• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුලේ සැමට දුවන්න පනින්න සතුටු වෙන්න ජනාධිපති පාර්ක් එකක් අරියි! ආණ්ඩුකාරවරු-ඇමැතිවරු-මන්ත්‍රීවරු සතුටට අත්පොලසන් දෙයි!  PHOTOS I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම ‍සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමද මෙම උද්‍යානය මඟින් සිදුවේ.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළයුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.

අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.

සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.

රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා.

ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
මනස සුවපත් කරන මෙවැනි උද්‍යාන මීට පෙර හිමිව තිබුණේ අගනුවරට පමණයි. අද වන විට පාරිසරික උද්‍යානයක පහස විඳගැනීමට ගාල්ලේ ජනතාවට හැකිවී තිබෙනවා . ආර්ථික අර්බුදය පැවැති පසුගිය කාලයේ සංවර්ධනය අඩාල වූ බව අප කවුරුත් දන්නවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා නැවත රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා.
වසර 65ක් පුරා ප්‍රතිසංස්කරණය නොවූ ගාලු පුරහල ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කළා. එකම සම සෞඛ්‍ය පීඨය ගාල්ලේ ඉදිවෙමින් තිබෙනවා. නව අධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු 80%ක් පමණ අවසන් කර තිබෙනවා. එය ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ “හෙල්මුට්කෝල්” මාතෘ රෝහලේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයක් ලබන 27 වෙනිදා විවෘත කිරීමට නියමිතයි. කරාපිටිය ශික්ෂණ රෝහලට නව වකුගඩු ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට නියමිතයි. හෘද ඒකකය සහ සීටී ස්කෑන් යන්ත්‍ර සදහා රුපියල් මිලියන 800ක් මේ වසරේදි වෙන් කර තිබෙනවා. ආර්ථික අභියෝග හමුවේ වුවද ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද වන විට සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙමින් පවතිනවා.
වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා
රිචඩ් පතිරණ අමාත්‍යවරයා ගාල්ල පුරවරයට මෙන්ම අධ්‍යාපනයට විශාල සේවාවක් සිදු කළා. එම සේවාව ඉදිරියට ගෙන යාමට රමේෂ් පතිරණ මහතා විශාල කැපවීමකින් කටයුතු කරනවා.
විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකයි. ඉන්ධන පෝලිම්වල ජනතාව මැරී වැටෙන අවස්ථාවක, පොහොර නැතිව ගොවීන් පාරෙ උද්ඝෝෂණ කරන අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම භාරගත් එතුමා අද රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීලා ගොවීන් නැවත ගොවි බිම් වලට යැවීමට කටයුතු කර තිබෙනවා.
2022 වසරේදී මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. නමුත් 2023වසරේදී අපේ පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ඉහළ නැංවීම පිළිබඳ ලබා දුන් පොරොන්දුව අනුව ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන ජනතාවට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර දීමට ජනාධිපතිමා කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සම්පත් අතුකෝරළ යන මහත්වරුන් මෙන්ම පළාතේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-14

SendShareShare
Previous Post

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 සහ 20..! විපක්ෂය දින 3ක් ඉල්ලද්දී ආණ්ඩුව දින 2ක් දෙයි! අන්තිමේදී කතානායකවරයා පක්ෂ නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දීය මහකොමසාරිස් බැසිල්ව හමුවෙයි! දේශපාලන සාකච්ඡාවක්! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.