මේ රටේ ප්‍රශ්නවලට සත්‍යවාදී විසඳුම් අවශ්‍ය බවත් තවදුරටත් බොරු දේශමාමකත්වය පසුපස නොයන ලෙසත් සමාජවාදය හරහා කිසිදු රටක් අධ්‍යාපනය දියුණු කර නොමැති බවත් ලෝකයේ ඉහළම අධ්‍යාපනික ශ්‍රේණිගත කිරීම් සහිත ස්කැන්වේඩියානු රටවල් ඇතුළු ඉහළම අධ්‍යාපනික ශ්‍රේණිගත කිරීමක් ඇති සෙසු රටවල් සමාජවාදී රටවල් නොවන බවත් මෙවැනි පුහු න්‍යායන් පසුපස ගොස් රටටවත් ජනතාවටවත් කිසිදු සෙතක් සිදු නොවන බවත් බොරුවට පම්පෝරි සහ කයිවාරු ගගහ නම් සිටිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රටක් ලෙස අපි ලෝකයට විවෘත වී ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුතු බවත් ලොව පළමු තැනට අප රට ගෙන ඒමේ ප්‍රතිපත්තිය කරා යාමට නම් රටේ අධ්‍යාපනය ඉහළ මට්ටමට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 126 වැනි අදියර යටතේ අද මාතර අකුරැස්ස අතුරලිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.
බලය ඉල්ලන කට්ටිය විපක්ෂයේ සිට මොනවද කළේ කියලා ජනතාව බුද්ධියෙන් සිතන්න
රට සංවර්ධනය කරන්න බලය ඉල්ලා සිටින විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පුළුවන් නම් බොරු වැඩ නොකර තමා සමඟ රටේ සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණු කිරීමට පැමිණෙන ලෙසත් තමා ඔවුන්ට විපක්ෂයේ සිට මෙවැනි වැඩ කොටසක් සිදු කරන ලෙසට අභියෝග කරන බවත් එසේ වැඩ කළ හැකි පුද්ගලයන් කවුද කියා ජනතාව පවා බුද්ධිමත්ව තීරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
කුහක වෙන්න එපා
සජිත් දන්නේ බෙදන්න විතරයි කියල කියන පුද්ගලයන්ගේ දරුවන් සුපිරි ජාත්‍යන්තර පාසල්වලට යන බවත් රජයේ පාසල් ද එවැනි සුපිරි පාසල් කිරීමේ අරමුණින් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන විට සජිත් දන්නේ බෙදන්න විතරක් යැයි කුහක කතා කියමින් සිටින බවත් මේ කුහකකමින් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මං ගාව කොමිස් පගා ගැහිලි නෑ කියලා මිනිස්සු දන්නවා
මේ බස් රථ, රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන්නේ තමාගේ මුදලින් නොවන බවත් මේ සියල්ල රටේ ධානපතියන්ගේ පරිත්‍යාග බවත් තමා ළඟ පගාව, කොමිස් ගැසිල්ල, අල්ලස, දූෂණය හා වංචාව නොමැති බවට එම පරිත්‍යාගශීලීන් දන්නා නිසා කිසිදු බියකින් සැකයකින් තොරව අදාළ මුදල් ලබා දෙන බවත් මේ ආකාරයෙන්ම රට සංවර්ධනය කිරීමට ද මුදල් සෙවිය හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 126ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1262ක් වැය කර තිබේ.
















