• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකට පුළුවන්ද මෙහෙම කරන්න? නීතිය කැඩුවට දඬුවම මොකක්ද? I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

-මහාචාර්ය ජී.ඇල්. පීරිස්-

ඊයේ රජය ප්‍රකාශයට පත්කළා දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා ශ්‍රී ලංකාවේ පොලිස්පති හැටියට පත්කළා කියලා. මේ පත්වීම කෙරෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින්. හැබැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා ජනාධිපතිවරයාට මේ පත්වීම කරන්න පුළුවන් වන්නේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගෙන. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනිවාර්ය අවශ්‍යතාවක්. ඒ අනුමැතිය නැතිව නීත්‍යානුකූල ලෙස පොලිස්පතිතුමාව පත්කරන්න පුළුවන්කමක් නැහැ.(Sri Lanka Latest News)

දැන් ඊයේ ව්‍යවස්ථා සභාව රැස්වුණා. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඡන්ද 05ක් අවශ්‍යයි. සාමාජිකයන් 05 දෙනෙක් මේ පත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඊයේ ව්‍යවස්ථා සභාවේ ඡන්ද ප්‍රකාශ වීම බෙදුණේ මේ විදියටයි. පක්ෂව සාමාජිකයන් 04 දෙනෙක් ඡන්දය දුන්නා. විරුද්ධව සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය දුන්නා. සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනකු පැමිණ සිටියේ නැහැ. එතකොට දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා පොලිස්පති හැටියට පත්කිරීමට ගරු ජනාධිපතිතුමා කරපු යෝජනාවට පක්ෂව ව්‍යවස්ථා සභාවේ ලැබුණේ ඡන්ද 04ක් පමණයි. හැබැයි ඡන්ද 05ක් අවශ්‍යයි.

05 වැනි ඡන්දය කොහොමද ලැබුණේ? 05 වැනි ඡන්දය ලැබුණේ ගරු කතානායකතුමාගෙන්. කතානායකතුමා ඡන්දය දුන්නා. මේකට පක්ෂව. එතකොට තමයි ඡන්ද 05ක් එකතු වුණේ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තත්ත්වය ඉතා පැහැදිලියි. ගරු කතානායකතුමාට ඡන්දය දීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. කිසිසේත් එතුමාට එතුමාගේ ඡන්දය ඊයේ ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවේ නීතිය යටතේ පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.

‘41 ඉ’ කියන වගන්තියේ 05 වැනි ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා.

‘සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් රැස්වීමකදී තීරණය කරනු ලැබූ යම් ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.’

ඊයේ ව්‍යවස්ථා සභාවේ මූලාසනය දැරුවේ ගරු කතානායකතුමා. එතුමා තමයි සභාපති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා එතුමාට මුල් ඡන්දයක් නොමැත. එතුමා ප්‍රකාශයට පත් කළේ මුල් ඡන්දයක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් එතුමාට නැති ඡන්දයක් එතුමා ප්‍රකාශ කළා. මුල් ඡන්දයක් නෑ කියලා බොහොම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙනම් එතුමාට ඡන්දය දෙන්න පුළුවන් වෙන්නේ එක අවස්ථාවකදී පමණයි.

මොකක්ද ඒ අවස්ථාව? සම සමව ඡන්දය බෙදුණු අවස්ථාවක කතානායකතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා හැටියට එතුමාට එවන් අවස්ථාවකදී පමණක්, වෙන අවස්ථාවකදී නෙවෙයි, ඒ විදියේ අවස්ථාවකදී පමණක් එතුමාට තීරක ඡන්දයක් දෙන්න පුළුවන්. ඡන්දයක් දෙන්න බෑ සම සමව ඡන්ද බෙදුණු අවස්ථාවක පමණක් තීරක ඡන්දයක් දෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ – 5 වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. ඊයේ කෙසේවත් සම සමව ඡන්දය බෙදීමක් තිබුණේ නෑ. එහෙනම් ගරු කතානායකතුමා ඊයේ හැසිරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඍජුව උල්ලංඝනය කරමින්.

