• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ සතුට සදාලූ… සාදු මහණ වෙලාලූ I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive, Heart, News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඔයා ‘සිඳු’ ටෙලි නාට්‍යය බැලුවද? හුඟක් අයගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ලැබෙන උත්තරේ ‘ඔව්’ කියන එක. ලංකාවේ වැඩිම පිරිසක් නරඹපු ටෙලි නාට්‍ය අතරින් එකක් තමයි ‘සිඳු’ කියලා කියන්නේ. කාලයත් එක්ක සමහරුන්ට මේ ටෙලිනාට්‍යය මඟහැරුණත් අඩුම තරමේ එක වතාවක් දෙකක්වත් නරඹපු නැති කෙනෙක් මං හිතන්නේ නෑ ලංකාවේ ඇති කියලා. ‘සිඳු’ කියලා කියන්නේ ඒ තරම්ම ජනප්‍රිය ටෙලිනාට්‍යයක්.(Sri Lanka Latest News)

‘සිඳු’ ටෙලිනාට්‍යයට මිනිස්සු ආදරේ කළා. ‘සිඳු’ මිනිස්සු අතරට මේ තරම් යන්න හේතුව වුණේ සෝරත පොඩි හාමුදුරුවෝ. ඇත්තම කතාව ඒක. සෝරත පොඩි හාමුදුරුවන්ගේ දඟකාර වැඩ, දඟකාර කතන්දර, හුරතල් දේවලට මිනිස්සු හරි ආසා වුණා. මොකද, මෙච්චර කාලෙකට ඒ වගේ දඟ පොඩි හාමුදුරු කෙනෙක් ගැන අපට අහන්න දකින්නවත් ලැබිලා තිබුණේ නැති නිසා. කොහොම හරි මේ පුංචි දඟයාගේ දස්කම් විස්කම් එක්ක ‘සිඳු’ මිනිස්සු අතරට යද්දී සෝරත පොඩි හාමුදුරුවෝ මුළු රටේම ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වුණා. හැබැයි ඉතින් සෝරත පොඩි හාමුදුරුවෝ කියන්නේ නළුවෙක්නේ. පොඩි හාමුදුරුවන්ට තිබුණු ප්‍රශ්නෙ වුණෙත් ඒක.

පොඩි හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ විදියට මුළු රටේම ආදරේ දිනාගත්තට හාමුදුරු කෙනෙක් නොවී සිවුර නැතුව සාමාන්‍ය ඇඳුමක් ඇඳලා පාර තොටේ යන එනකොට සෝරත පොඩි හාමුදුරුවෝ මිනිස්සුන්ට දැකලා පුරුදු හැබැයි නුහුරු කෙනෙක් වුණා. මොකද සෝරත පොඩි හාමුදුරුවෝ ජීවත් වුණේ ගිහියෙක් විදියටනේ. කොහොම වුණත් අවුරුදු ගානක් සෝරත පොඩි හාමුදුරුවන්ට සිද්ධ වෙලා තිබුණා තමන්ගේ චරිතේ වෙනුවෙන් සිවුරක් ඇඳගෙන ඉන්න.

ලංකාවේ ගොඩක් භික්ෂුන්වහන්සේලාට තමන්ගේ චරිතේ වෙනුවෙන් සිවුර ඇඳගෙන ඉන්න එක කරන්න බැරි වෙලා තියෙනවනේ. සමහර අය චරිතේ වෙනුවෙන් සිවුර ඇඳගෙන හිටියට සිවුර ගලවලා දාලා තමයි සාමාන්‍ය ගමන් බිමන් පවා යන්නේ. ඇත්තටම සෝරත පොඩි හාමුදුරුවෝ කළේ රඟපෑමක් වුණාට අනෙක් හාමුදුරුවරු නිල වශයෙන් කරන රඟපෑම නෙවෙයි. පුදුමය කියන්නේ සෝරත පොඩි හාමුදුරුවන්ටත් වඩා හොඳට රඟපාන භික්ෂුන්වහන්සේලා අපේ පන්සල්වල ඉන්නවා.

ඒ අයත් කරන්නේ චරිතයක් කියලා අපිට දැනගන්න ලැබෙන්නේ ඒ අයව ඇසුරු කළොත් විතරයි. හැබැයි තමන්ගේ චරිතය හරියට කරලා භික්ෂුන්වහන්සේ නමකගෙන් ඉටුවන යුතුකම ටක්කෙටම ඉටුකරන භික්ෂුන්වහන්සේලාත් ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා. ඒ නිසා මේවා අපි කියන කරන දේවලින් 100% කියලා කිසි කෙනෙක්ව මැනගන්න යන්න එපා. මොකද, එහෙම මැනගන්න ගියාම ඔබේ අතිනුත්, මගේ අතිනුත් අපි දෙන්නගෙම අතින් සිදුවෙන්නේ විශාල වරදක් වෙන්න පුළුවන්. කලබලේට දේවල් හිතන්න ගියාම. කොහොම වුණත් සෝරත පොඩි හාමුදුරුවන්ගේ කතන්දරය මුළු රටම දන්නකොට මෙන්න හදිස්සියේම සෝරත පොඩි හාමුදුරුවෝ ගැන වෙනස් කතාවක් අපට අහන්න ලැබුණා.

ඒ තමයි සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා කියන එක. සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා කිව්වම ඒක නිකං විහිළු කතාවක් වගේනේ. මොකද සෝරත පොඩි හාමුදුරුවෝ කොහොමත් ඉන්නේ මහණ වෙලානේ. හැබැයි මේ කතාව මෙන්න මෙහෙම කිව්වොත්? ‘සෝරත පොඩි හාමුදුරුවෝ ඇත්තටම මහණ වෙලා’ කියලා. අන්න එහෙම කිව්වම නම් අපට කට ඇරෙනවා. ඇස් උඩ යනවා. මොකද චරිතයක් කරපු පමණින් මේ වගේ බැරෑරුම් රාජකාරියක් භාරගන්න මේ පුංචි කොලු පැංචට පුළුවන් වුණාද කියන එක.

