කොරෝනා උවදුරෙන් රටම පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙසත්, තත්ත්වය තවමත් පාලනය කර ගැනීමට හැකි වී නොමැති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ සදහන් කර සිටිති.
ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ඉල්ලීම අවධාරණය කර සිටියේය.
“අද (16) උදේ වන විට කෝවිඩ් 19 රෝගීන් 238ක් සහ නිරෝධායතනවල තවත් දහස් ගණනක් රට පුරා ඉන්නවා. ඉතාම පැහැදිලියි අපට තවම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව. සම්පූර්ණයෙන්ම අලුත් රෝගීන් එකතු වන ප්‍රමාණය නතර වෙලා, දීර්ඝ කාලයක් එසේ අලුත් රෝගීන් නැති තත්ත්වයක් ඇති වුණොත්, එතකොට අපට කියන්න පුළුවන් “දැන් තත්ත්වය හොදයි, අපට හොද පාලනයක් තියෙනවා” කියලා. ඒ නිසා මම හිතන්නේ නෑ අපි මේ මොහොතේ ඡන්දයක් තියන්න ඕන කියලා’යැයි ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසුහ.
එම වීඩියෝව පහතින්…










