවෙලා තිබුණා. ඒ විදියට මිලදී ගත් ඉඩම් කොටස තැනිතලාවක් නෙවෙයි. පසුව ඒ කන්ද කපලා තැනිතලා බිමක් බවට පත්කරන්න විදුහල්පතිතුමා කටයුතු කළා.

මේ විදියට ඉතා වෙහෙසකර ව්‍යායාමයකින් පස්සේ පාසලට ක්‍රීඩා පිටියක් සකස් කරගත්ත විදුහල්පතිතුමා ප්‍රථම වරට එහි ක්‍රීඩා උත්සවයක් පවත්වන්න තීරණය කළා. එකතු වුණු මුදල් සියල්ලම වගේ ක්‍රීඩා පිටියේ වැඩ සඳහාම වියදම් වෙලා තිබුණා. ඒත් එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න මුදල් ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. පිටිය වටේ ගොඩගහපු පස් කන්දිවල තමයි දරුවො වාඩිවෙලා හිටියේ. ඕලු, නෙලුම්, මානෙල් ලෙස නිවාස තුනක් නම්කරන්නත්, ඉතා අලංකාර ලෙස සිසු දරුවන් අතින්ම එම නිවාස ඉදිකරන්නත් හැකියාව ලැබී තිබුණා. කොළඹ සුපිරි පාසල්වල සුපිරි ආසන පනවලා ක්‍රීඩා තරග නරඹන දරුවෝ ඉන්නකොට මේ දුෂ්කර පාසලේ දරුවෝ ක්‍රීඩා තරගය නැරඹුවේ පස් කන්දිවල වාඩිවෙලා.

එදා මේ ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් විදියට අවට පාසල්වල විදුහල්පතිවරුන්, පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා. පරගොඩ ගුණරතන ප්‍රාථමික විදුහලේ විදුහල්පති ඒ.ජී. පද්මසිරි මහත්මයාගේ ඉමහත් කැපවීමෙන් ඉදිකරගත් මේ ක්‍රීඩාංගණය ගැන ඒ හැමෝම මහත් ඉහළින් අගය කළා. ඔවුන්ගේ නොමඳ ප්‍රශංසාව මේ අපූරු විදුහල්පතිතුමාට මදි නොකියන්න ලැබුණා. ඒ අතර අහන්න ලැබුණේ කනගාටුදායක පුවතක්. ඒ තමයි විදුහල වෙනුවෙන් මේ තරම් මහා මෙහෙවරක් ඉටුකරපු ඒ.ජී. පද්මසිරි මහත්මයා මාර්තු 23 වැනිදා විශ්‍රාම යන පුවත. ඒ කනගාටුදායක පුවත පාසල් දරුවන්, මවුපියන්, ගුරුවරුන් වගේම ගමට, පාසලට ආදරය කරන හැමෝගෙම හිත්වලට එක්කළේ වේදනාවක්. හැමෝගෙම හිත් තුළ ඒ තරම් ආදරයක්, ගෞරවයක් දිනාගත්තු මේ විදුහල්පතිතුමා, තමන්ගේ අභිප්‍රාය ගැන එදා පැවැසුවේ මේ විදියට. Sri Lanka Latest News

‘අපේ දුක් මහන්සියේ ප්‍රතිඵලය පිළිබඳ අද සැනසුම් සුසුම් හෙළන්නට පුළුවන්. වසර 67ක් තිස්සේ මේ දරුවන්ට සෙල්ලම් කරන්න තැනක් තිබුණේ නැහැ. කවදාවත් දරුවෝ පාසලේ විවේක කාලයේදී ක්‍රීඩා කරන්න එළියට බැස්සේ නැහැ. අද ඇත්තටම මට හරි සතුටුදායක දවසක්. මම ඉල්ලා සිටින්නේ මේ අපේ ක්‍රීඩා පිටියේ ඉතිරි වැඩ ටික අවසන් කරගන්න සහයෝගය දෙන්න කියලයි. ඒ සඳහා තව රුපියල් ලක්ෂ 20ක් 25ක් වැනි මුදලක් අවශ්‍යයි. ඒ මුදල ලැබුණොත් අපට මීටර 100 ධාවන පථයේ වැඩකටයුතු කරගන්න පුළුවන්. මේ බලන අහන දකින හැම කෙනාම පරගොඩ ශ්‍රී ගුණරතන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කරගැනීමට සහයෝගයක් වෙයි කියලා මම හිතනවා….’

