භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. (Sri Lanka Latest News)
යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 20 දෙනාගෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
මෙම නෞකාවේ ආරක්ෂකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සහ නේපාල ජාතිකයෙක් කටයුතු කර ඇත.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම හූති කැරළිකරුවන් විසින් බාරගෙන තිබෙන බව සඳහන් වන අතර මේ වනවිට නෞකාව ගිනිගනිමින් පවතින බවත් වාර්තා වෙයි.
ගාසා තීරයේ පවතින ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහාය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති කැරලිකරුවන් පෙන්වාදෙයි.
කෙසේ වෙතත් වෙළෙඳ නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
මේ අතර “අද දෙරණ” මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.
adaderana