එතුමා පමණක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තව පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි ව්‍යවස්ථා සභාවේ ලේකම්තුමා. ව්‍යවස්ථා සභාවේ ලේකම්තුමා ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නා ව්‍යවස්ථා සභාව දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේ පත්වීම පිළිබඳ යෝජනාව අනුමත කළා කියලා. අනුමත කළා කියලා ව්‍යවස්ථා සභාවේ ලේකම්තුමා ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා. ඒ කියන්නේ එතුමා සාවi ප්‍රකාශයක් කළේ. අනුමැතියක් ලැබුණේ නෑ. එම නිසා ගරු කතානායකතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කළා සේම ව්‍යවස්ථා සභාවේ ලේකම්තුමාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමේ වරදට වගකීම භාරගත යුතුයි. එතුමාට එරෙහිවත් අපි සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා ශ්‍රී ලංකා අධිකරණය හමුවේ.

ගරු ජනාධිපතිතුමාට මේ පත්වීම කරන්න බෑ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතිව. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඡන්ද 5ක් අවශ්‍යයි. තිබුණේ ඡන්ද 4යි. කතානායකතුමාගේ ඡන්දය වලංගු ඡන්දයක් නොවෙයි. නීති විරෝධී ඡන්දයක්. එම නිසා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය තිබුණේ නෑ. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොමැතිව නීත්‍යනුකූල ලෙස මේ පත්වීම කරන්න පුළුවන්කමක් නෑ. එම නිසා මේ පත්වීම නීති විරෝධීයි. මේක වලංගු පත්වීමක් නෙවෙයි. දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා ශ්‍රී ලංකාවේ පොලිස්පති හැටියට පත්වීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒක කිසිසේත් නීත්‍යනුකූල පත්වීමක් නෙවෙයි.

ඇයි මේවා ඔක්කොම ලහි ලහියේ ඊයේ කෙරුණේ? ඒකට හේතුව තමයි අද සිවිල් සමාජය නියෝජනය කරන සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මානව හිමිකම් නඩුවක් ඉදිරිපත් කරලා තිබුණා මේ පත්වීමට එරෙහිව. දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා පොලිස්පති හැටියට පත්කිරීමට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණය ඉදිරියට ගිහිල්ලා තිබුණා. ඒ නඩු අද තමයි අහන්න නියමිත වෙලා තිබුණේ. ඒ නිසා තමයි මේ ලහි ලහියේ මේක ඊයේ කළේ. හැබැයි මේක කළේ සම්පූර්ණයෙන් නීති විරෝධී ලෙස.

අපි මේක ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඉතා කීර්තිමත් ආයතනයක්. විශේෂයෙන්ම අද අපේ රටේ තියෙන තත්ත්වය ගැන සිතනකොට ශ්‍රී ලංකා පොලිසියට පැවරෙන්නේ අතිශයින්ම වැදගත් කාර්යභාරයක්. දැන් කාවද මේ පත්කරන්නේ එවන් කීර්තිමත් සංවිධානයක නායකයා හැටියට? ඒ පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය මොකක්ද ප්‍රකාශ කරලා තිබෙන්නේ? ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා මේ නිලධාරියා අපේ රටේ පුරවැසියන්ට වධ හිංසා කරලා තියෙනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනවා. එතුමා වධ හිංසා කළා. ඒකට සාක්ෂි තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනවා මේ පුද්ගලයා ඒ නඩුව පවරපු පුද්ගලයන්ට වධ හිංසා කළා කියලා. ඒ සම්බන්ධයෙන් ලක්ෂ 05ක් වන්දි ගෙවන්න කියලා දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ිවා මේ පුද්ගලයාට විරුද්ධව විනය පියවර ගන්න කියලා.

