මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවිධ පුවත් පළ කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා වහාම හමුවක් කැදවන ලෙස දැනුම් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
එමගින් කරුණානායක මහතා ඉල්ලා ඇත්තේ මෙම සාකච්ජාව සදහා සියලුම පක්ෂවල නායකයන් හෝ ලේකම්වරුන් කැදවන ලෙසටය.
මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එජාපයට ගැටලුවක් නොමැති නමුත් පවතින වාතාවරණය යටතේ ගැටලු කිහිපයක් පිළිබද සාකච්ජා කළ යුතු බවද කරුණානායක මහතා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට රවි කරුණානායක මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇති බවද දැනගන්නට ඇත.