ඒ විතරක් නෙවෙයි මේ කතාව අස්සේ කියැවෙනවා සෝරත පොඩි හාමුදුරුවෝ විතරක් නෙවෙයි සෝරත පොඩි හාමුදුරුවන්ගේ සහෝදරයත් මේ වෙනකොට මහණ වෙලා මහණදම් පුරමින් ඉන්නේ කියලා. ඒ නිසා කතන්දරේ ඉතා සුවිශේෂ එකක්. ඒ නිසා අපි මේ ගැන හොයන්න සහ ලියන්න තීරණය කළා. සෝරත පොඩි හාමුදුරුවන්ගේ කතාව. මෙච්චර කල් අපි සෝරත පොඩි හාමුදුරුවන් ගැන ලිව්වට, ලිව්වේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන ටෙලි නාට්‍ය චරිතය ගැන. හැබැයි දැන් අපි ලියන්න හදන්නේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන ටෙලි නාට්‍ය චරිතය ගැන නෙවෙයි. සෝරත පොඩි හාමුදුරුවෝ කියන ඇත්ත ජීවිතේ චරිතේ ගැන. ඔබ ඒ කතාව කියවන්න, අර කතාවටත් වඩා ආසා වෙයි කියලා අපට හිතෙනවා.

මේ පොඩ්ඩගේ නම කවීෂ් විහඟ. කවීෂ් තමයි මේ විදියට සසුන්ගත වුණේ. කවීෂ් අවුරුදු 05ක් මේ චරිතය නිරූපණය කරපු බව තමයි කියන්නේ. කවීෂ් මහණ වෙන්නේ මාතලේදී. මාතලේ මාවතපොළ පෙතිගේපිටිය රජමහා විහාරස්ථානයේදී තමයි කවීෂ් මහණවෙන්නේ. පසුගිය 19 වැනිදා කවීෂ් ශාසනයට ඇතුළු වෙනවා. කවීෂ් වයස අවුරුදු 05දී තමයි සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරන්න පටන් ගන්නේ. කොහොම නමුත් අද වෙද්දී කවීෂ්ව හඳුන්වන්න තියෙන සෑබෑම නම කවීෂ් විහඟ නෙවෙයි.

සෝරත පොඩි හාමුදුරුවෝ කියන නමත් නෙවෙයි. පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ කියන නමින් තමයි උන්වහන්සේව හඳුන්වන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක පුංචි කාලේම ගත්ත තීරණයක්ද එහෙම නැතුව වෙනත් තීරණයක්ද, සමාජ ජාලවල කියන විදියේ තීරණයක්ද කියන එක දන්නේ කවීෂ් සහ ඔහුගේ පවුලේ අය විතරයි. මේකෙ තියෙන වැදගත්කම තමයි කවීෂ්ගේ සහෝදරයෙක් මීට කලින් සසුන්ගත වෙලා. කවීෂ්ට හිටපු එකම සහෝදරයා ඔහු. දැන් කොහොම හරි ඔන්න කවීෂ්ලගෙ ගෙදර හිටපු පැටව් දෙන්නම මේ වෙද්දී සසුනට ඇතුළු වෙලා කියලයි අපට ලියන්න සිද්ධ වෙන්නේ.

පුංචි කාලේ පුංචි දරුවෝ මේ විදියට මහණ වෙන්නේ මොකක් නිසාද කියන එක අපට තේරෙන්නේ නෑ. කොහොම නමුත් අවුරුදු 05ක් තිස්සේ ඇඳගෙන හිටපු සිවුර, සාමාන්‍ය ඇඳුමකට වඩා තමන්ට වඩාත් ගැළපෙනවා කියලා සමහර විට කවීෂ් හිතන්න ඇති. මොකද පුංචි දරුවෝ මීට කලින් මහණ වෙන්නේ තවත් කවුරු හරි ඇඳගෙන ඉන්න සිවුරක් දැකලා, ඒ සිවුර ලස්සනයි කියලා හිතාගෙන. හැබැයි කවීෂ් චීවරයේ බර ගැන දන්නවා. චීවරය දරද්දී කොච්චර අපහසුද කියන එක දන්නවා.

හැබැයි කොහොම වෙතත් කවීෂ්ට අමතක කරන්න බැරි කාරණයක් තියෙනවා. ඒ කියන්නේ සිඳු ටෙලි නාට්‍යයේ ෂූටින් අතරතුරේදී සිවුර ඇඳගෙන ඉඳලා ගලවලා තියලා වෙන ඇඳුමක් ඇඳගෙන ගෙදර ගියා වගේ ආයේ කවීෂ්ට කවදාවත් සිවුර ගලවලා වෙනත් ඇඳුමක් ඇඳගෙන ගෙදර යන්න වෙන්නේ නෑ. ඒක මතක තියාගෙන රටටත්, ශාසනයටත් සේවයක් කරමින් යහපත් භික්ෂුවක් ලෙස කවීෂ් කටයුතු කළොත් ඒක ඉතා හොඳ දෙයක් වෙයි කියලයි අපේ නම් විශ්වාසය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෛත්‍රීපාල විශ්‍රාම ගියාම ඉන්න තියාගත්ත පැජට් පාරේ නිවස ආපහු දෙන්න වෙයි! එදා ඇමැති මණ්ඩලය ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද බලරහිත කරයි! I Sri Lanka Latest News

Next Post

මහ බැංකුවෙ මහ පඩි ගැන පුංචි කතාවක් I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.