විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ “හුස්ම” ව්‍යාපෘතිය යටතේ, ලෝක කාන්තා දිනය සමරන මාර්තු අටවන දින, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට මිලියන තුනක් වටිනා ළදරු ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ ඉන්ෆැන්ට් වෝමර් යන්ත්‍ර 3ක් පරිත්‍යාග කිරීමට නියමිතය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස සහ දියත්නා ප්‍රේමදාස පුංචි දියණියද එක්වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ නොමේරූ ළදරුවන්ගේ ජීවිත මෙම ඉන්කියුබේටර් යන්ත්‍ර මගින් ආරක්ෂා කරගත හැකි බවකි.