• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බිස්නස් හාමුදුරුවරු සහ සැබෑ හාමුදුරුවරු ගැන අජිත හිමි වදාළ සැබෑ බණ…

April 14, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
බිස්නස් හාමුදුරුවරු සහ සැබෑ හාමුදුරුවරු ගැන අජිත හිමි වදාළ සැබෑ බණ…
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය ලෝකයට බලපෑම් එල්ල කර ඇත්තේ කිසිදු සීමා මායිමක් නොසලකමිනි. ජාති භේද, ආගම් භේද, කිසිවක් එයට අදාළ නැත. අන්‍යාගමිකයන් විසින් සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට මතයක් කාලයක් මුළුල්ලේ අප රට තුළ පැතිර යමින් ඇත. මේ මතය සමාජ ගත කිරීම සඳහා මූලිකත්වය ගත්තේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එම මතය හරහා මේ රටේ දේශපාලනයටද පැහැදිලි බලපෑමක් එල්ල කිරීමට උන්වහන්සේලාට හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සමයේදී මේ රටේ සියලුම රූපවාහිනී නාලිකා තුළ වැඩි වශයෙන් දක්නට ලැබුණේ උන්වහන්සේලාය. බොහෝ රූපවාහිනී සාකච්ඡා සඳහාද අඩුම තරමින් ඒ අතරින් එක් හිමිනමක් හෝ සහභාගි විය. නමුත් ජාති, ආගම් භේද නොසලකමින් සමස්ත රටටම පොදු සතුරෙකුට එරෙහිව සටන් කරන අවස්ථාවක උන්වහන්සේලා පෙනෙන්නට නැත. මේ පිළිබඳව මුල්ම කතාබහ ඇති වූයේ සමාජ මාධ්‍ය හරහාය. වෙනදා සෑම සියලු දෙයකදීම මුලින්ම අදහස් දක්වන උන්වහන්සේ කොයිදැයි සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කර සිටියේ එවැනි ස්වාමීන් වහන්සේලාගේ නම්ද සඳහන් කරමිනි.
පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ද තම අදහස ප්‍රකාශ කර තිබුණි. ඒ පරගොඩ රජමහා විහාරාධිපති දේවාලේහිඳ අජිත ස්වාමීන් වහන්සේය. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ, රටට, ජාතියට ඇති සැබෑ ආදරය පෙන්වීමට දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අවස්ථාව උදා වී ඇති බවය. දේශපාලනය පමණක් නොව විවිධ අයුරින් මුදල් උපයන ස්වාමීන් වහන්සේලාටද මේ අවස්ථාවේ ජනතාව රැක ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස උන්වහන්සේ ආරාධනය කර ඇත. බෞද්ධ භික්ෂුවකට උපදෙස් දීමේ අයිතියක් ගිහි පුද්ගලයකුට නොමැති නමුත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට ඒ අයිතිය ඇත. මෙතැන් පටන් පළවන්නේ දේවාලේහිඳ අජිත ස්වාමීන් වහන්සේ පළ කළ අදහසය.
“මේ ව්‍යවසනකාරී අවස්ථාවේ ඇත්තටම භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වුණා මදි. ගමට සමාජයට සේවයක් කරමින් බොහොම අව්‍යාජව තමන්ගේ ආගමික මෙහෙය ඉෂ්ට කරන භික්ෂූන් වහන්සේලා තමයි බහුතරය ඉන්නේ අපේ රටේ. ඒ අතරේ ඔය ජනප්‍රිය කියන හාමුදුරුවෝ ටිකක් ඉන්නවනේ. රූපවාහිනියේ නිතර බණ කියන. ඊළඟට ඔය දේශපාලනය සම්බන්ධ එක එක වැඩසටහන්වල ඉන්න. ඒ වගේම නොයෙක් විදියේ පූජාවන් පවත්වන. වෙනත් විදියේ ව්‍යාපාර කරන. එහෙම ජනප්‍රිය හාමුදුරුවරු ටිකක් ඉන්නවා. සාමාන්‍ය ජනතාවගේ හදවතේ රිද්මය ඒ හාමුදුරුවරු දන්නෙ නැහැ කියන එක තමයි මට දැනෙන්නේ. ඒ බිස්නස් කරන ස්වාමීන් වහන්සෙයි ගමේ පන්සලේ ස්වාමීන් වහන්සෙයි අතරේ සැබෑ වෙනසක් තියෙනවා. දැන් මේ වෙලාවේ එයාලගේ බිස්නස් වැටුණු වෙලාවක්. ඒ නිසා තමයි ඒ අය දැන් රූපවාහිනියේ පේන්න නැත්තේ. මේ වෙලාවේ කතා කරන්නේ නැත්තේ. අනිත් එක මේ වෙච්ච ප්‍රශ්නයට උපදෙස් දීල, අනුශාසනා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. දැන් හාමුදුරුවරු ප්‍රයෝගිකව ගමට බැහැලා ගමේ සමාජයට ඇවිත් මිනිසුන්ගේ දුක දිහා බලලා ඒවට උදව් වෙන වැඩපිළිවෙළකට යන්න ඕනෑ.
