• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද…?

April 14, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද…?
Share on WhatsAppShare on Facebook

කොවිඞ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. සුභදායී ප්‍රවෘත්තිය නම් කොවිඞ් නිසා පනස් දහසක් මියයන විට එමෙන් සිව් ගුණයක් එනම් ලක්ෂ දෙකක් රෝගය වැළඳී සුවය ලබා ඇති බවය. පසුගිය මාර්තු 10 වැනිදා කොවිඞ් ගෝලීය මාරාන්තික වසංගතයක් (Pandemic) බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මේ වසංගතය පිළිබඳ විශේෂඥ වූ ටෝමස් පූයෝ (Tomas Pueyo) මාර්තු 11 වැනිදා කොවිඞ් මර්දනය පිළිබඳව වහා කළ යුතු සිද්ධාන්තයක් ලෙස හැමර් ඇන්ඞ් ඩාන්ස් ඉදිරිපත් කළේය.
මේ වනවිට ලංකාව සිටියේ එක් රෝගියෙකු හඳුනාගෙන ඇති තත්වයකය. එය බරපතළ තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද බලධාරීහු එසේ නොසිතූහ. එක්සත් ජනපදය ක්‍රියාකළේ රෝගය පාලනයට සිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත්, රට වසා දැමීම අවශ්‍ය නොවන බවත් කියමිනි. ඉතාලිය හා ස්පාඤ්ඤය රෝගයට ගොදුරු වෙමින් සිටියේය. බි්‍රතාන්‍ය අනුගමනය කළේ රෝගය පැමිණියද තම රටේ ජනයාගේ විශිෂ්ට සෞඛ්‍ය සේවාව (NHS) හා නිරෝගී සෞඛ්‍ය තත්වය විසින් සාමූහික ප්‍රතිශක්තියක් (Herd Immunity) ඇතිවී සිය රට සති කිහිපයක් තුළ සුළු මරණ අනුපාතයකින් අර්බුදය ජය ගන්නා බව කියමිනි. රුසියාව සිය රාජ්‍ය යාන්ත්‍රණය මුවහත් කරමින් සිටියේය. ස්වීඩනය තවමත් රට වසා දමා නැත. මෙයට සූදානම් වූයේ සිංගප්පූරුව, තායිවානය, හොංකොං වැනි ආසියානු රටවල් කිහිපයක් පමණි.

එවන් තත්වයක් තුළ තෝමස් පූයෝ නිවැරදි ලෙස රෝගයේ ඝාතීය වර්ධනය පෙන්වා දුන්නේය. යම් යම් රටවල සෞඛ්‍ය පහසුකම් තත්වය (රෝහල්වල ඇඳන් කීයක් කොවිඞ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද? වෙන්ටිලේටර් කීයක් කොවිඞ් සඳහා සූදානම්ද?  ICU ඒකක කීයක් තිබේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා උපකරණවල ප්‍රමාණය ආදී) ඉක්මවා රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාව පාරවල්වල මිය යන තත්වයක් ඇතිවේ යැයි විශේෂඥයින්ගේ මතය විය. කොවිඞ් වක්‍රයට මිටි පහරක් දිය යුතු බව තෝමස් පූයෝ යෝජනා කළේ එවන් තත්වයක් තුළය.

හැමර් ඇන්ඞ් ඩාන්ස් අනුව රෝගය මර්දනය සඳහා ගතයුතු පියවර 10කි.

