• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බෙලිඅත්තට අවුරුද්දයි

April 17, 2020
in Holiday
Reading Time: 1 min read
A A
බෙලිඅත්තට අවුරුද්දයි
Share on WhatsAppShare on Facebook

ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගියාට පස්සේ අඩුම ගානේ කෝච්චි පාරක්වත් හදා ගන්න අපිට බැරි වුණා කියලා ලොකු මතයක් සමාජයේ තිබුණා. එහෙම මතයක් ඇති වුණු එකේ වැරැද්දකුත් නැහැ. මොකද ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගිය 1948 අවුරුද්ද වෙද්දී ලංකාවේ තිබුණු දුම්රිය මාර්ගයන්ට අමතරව 2019 අවුරුද්ද වෙනකොටත් අපි අළුතෙන් ඉදි කරලා තිබුණේ පුංචිම පුංචි දුම්රිය මාර්ග කොටසක් විතරයි. ඒ අනුරාධපුරයේ ඉඳන් මිහින්තලයට යන දුම්රිය මාර්ගය. හැබැයි ඔය කාලෙ ඇතුළත ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ ඇති කෙරුව දුම්රිය මාර්ග පද්ධතිය කිහිප තැනකින්ම අඩු කරන්න නම් අපේ අය කටයුතු කරලා තියෙනවා. ඒත් පසුගිය අවුරුද්ද එහෙම නැත්නම් 2019 අවුරුද්ද අපේ රටේ දුම්රිය වංශ කතාවට හරිම වැදගත්. මෙතෙක් කලක් තිබුණු මතය බිඳ දමමින්

මාතර- කතරගම දුම්රිය මාර්ගයේ එක කොටසක් ජනතා අයිතියට පත් වුණු එක තමයි ඒ විශේෂත්වය.
මාතර ඉඳන් බෙලිඅත්ත දක්වා කොටස තමයි ඒ විදියට විවෘත වුණේ. දශක දෙක තුනක් තිස්සේ කතාවට විතරක් සීමා වෙලා තිබුණු මාතර- කතරගම දුම්රිය මාර්ගයේ කොටසක් හරි විවෘත වුණු එක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒ සුවිශේෂී ජයකග්‍රහණය අපිට ලැබිලා හරියටම අවුරුද්දක් ගත වුණේ පසුගිය 08 වැනිදා. 2019 අප්‍රේල් 08 වැනිදා තමයි පළමු වරට නිල වශයෙන් මගී දුම්රියක් බෙලිඅත්තට ධාවනය වුණේ.

වසර කිහිපයක් තිස්සේ ඉදි කෙරුව බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු වරට දුම්රියක් ධාවනය වුණේ 2019 ජනවාරි 06 වැනිදා. නිරීක්ෂණ චාරිකාවක් ලෙස ධාවනය වූ ඒ සඳහා යොදා ගෙන තිබුණේ 12 පන්තියේ බලවේග කට්ටලයක්. ඉන් මාස හතරකට පස්සේ බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා. 2019 අප්‍රේල් 08 වැනිදා බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම නිල වශයෙන් සමරමින් මුලින්ම මාතර ඉඳන් බෙලිඅත්තට ගමන් කළේ ඵ4 වර්ගයේ දුම්රිය ඇන්ජිමක්. ඉන් අනතුරුව 12 පන්තියේ බලවේග කට්ටලයක් ආරාධිත අමුත්තෝ සමඟින් බෙලිඅත්තට ගමන් කළා. ඊට පස්සේ ඵ6 ඇන්ජිමක් සමඟින් තවත් දුම්රියක් බෙලිඅත්තට ආවා. මේ සුවිශේෂී අවස්ථාව දැක ගන්න මාතර ඉඳන් බෙලිඅත්තට යන මඟ දෙපස වගේම බෙලිඅත්ත දුම්රිය ස්ථානයටත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා.

මාතර ඉඳන් බෙලිඅත්තට දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 26.75ක්. මේ අතර පිහිටි දුම්රිය ස්ථාන ගණන 5ක්. පිලදූව, වෙහෙරහේන, කැකුණදුර, බඹරැන්ද සහ වැවුරුකන්නල තමයි ඒ දුම්රිය ස්ථාන. බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ජනතා අයිතියට පත් වීමත් එක්ක මුහුදු බඩ මාර්ගයේ දුම්රිය කාල සටහනත් යම් වෙනසකට ලක් වුණා. වෙනදා කොළඹ ඉද`න් මාතරට ආව දුම්රිය කිහිපයක් බෙලිඅත්ත දක්වා දීර්ඝ කෙරුනා. උදෑසන 06.35ට කොළඹින් පිටත් වන සීඝ්‍රගාමී දුම්රිය, උදෑසන 10.30ට කොළඹින් පිටත් වන රජරට රැජින දුම්රිය, සවස 02.19ට කොළඹින් පිටත් වන ගාළු කුමාරි දුම්රිය, සවස 04.44ට කොළඹින් පිටත් වන සාගරිකා දුම්රිය සහ සවස 06.05ට කොළඹින් පිටත් වන සීඝ්‍රගාමී දුම්රිය තමයි ඒ විදියට ආරම්භයේ පටන්ම බෙලිඅත්තට ධාවනය වුණේ. ඊට අමතරව සති අන්තයේදී මාතර සිට අනුරාධපුරය දක්වා ගමන් කළ දුම්රියත් බෙලිඅත්ත දක්වා දීර්ඝ කළා. හැබැයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විශේෂ සළකුණක් විදියට සැළකෙණ රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තට ධාවනය නොකිරීමත් විශේෂත්වයක් වුණා.