රූපවාහිනියේ මේ වෛරසයෙන් බේරෙන විදිය ගැන කතා කරාට හාමුදුරුවන්ගෙන් වෙන්න ඕන සේවය වෙන්නෙ නෑ. ගමේ සමාජයේ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. දුකට පත් වුණු ජනතාවට පිහිට වෙන්නේ කොහොමද? මේ ආණ්ඩුවෙන් ගෙනියන වැඩපිළිවෙළට කොහොමද දායකත්වය සපයන්නේ. මේ සෞඛ්‍ය වැඩපිළිවෙළට හාමුදුරුවන්ට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද? ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට මේ සමාජය හසුරුවන්න ඕන දායකත්වය ගමේ හාමුදුරුවෝ ලබා දෙන්නේ කොහොමද? හාමුදුරුවෝ කොහොමද ඒකට මූලික වෙන්නේ? අන්න ඒ කටයුතු තමයි හාමුදුරුවන්ට පැවරිලා තියෙන්නේ. ඒ කටයුතු තමයි හාමුදුරුවෝ කරන්න ඕනෑ.
පාර්ලිමේන්තු ගිය හාමුදුරුවරු ඒ තමන්ට හම්බ වුණු වාහන පර්මිට් එක විකුණගත්තැයි කියනවනේ සමහර අය. ඇත්ත වශයෙන්ම මේ සමාජයට ආදරෙයි නම්, ඇත්ත වශයෙන්ම බෞද්ධ රටක් තියා ගන්න ඕනෙ නම්, ඇත්තටම සිංහල බෞද්ධකම තියෙනවනම් මේ රටේ ජනතාවගෙන් හොරකම් කරලා ගත්ත ඒ මුදල් ජනතාවට දෙන්න ඕනෑ මේ වෙලාවේ. මං මේ වාහනේ ගත්තා ඒකෙන් කෝටි දෙකක් ගත්තා ඒක ජනතාවට ආපහු මේ වෙලාවේ දෙනවා කියලා උන්වහන්සේලාට කියන්න පුළුවන් මේ වෙලාවෙ. සමාජයට ආදරෙයි නම්, ජනතාවට ආදරෙයි නම්, බුද්ධාගමට ආදරෙයි නම්, ශ්‍රී ලංකාව කියන රටට ආදරෙයි නම් ඒක ඒ සංඝයා වහන්සේලට කරන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ නැහැ. මේ ව්‍යවසනකාරී තත්ත්වය තුළත් ජාතිවාදය අවුලවමින්, ආගම්වාදය අවුලවමින්, තමන්ගේ ඒ කැත දේශපාලන ක්‍රියාකාරිත්වය වහගන්න හදන එකක් තමයි පේන්නේ. තාම කලඑළි බැස්සේ නැහැ. තව ටික දවසක් යන කොට කලඑළි බහියි. බැහැලා ඕවා සාධාරණීකරණය කරන්න ගනියි. මම කියන්නේ ඒ හාමුදුරුවන්ට දැන් තමන්ගේ දේශප්‍රේමීත්වය පෙන්වන්න.
අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒ හින්දා මේකෙන් මැරුණොත් වැඩියෙන්ම මැරෙන්නේ ඒ ජනතාව. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව ඇවිත් සිංහල බෞද්ධයා විනාශ කරනවා කියලා කෑ ගහපු හාමුදුරුවරු ටිකක් හිටියනේ. මං උන්වහන්සේලට කියන්නේ. දැන් එළියට එන්න. ඒ කවුරුවත් දැන් රූපවාහිනියක දකින්නත් නැහැ. මහපොළොවේ දකින්නත් නැහැ. පේන්නත් නැහැ. මේ හැම ජාතියකම ජනතාව වඳ කරන පොදු හතුරෙක් ඉන්නවා ඒ පොදු හතුරට විරුද්ධව සටනට එන්න ඕනෑ. ඒකට විරුද්ධව මේ හාමුදුරුවරු එළියට එන්න ඕනෑ. එහෙම එන්නේ නැහැ.
සිංහල බෞද්ධ ජනතාවට ඇත්තටම ආදරේ නම්, සිංහල බෞද්ධකම තියාගන්න ඕනෑ නම් තමන් සතු වත්කම්, ඒවා වාහනේ විකුණලා ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්, තාන්න මාන්න විදියට ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. වෙනස් විදියකට ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. කළු සල්ලි වෙන්න පුළුවන්. ඒවා මේ වෙලාවෙ ජනතාව වෙනුවෙන් මුදා හරින්න කියලා තමයි මම උන්වහන්සේලාට කියන්නේ.