පාසලේ දරුවකුගේ පියෙක් විදුහල්පති පද්මසිරි මහතාගේ කැපකිරීම පිළිබඳ ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.

‘පද්මසිරි විදුහල්පතිතුමා මේ පාසල වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නැහැ. ඇත්තටම එතුමා අපේ දරුවන්ගේ පිනට පහළ වෙච්ච විදුහල්පතිවරයෙක්. මේ පිට්ටනිය හදන්න රැයක් දවාලක් නොබලා වැඩකළා. පිට්ටනිය කපද්දී රෑට නිදාගත්තේ නැහැ. දෙමවුපියන්ගේ කැපකිරීමත් එක්ක කැඳ විකුණලා, ටිකට් ගහලා ගාල්ලේ ගිහිල්ලා පාරවල්වල ටිකට් විකුණලා, විදේශිකයන්ගෙන් පවා මුදල් එකතු කරලා තමයි මේ පිට්ටනිය ඉදිකළේ. මේ තරම් ලොකු කැපකිරීමක් කරලා එතුමා විශ්‍රාම යන්න සතියකට කලින් මේ ක්‍රීඩාපිටියේ වැඩ අවසන් කරලා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා. ඒකේ ගෞරවය එතුමාට ජාති ජාතිත් හිමිවිය යුතුයි. මේ ‌විද්‍යාලයේ ඉන්නේ ඉතාම දක්ෂ දරුවෝ පිරිසක්.

මේ පාසලේ දරුවන්ගේ අනාගතය ගොඩනගාගන්න ලංකාවේ හරි විදේශ රටවලින් හරි උදව් කරන්න. මහඟු පිනක්….’ විදුහල්පතිවරයකුට දරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම කරන්නට බැහැ. නමුත් ඔහුට හැකි උපරිමයෙන් මේ පාසලේ අහිංසක දරුවන්ගේ මුහුණුවලට අහිංසක සිනාවක් ගේන්න කටයුතු කළා. මේ ගුරු පියාට අපි හිස නමා ආචාර කළ යුතුයි. ටියුෂන්වලට වහල්වුණු ඇතැම් ගුරුවරු අතර මෙවැනි උතුම් හදවත් ඇති ගුරු පියවරු රටටම ආදර්ශයක්.

මේ උතුම් හදවතක් ඇති විදුහල්පතිතුමා අදින් පසු පාසලට එන එකක් නෑ. එතුමා විශ්‍රාම ලබනවා. දහඩිය කඳුළු දිවා රෑ නැතිව පාසල වෙනුවෙන් හෙළපු ඔහු වැනි ආදරණීය ගුරු පියෙක් පාසලකට අහිමි වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. එවැනි ගුරු පියෙකු පාසල හැර යෑම ගැන ලියැවුණු අපූරු ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා. ඒ තමයි පමිත ආර්. ලියනගේ රචනා කළ, ශාලිත අබේවික්‍රම ගායනා කරන මේ සොඳුරු ගීය. ඒ.ජී. පද්මසිරි ගුරු පියාණෙනි, මේ ගීය ඔබතුමන්ට උපහාරයක් වේවා…

SendShareShare
Previous Post

රුසියාවට ප්‍රබල IS ප්‍රහාරයක්! 60ක් මරුට! 2004න් පසු එල්ල වූ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය! ප්‍රහාරය ගැන අමෙරිකාවයි බ්‍රිතාන්‍යයි කල්තියාම කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

බණ්ඩාරනායකගෙන් ප්‍රේමදාස.. ප්‍රේමදාසගෙන් මහින්ද ගලවපු ගම අද කාටද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.