කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.Sri Lanka Latest News
විපක්ෂය මේ සදහා තෙදින විවාදයක් ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය ඊට දින දෙකක් ලබා දීමට එකගතාව පළ කොට තිබේ.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ.
මෙහිදී කතානායකවරයා පක්ෂ නායකයන්ගෙන් තමන්ට විවාදය අවසානයේදී පැය භාගයක් කතා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇති අතර පක්ෂ නායකයන් ඊට එකගතාව පළකොට ඇති බවද ආරංචිය.