කොළඹ අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නැගෙනහිර හේවාගම් කොරළයේ විවිධසේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු අංශයේ ශාඛා 24ක ලක්ෂයකට අධික ගනුදෙනුකරුවන්ගේ රුපියල් ලක්ෂ 5400ක තැන්පතු ප්‍රමාණයක් වංචාසහගත ලෙස එන්ට්‍රස්ට් නම් ආයතනයක් ලබා ගෙන ඇති බවත් මෙම සිදුවීම සිදුවී මේ වන විට වසර 10ක් ගත වී ඇති බවත් 2021 නොවැම්බර් 27 වැනිදා තමා ස්ථාවර නියෝග යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ ඇමතිවරයා දුන් පිළිතුරින් සෑහිමට පත් නොවූ බවත් තවමත් මේ සඳහා විසඳුමක් නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවසීය.Sri Lanka Latest News
අගමැතිතුමා පවා මේ ගැටලුව දන්නා බවත් එවන් තත්ත්වයක් තිබියදී එන්ට්‍රස්ට් නම් ආයතනය සිදු කළ මූල්‍ය වංචා සම්බන්ධ රජය ක්‍රියාමාර්ග නොගැනීම ගැටලු සහගත බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගෙන එම මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
එසේම මෙම එන්ට්‍රස්ට් නම් ආයතනය සමඟ ප්‍රබලයින්ගේ සම්බන්ධකම් ඇති බැවින් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර සොයා බලන ලෙසත් මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