ඒ විදියේ පුද්ගලයෙක් තමයි ශ්‍රී ලංකා පොලිසියේ නායකයා හැටියට පත්කරන්නේ. මේක කිසිසේත්ම අදහාගන්න බැරි තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ කිසිම තැනක කිසිම රටක වෙන දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසියට තියෙනවා ඉතිහාසයක් 1866 සිට. අද ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවා නිලධාරීන් 91,500ක් විතර. පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව මෙහෙම තීන්දුවක් දුන්නා නම් ශ්‍රේෂ්ඨාධිකරණය, මේ රටේ මිනිස්සුන්ට වධ හිංසා කරළා, ලක්ෂ 05ක් වන්දි හැටියට ගෙවන්න කියලා නියෝග කරනවා, විනය පියවර ගන්න කියලා නියෝග කරනවා. එහෙනම් ඊළඟ දවසේම අනිවාර්යයෙන් ඒ පොලිස් නිලධාරියාගේ නිල කාර්යයන් අත්හිටුවනවා. වැඩ තහනම් කරනවා. හැබැයි මෙතැන වුණේ මොකක්ද? එහෙම පුද්ගලයෙක්ව උසස්ම නිලයට පත්කරනවා ශ්‍රී ලංකා පොලිසියේ. මීට වඩා විකෘතියක් අපට හිතන්න පුළුවන්ද? මොකක්ද මේකේ ප්‍රතිඵලය? අපේ රට තුළ පමණක් නෙවෙයි ලෝකය ඉදිරියේ සම්පූර්ණ පොලිසිය අතිවිශාල නිග්‍රහයකට ලක්කරනවා.

ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඇයි මෙහෙම වෙන්නේ? එක හේතුවක් නිසා. වෙන කිසිම රටක මේක වෙනවා නෙවෙයි. වෙනවා කියලා හිතන්නත් බෑ. එහෙනම් අපේ රටේ පමණක් ඇයි මේ විදියේ අසාමාන්‍ය අද්විතීය දෙයක් සිදුවෙන්නේ? ජන මතයක් තියෙන කිසිම රටක මෙහෙම දෙයක් සිදුවෙන්නේ නෑ. අපේ රටේ අවාසනාවන්ත තත්ත්වය තමයි අපි ඕනෙම දෙයක් පිළිගන්නවා. ඕනෙම දේකට හිස නමනවා. අපේ කියලා නිශ්චිත ස්ථාවරයක් අපි ඉදිරිපත් කරන්නේ නෑ. අන්න ඒ නිසා තමයි මේ විදියේ ශෝචනීය දේවල් අපේ රටේ සිද්ධ වෙන්නේ.

අපි මේ පත්වීම පිළිගන්නේ නෑ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අපේ නීතියට පටහැනි පත්වීමක්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ. ඒ කටයුතු අපි ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

Sri Lanka Latest News

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

හූති කැරලිකරුවෝ නැවකට ගහයි! තුනක් මරුට! හතරකට බරපතළයි! නැවේ ආරක්ෂකයන් ලෙස ලංකාවේ දෙන්නෙකුත් ඉදලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හුස්ම වැඩසටහනින් ‘සජිත්-ජලනි-දියත්නා’ පවුල කාසල් ‌රෝහලට දෙන්න යන ඉන්කියුබේටරය සහ ඉන්ෆැන්ට් යන්ත්‍ර 3ට විශේෂඥ වෛද්‍යවරුන්‌ගෙන් ප්‍රශංසා පිට ප්‍රශංසා! මේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News
Exclusive

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

Load More
සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

භූමි ගණේ ගුරුම තුනයි - සිරිසැප දෙයි ‘ම’ ගණේදේව ගණේ ලඝුම තුනයි - ආයුෂ දෙයි ‘න’ ගණේවායු ගණේ අගට ගුරුයි...

Read more
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.