පරිත්‍යාගය පිළිබඳ ආදර්ශය හොඳටම පෙන්වන්න පුළුවන් වෙලාවක් තමයි මේක. මේ රටේ පොල් අක්කර සීය, දෙසීය නෙවෙයි දාහ හමාර තියෙන හාමුදුරුවරු ඉන්නවා. සල්ලි තිබුණට වැඩක් නැහැ. මේක හැදුණොත් හෙට මැරිලා යනවා අපි කවුරුත්. ඒ නිසා සමාජය ජීවත් කරවන්න මේ වෙලාවේ පන්සල සතු දේ පවා සමාජය වෙනුවෙන් කැප කරන්න කියලයි මම ඉල්ලන්නේ. මේ වෙලාවේ වෙන වෙන විකාර කරලා වැඩක් නැහැ. සංදර්ශන කරලා වැඩක් නැහැ.
පිරිත් පැන් ගෙනිහින් හෙලිකොප්ටරෙන් ඉස්සැයි කියලා, රෑ එළිවෙනකම් පිරිත් කියලා ගමේ පිරිත් පැන් ඉස්සා කියලා, මම කියන්නේ ඒවා කරාට කමක් නැහැ. ඒකෙන් මේ රෝගයෙන් බේරෙන්න බැහැ කියන එක අවබෝධ කර ගන්න ඕනෑ. දැන් විශාලා මහනුවරට රෝගය ආව වෙලාවේ රෝගය බෝ වෙලා මිනිස්සු මැරිලා තුන්බිය ඇති වුණාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පිරිත් කිව්වේ. බුදුහාමුදුරුවන්ටත් මිනිස්සු මැරෙන එක වළක්වන්න බැරි වුණා. මේ වෛරස් පැතිරෙන එක පිරිත් කියලා නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකෙන් අපි ආරක්ෂා වෙන්න ඕනෑ. ඒ නිසා තමයි ආණ්ඩුවෙන් ඇඳිරි නීතිය දාලා අපිව ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ හින්දා හාමුදුරු කෙනෙක් හරි, ගිහියෙක් හරි ඒ වගේ දෙයකට යොමු වෙනවා නම් එහෙම කරන්න එපා. ඒ යන මුදලත් එකතු කරලා කන්න නැති මිනිසුන්ට පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් ගෙනිහින් දෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න.
සමාජය කඩා වැටිච්ච වෙලාවක, අසරණ වෙච්ච වෙලාවක භික්ෂුවකගෙ කාර්යභාරය වෙන්නේ භාවනා කරන එක නෙවෙයි. මේ වෙලාවේ ධර්ම දේශනා කරන්න. ඒකෙ වැරැද්දක් නැහැ. ඒත් ඊට වඩා බරපතළ කාරණයක් මෙතැන තියෙන්නේ. දැන් මිනිස්සු එන්නේ බණ අහන්න නෙවෙයි. මිනිස්සු කෑම ඉල්ලගෙන පන්සලට එන්නේ. ඉතිං මේ වෙලාවේ ඒ මිනිසුන්ට බණ කියලා. අනුශාසනා කරලා වැඩක් නැහැ, මිනිසුන්ට මේ වෙලාවේ ඒව තේරෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ බඩගින්නේ ඉන්න කෙනාට මුලින් ආහාර දීල ඉන්න ඕනෑ කියලා. ඒ හින්දයි මම ස්වාමීන් වහන්සේලට කියන්නේ පන්සලේ තියෙන පොල් ටික කඩලා, හාල් ටික බෙදලා ඔක්කොම මේ වෙලාවේ ගමට දෙන්න කියලා. මේක ගිලෙන්න තියෙන නැවක්. සිංහළ, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ඒකෙ ගිලෙනවා. මේ වෙලාවේ අපේ ප්‍රධාන හතුරා තමයි කොරෝනා කියන වෛරසය. ඒ හින්දා රටේ සියලුම ස්වාමීන් වහන්සේලාට මම ආරාධනය කරනවා ඔය තියෙන ජාතිවාදී, ආගම්වාදී අදහස් ඔළුවට දාගන්නේ නැතිව මේ වෙලාවේ අපේ ප්‍රධාන හතුරා බවට පත් වෙලා තියෙන කොරෝනා වෛරසයෙන් මේ රට මුදව ගන්න, මේ ජාතිය මුදව ගන්න, අපි සියලුදෙනාම නිදහස් වෙන්න අපි සියලුදෙනාම එකතු වෙලා මේ සටන කරමු කියලා.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද…?

Next Post

ARMY-NAVY-AIR FORCE එක්ව ගහපු ‘OPERATION QUARANTINE’

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.