  1. Ro<1, – එනම් එක් රෝගියෙකුගෙන් රෝගය බෝවෙන පුද්ගලයින් ප්‍රමාණය එකකට වඩා අඩුකළ යුතුය. (දැන් මෙය 2.6කි)
  2. සමාජ දුරස්ථභාවය 80%කට වැඩියෙන් තබාගත යුතුය – රටවල් වසා දැමීමෙන්, පුද්ගලයින් නිවසට සීමා කිරීමෙන් හා අවසාන ලෙස ඇඳිරි නීතිය ආදිය පැනවීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි.
  3. නගර අතර, ජනාවාස අතර සංක්‍රමණය අවම කිරීම – ඇතැම් ගම්මාන, ජනාවාස හුදකලා කිරීම පවා අවශ්‍ය වන්නේ මේ නිසාය.
  4. ස්ථිර ආසාදිතයන් තරයේ හුදෙකලා කිරීම – කොවිඞ් ආසාදිතයන් වෙනම රෝහල් හෝ වාට්ටුවල ප්‍රතිකාර කරවීම මෙයින් අදහස් වේ.
  5. ස්පර්ෂකයින් 80%ක් සොයා ගැනීම – එක් රෝග වාහකයෙක් සොයා ගත්විට ඔහුගේ සබඳතා ජාලය සොයා ගැනීම. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණය අනුව මාර්තු 30 වැනිදා සිටියේ රෝගීන් 34 ක් වුවත්, ස්පර්ෂකයින් 1800කට වඩා සිටි බව තහවුරු වීම. සති දෙකකට කලින් වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේ රටේ 18,000කට වඩා ස්පර්ෂකයින් සිටින බවය.
  6. නිවැරදි විද්‍යානුකූල පරීක්ෂාව – අප්‍රියෙල් 01දා වන විට ශ්‍රී ලංකාව පරීක්ෂණ 3007 ක් සිදුකර රෝගීන් 148 ක් හඳුනාගෙන තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ Test, Test, Test කියාය. එනම් හැකිතාක් PCR පරීක්ෂණ සිදු කරන්නැයි කියාය. මේ පිළිබඳව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. එනම්, ශ්‍රී ලංකාව ඉතාම අඩුවෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවය. මාර්තු 26 වැනිදා වනවිට ලෝකයේ ඡක්‍ඍ පරීක්ෂණ තත්වයන් අනුව ජනගහණයෙන් දශ ලක්ෂයකට,
    ■ දකුණු කොරියාව – 7068
    ■ ජර්මනිය – 5826
    ■ එක්සත් ජනපදය – 1651
    ■ එක්සත් රාජධානිය – 1577
    ■ තායිවානය – 1211
    ■ හොංකොං – 707
    ■ මලයාසියාව – 539
    ■ වියට්නාමය – 334
    ■ ශ්‍රී ලංකාව – 87
    ■ ඉන්දියාව – 20
    ■ ඉන්දුනීසියාව – 15 (source – daily mirror)
    ලෙස විය. ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. එයට හේතුව පැහැදිලි කරදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් කොවිඞ් රෝගීන් 20%කට පමණ සාමාන්‍ය හෙම්බිරිස්සාවකින් ඔබ්බට රෝග ලක්ෂණ පහළ නොවන නිසා දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වූ අය පමණක් PCR පරීක්ෂාවට යැවීම නුවණට හුරු නැත. අනෙක් අතින් මේ සඳහා පරීක්ෂණාගාර, Testing Kit හා පරීක්ෂකයින්ද අවශ්‍ය වේ. ඒවා ප්‍රමාණවත්ව ඉදිරි සතිය තුළ සකස් කරගෙන අඩු තරමින් දිනකට පරීක්ෂාවන් 2000ක්වත් සිදුකර සියලු ස්පර්ෂකයින් ආසාදිතයින්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය අවධානය යොමුකර තිබේ.
  7. පොදු ස්ථානවල ගැවසීම පාලනය කිරීම – පාසල්, සිනමා ශාලා, උත්සව ශාලා, ආගමික ස්ථාන යනාදිය මෙයට ඇතුළත්ය. කොරියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ඉරානය හා ශ්‍රී ලංකාවේ කොවිඞ් පැතිර යෑමට එක් හේතුවක් වී ඇත්තේ විවිධ ආගමික කණ්ඩායම් සාමූහිකව යාඥා මගින් කොවිඞ් ජය ගැනීමට යෑමත් ආගමික සමුළු පැවැත්වීමත්ය. ආගම ඇදහීම ඉලෙක්ට්‍රොනික ලෙස හෝ පුද්ගලිකව සිදුකර ගැනීම කාගේත් කයට මෙන්ම සිතටද සුවදායකය. එමෙන්ම, මෙවැනි වසංගතවලදී ආගම්වල වසර දහස් ගණනකට පෙර යෝජනා කර ඇති ඇතැම් වතාවත් සිදුකළ නොහැකි බවද අප අවබෝධ කරගත යුතුය.