මේ දුම්රිය මාර්ගයේ තවත් විශේෂතා කිහිපයක්ම තිබුණා. ලංකාවේ එතෙක් පැවැති දුම්රිය වාර්තා කිහිපයක් බිඳ වැටීම තමයි ඒ. ලංකාවේ දිගම දුම්රිය බිංගෙය, දිගම දුම්රිය පාලම සහ දිගම දුම්රිය ස්ථානය ආදී වාර්තා කිහිපයක් මේ මාර්ගය ඉදි වීමත් එක්ක බිඳ වැටුණා. බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ විවෘත වීම ඒ අවට ජන ජීවිතයට පැහැදිල බලපෑමක් එල්ල කළා. දෛනික අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි බොහෝ පිරිසකට එය විශාල පහසුවක් වුණා. බස් එකේ කොළඹ එන්න හුරු වෙලා හිටිය බොහෝ දෙනෙක් දුම්රියට මාරු වුණා. ඒ හින්දම ජනතා අයිතියට පත් වෙලා වසරක් යන්නත් කලින් බෙලිඅත්ත මාර්ගයේ තවත් වෙනස්කම් කිහිපයක්ම සිදු කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. “දක්ෂිණ” නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දීම තමයි ඒ අතරින් විශේෂම සිදුවීම.

මීට පෙර මුහුදුබඩ මාර්ගයේ නගරාන්තර දුම්රිය ධාවනය නොවුණු හින්දා ඒක හැමෝටම අළුත් අත්දැකීමක් වුණා. ලංකාවට අලුතෙන්ම ආනයනය කරන ලදී 13 පන්තියේ බලවේග කට්ටලයක් යොදා ගනිමින් 2019.09.24 දින ආරම්භ කරන ලද මේ සේවාව නොබෝ දිනකින්ම ජනතාව අතර අතිශය ජනප්‍රිය වුණා. බෙලිඅත්ත දුම්රිය මාර්ගයට ලැබුණු අධික ජනතා ඉල්ලුම හින්දම අතරමඟ තවත් දුම්රිය ස්ථානයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමත් සිදු වුණා. නාකුළුගම දුම්රිය ස්ථානය ඉදි කිරීම සඳහා තමයි පසුගිය මාර්තු 01 වැනිදා ඒ විදියට මුල්ගල තැබුණේ.

බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීම සිංහල හින්දු අලුත් අවුරුද්ද ආසන්නයේ සිදු කිරීම හින්දා, අවුරුද්දට දකුණු පළාතට නෑගම් ගිය හැමෝටමත් ඒක අලුත් අත්දැකීමක් වුණා. මාතර පැත්තට බෙලිඅත්ත පැත්තට නෑගම් ගිය හැමෝම මේ අලුත් දුම්රිය මාර්ගයේ සංචාරයක් යන්න අමතක කළේ නැහැ. ඒ හින්දා අවුරුදු නිවාඩුව අතරතුර මාතර- බෙලිඅත්ත අතර ධාවනය කළ දුම්රිය වගේම දුම්රිය ස්ථානත් නිරන්තරයෙන් ජනතාවගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා. ඒ දවස්වල බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ තිබුණු දිගු පෝලිම් තාමත් මතකයි.

ඒත් මේ වෙද්දී ලංකාවේ හැම දුම්රිය ස්ථානයක් වගේම බෙලිඅත්තත් පාළුවට ගිහින්. මේ අවුරුද්දට අලුත් කෝච්චියක බෙලිඅත්තට නෑගම් යන්න බලන් හිටිය අයගෙ බලාපොරොත්තු සියල්ල කඩ වෙලා ගිහින්. ඒත් ආයෙමත් ඉක්මනටම අපිට ඒ දවස් උදා වේවි. බෙලිඅත්තේ විතරක් නෙවෙයි රට වටේම කෝච්චියේ යන දවස් ළඟ ලඟම ඒවි. පැරැණි මතක අලුත් කරගෙන එතකම් අපි පරිස්සමට ගෙදර ඉමු.
කළණ චොහාර

SendShareShare
Previous Post

ඇවිදපු අය ගෙදර ඉඳන් කරන වැඩ

Next Post

කනගාටුයි.. සහන ‌දෙන්නේ ‌දේශපාලනය බලලා… -සජිත්ගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.