  8. මනා ප්‍රතිකාරය – කොවිඞ් වැළඳුනු අයගෙන් 80%කටම මතු වන්නේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක් බව විශේෂඥ මතයයි. 20%කට බරපතළ රෝග ලක්ෂණ මතුවේ. එයිනුත් 5%කට අසාධ්‍ය රෝගී තත්වයක් ඇතිවේ. තමන් වෙනත් බරපතළ රෝග තත්වයන්ගෙන් පෙළුනේ නම් හෝ තමන්ගේ ප්‍රතිශක්තිය දුර්වල නම් (වයස්ගත නම්) අසාධ්‍ය තත්වය මරණය කරා යයි.
    මෙය සරලව කිවහොත් මෙලෙසය. රටක රෝහල්වල ඇඳන් ලක්ෂයක් ඇත්නම්, එයින් 10,000ක් කොවිඞ් සඳහා වෙන්කළ හැකි නම් ඒ රටේ හඳුනාගත් රෝගීන් 50,000 ක් දක්වා සිටියද වෛද්‍ය පහසුකම් පවතී. වැදගත්ම දෙය නම්, ඒ රටේ වෙන්ටිලේටර් හෝ ෂක්‍ඹ පහසුකම, වෙනත් රෝගීන්ටද ලබාදීමෙන් පසු අඩු තරමින් 2500ක් (5%) තිබිය යුතුය. මේ සීමාවන් ඉක්මවා ගිය කල මරණ ශීඝ්‍රයෙන් සිදුවේ. දියුණු යැයි අප සිතා සිටි ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් ජනපදය, ආදියේ සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීමේ අර්බුදයයි. (ලංකාවේ රෝහල්වල ඇඳන් 90,000ක්ද, වෙන්ටිලේටර් 830ක්ද, ICU ඒකක 542ක්ද තිබෙන බව වාර්තා වේ. මෙයින් කොපමණ ප්‍රතිශතයක් කොවිඞ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද යන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ යුතුය. මන්ද, තවත් රෝගීන්ද එකී පහසුකම් ඉල්ලා සිටින නිසාය.)
    මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඇතැම් රෝගීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසා රෝහල් කාර්ය මණ්ඩල පිටින්ම නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ.
    කොවිඞ් සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටවල වෛරස් රෝග වසරකට කිහිප වතාවක් පැතිර යන අතර, වසර දහස් ගණනක සිට යොදාගත් හුමාලය ඇල්ලීම, කොත්තමල්ලි පානය වැනි සාමාන්‍ය ප්‍රතිකර්මයන්ද පවතී. ඒවායින් යම් ප්‍රතිකර්මයක් සිදුවන බව බටහිර විශේෂඥයින්ද ප්‍රකාශ කර ඇත.
  9. වරායන්, ගුවන් තොටුපළ වසා දැමීම – අපි දූපත් රාජ්‍යයකි. අපට පිටින් පුද්ගලයින් පැමිණෙන මූලිකම ස්ථානය ගුවන් තොටුපළයි. එය මුලදීම (මාර්තු 01) වසා දැම්මා නම් බොහෝ දුරට කොවිඞ් ලංකාවට වැළඳීමට ඉඩ තිබුණේ නැත. එය පසුව හෝ වසා දැමීම සුදුසු ක්‍රියාමාර්ගයකි. වරාය සහමුලින් වසා දැමිය නොහැක්කේ ආහාර හා ඖෂධ රටට ගෙන ඒම අත්‍යාවශ්‍ය නිසාය.
  10. ප්‍රතිශක්තියක් නිපදවීම – පර්යේෂණ සාර්ථක වුවහොත් ඇතැම්විට කොවිඞ්-19 වෛරසයට ප්‍රතිශක්තියක් බිහිවනු ඇත. ඇතැම් විට වෛරසය ස්වයංව වෙනස් වනු ඇත. ඇතැම්වි ට අපගේ ප්‍රතිශක්තිය මෙයට ඔරොත්තු දෙන ලෙස වර්ධනය වනු ඇත. බටහිර හෝ ශීත රටවලට වඩා කොවිඞ්වලට ඔරොත්තු දිය හැකි කායික බලය ඇත්තේ ඝර්ම කලාපීය රටවල බැව් විශ්වාස කරමි.

-පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

සාත්තර සූත්තර ‌තෝත්තර මාත්තර ‌දැන් ‌කෝ…?

Next Post

බිස්නස් හාමුදුරුවරු සහ සැබෑ හාමුදුරුවරු ගැන අජිත හිමි වදාළ සැබෑ බණ…

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.